Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
03
"අඩ නිරුවත් හෝ නිරුවත් දර්ශනයක් ඉල්ලනවා නම් ඒක කරන්නේ නැතිව ඉන්න බැහැ,මම කරනවා.." - ඩිස්නි රාජපක්ෂ

- "අඩ නිරුවත් හෝ නිරුවත් දර්ශනයක් ඉල්ලනවා නම් ඒක කරන්නේ නැතිව ඉන්න බැහැ,මම කරනවා.." - ඩිස්නි රාජපක්ෂHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

152 Views
අපේ ලංකාවේ දෙයක් තියෙනවා බොළඳ පෙම්වතියගේ චරිත කළොත් ඒ චරිතමයි ලැබෙන්නේ. නපුරු චරිත කළොත් ඒ චරිතමයි ලැබෙන්නේ. නමුත් මට එහෙම වුණේ නැහැ. මට වීර චරිත, ගැමි චරිත කරන්න ලැබුණා. බොහෝ අයට මාව හුරු බොළඳ පෙම්වතියගේ චරිතවලින්.. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් කෙටි කාලයක්. මට හොඳ නිර්මාණවල හොඳ චරිත කරන්න ලැබුණා. මම සියයට සියයක් රංගන ක්ෂේත්‍රයේ රැඳෙන කෙනෙක් නොවුණාට මම රංගනයට ගරු කරනවා. මම කරන දෙයට උපරිම මහන්සි වෙන නිසා මට වෙනස් දේවල්වලට ආරාධනා ලැබුණා. ඒවා මම තෝරා බේරාගෙන කළා.

ඩිස්නි වෙනස හොයා යන කෙනෙක්ද?
මම වෙනස් චරිත කරන්න කැමැතියි. හැබැයි මම චරිතවලට ආසාවෙන් විතරක් නිර්මාණවලට යන්නේ නැහැ. පිටපත කොයි වගේද අධ්‍යක්ෂවරයා කවුද කියන දේ මම බලනවා. මේ නාට්‍යයේදී වුණත් නාමල් ජයසිංහගෙ පිටපතක් කියන දේ නාට්‍ය තෝරාගන්න බලපෑවා. පිටපතක් ලැබුණම මම ක්ෂේත්‍රයේ ළඟින්ම ඇසුරු කරන අයගෙන් අහලා, එයාලා එක්කත් කතා කරලා තමයි බාරගන්නේ. මම හරිම පරිස්සමින් මේ ගමන යන්නේ. ප්‍රසිද්ධියට නෙමෙයි. මගේ තෘප්තිය ගැන හිතලා ප්‍රේක්ෂකයන් අතරට හොඳ නිර්මාණයකින් එන්න තමයි මට අවශ්‍ය.

ප්‍රවීණයන්ගෙන් තරුණ පිරිසට චෝදනා තියෙනවා වගේම ඇතැම් නවක ශිල්පීන් ප්‍රවිණයන්ගෙන් එන කැපිලි ගැන කතා වෙනවා. ඒ වුණාට ඩිස්නිට ඒ වගේ ප්‍රශ්න ඇවිත් නැද්ද?
මගේ රංගන ජීවිතයේ මට කවදාවත් එහෙම වෙලා නැහැ. මගේ අම්මයි, තාත්තයි මාව හොඳට හදලා තියෙනවා. විදේශ රටවල ඉගෙන ගත්තත් වැඩිහිටියන්ට ගරු කරන්න මම දන්නවා. මම සාමාන්‍යයෙන් දර්ශන තලයකට ගියාම ලොකුවට කතා බහ කර කර ඉන්න කෙනෙක් නෙමෙයි. මට විවේකයක් ලැබුණු ගමන් දර්ශන තලයේ ප්‍රවීණයෙක් ඉන්නවා නම් ඔහුත් එක්ක කතා කරනවා. ඔවුන් එක්ක කතා කරන වචන තුන හතරෙන් වුණත් අපිට ගන්න දෙයක් තියෙනවා. මම ඒකට හරි කැමැතියි. ප්‍රවීණයන්ගෙන් නම් මට කැපිලි ඇවිත් නැහැ. ප්‍රශ්න ඇවිත් නැහැ.

එහෙමනම් සම වයසේ අයගෙන් ඒ වගේ ප්‍රශ්න ඇවිත් තියෙනවද?
එහෙම කැපිලි තියෙනවද මම දන්නේ නැහැ. මම ඒ මොහොතේ හම්බෙන කෙනා එක්ක කතා කරනවා. ඊට පස්සේ එයාලත් එක්ක පාටිවලට යන්න මට වෙලාවක් නැහැ. මට එයාලා එක්ක වැඩිපුර ගැටෙන්න වෙන්නේ නැති නිසා මට ප්‍රශ්න අඩුයි. මම කා ගැනවත් හොයන්න යන්නේ නෑ. කවුරු හරි මට මඩ ගහනවා කියලා කෙනෙක් කියන්න ආවත් මම ගණන් ගන්නේ නැහැ. මම මගේ පාඩුවේ ඉන්නේ.

ඩිස්නිට ක්ෂේත්‍රයේ යාළු මිත්‍රයෝ අඩුයිද?
මට යහළුවෝ කිහිප දෙනෙක් ඉන්නවා. දසුන් පතිරණ, සූර්යා දයා රුවන්, සංගීත් ප්‍රභූ තමයි මගෙ හොඳම යාළුවෝ. පිටපතක් ලැබුණත් මම දසුන් එක්ක සාකච්ඡා කරනවා. මම පවිත්‍රා වික්‍රමසිංහ කියන ප්‍රවීණ ශිල්පිනියටත් ආදරෙයි. ඒ වගේම අමිත්ත සංජය වීරසේකර සර් මගේ හොඳම යාළුවෙක් වගේ. ඔහුත් සුන්දර මනුස්සයෙක්. බොහෝ දේවල් කියලා දෙනවා. සමනලි අක්කාගෙන් බොහෝ දේවල් දැන ගන්නවා. මේ අය තමයි මගේ යාළුවෝ. මේ අය මට නිර්මාණවල නිතර හමුවුණ අය. ඉතිං මට වෙන ලොකුවට මේ ක්ෂේත්‍රයේ යාළුවෝ නැහැ.

ඩිස්නි ජයප්‍රියත්වයට තරග කරන කෙනෙක් නෙමෙයිද?
මම ජනප්‍රියත්වයට ආසයි. හැබැයි මම ඒ වෙනුවෙන් බලෙන් මුකුත් කරන්න කැමැති නැහැ. මම මේ යන ගමනෙදි ප්‍රේක්ෂකයන් මට ආදරය වෙනවට මම කැමැතියි. හැබැයි මම ජනප්‍රිය රැල්ල පස්සේ බලෙන් දුවන්නේ නැහැ. එහෙම ගියා නම් මම නිර්මාණ ගොඩක රඟපාලා. මම සාමාන්‍යයෙන් සමාජ මාධ්‍යවල වුණත් වැඩිපුර ක්‍රියාකාරී නැහැ. ඒ ජනප්‍රියත්වයට තරගයක් මට නැති නිසා වෙන්න ඇති.

ඩිස්නි මේ වෙනකොට ජනප්‍රියත්වයේ ඉන්න කෙනෙක්ද?
ඔව්. මට ඒකට සාධක හමුවෙලා තියෙනවා. මට ආදරය කරන පිරිසක් ඉන්නවා කියලා මට දැනිලා තියෙනවා. ලැබෙන ප්‍රතිචාරවලින් ඒක මට තේරෙනවා. මම දක්ෂ ලෙස රඟපානවා කියලා බොහෝ දෙනා කියනවා. මම මහා දක්ෂයි කියලා මම හිතනවා නෙමෙයි. නමුත් ප්‍රේක්ෂකයන් ලබාදෙන ප්‍රතිචාරවලින් ඔවුන් මට දක්වන ආදරය මට දැනෙනවා.

ඩිස්නි වෙනත් වෘත්තියක නියැළෙනවානේ. ඒ ගැනත් කියමු?
මම අන්තර්ජාතික පාසලක් පවත්වාගෙන යනවා. මම ගුරුවරුන්ව පුහුණු කරනවා. දරුවන්ට පොත් ලියනවා. ඒ පොත්වල චිත්‍ර අඳින්නෙත් මම. මම හුදෙකලාවට ගොඩක් කැමැතියි. පොඩි දරුවෝ තමයි කොහෙ හරි ගියත් මගේ යාළුවෝ වෙන්නේ.

ඩිස්නිට ආයෙත් විදේශගත වෙන්න අදහසක් තියෙනවාද?
මම අධ්‍යාපන කටයුතු ඉවර කරලා ලංකාවට ආවේ. මගේ මාස්ටර් එකේ වැඩවලට ආයෙත් විදේශගත වෙන්න සිද්ධවෙනවා. ලබන අවුරුද්දේ විතර විදේශගත වෙන්න හිතාගෙන ඉන්නේ බලමු.

එතකොට රංගනයෙන් අෑත් වෙයිද?
නැහැ. ඒක රංගනයට ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට මම චිත්‍රපටවලට මුල් තැනක් දෙන්න හිතාගෙන ඉන්නවා. චිත්‍රපටයකට ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ. විදේශගත වුණත් කලාව සෑහෙන කාලයකට අතහරින එකක් නැහැ.

ඩිස්නිගේ වැඩි කැමැත්ත සිනමාවටද? පුංචි තිරයටද?
වැඩි කැමැත්ත තියෙන්නේ සිනමාවට. දැන් දැන් පුංචි තිරයෙත් උසස් නිර්මාණ සිදුවෙනවා. ඒ නිසා පුංචි තිරයටත් කැමැතියි.

පසුගිය කාලයේ චිත්‍රපට කිහිපයකටත් එකතු වුණා නේද?
ඔව්. මම චිත්‍රපට තුනකට සම්බන්ධ වුණා. සුදේශ් වසන්ත පීරිස් මහත්තයාගේ "සීරුවෙන්" කියන චිත්‍රපටයේ, සංජය නිර්මාල් අයියා අධ්‍යක්ෂණය කළ "ආලේ කොරෝනා" චිත්‍රපටයේ සහ ප්‍රසන්න විතානගේ මහත්තයා අධ්‍යක්ෂණය කළ "ගාඩි" චිත්‍රපටයට මම සම්බන්ධ වුණා.

සිනමාවෙත් තෝරා ගැනීම් එක්කද වැඩ?
ඔව්. හැබැයි සමහර වෙලාවට තෝරා ගැනීමුත් කරලා ඒවා හිතපු විධියට වුණේ නැති නිර්මාණත් තියෙනවා. ඒ වගේ දේවල් ගැන නම් හිතට වේදනයි. ඇයි එහෙම වුණේ කියලා පසුතැවීමක් තියෙනවා. ඉදිරියේදී ඒ වැරැදි හදාගෙන ඊටත් වඩා කල්පනාකාරීව, තෝරා ගැනීමක්් එක්ක නිර්මාණ කරන්න බලනවා.

නිර්මාණයක් වෙනුවෙන් අඩ නිරුවත් වෙන්න වුණොත් ඔබ එය භාර ගන්නවාද? ඒ වගේ කැප කිරීමක් ඔබ කරනවද?
ඉතාම විශිෂ්ට නිර්මාණයක අඩ නිරුවත් හෝ නිරුවත් දර්ශනයක් ඒ කෘතියෙන් ඉල්ලා සිටිනවා නම් ඒක කරන්නේ නැතිව ඉන්න බැහැ. ඒ කෘතියෙන් ඉල්ලා සිටිනවා නම් ඒක කරනවා. හැබැයි ඒක කොයි වගේ නිර්මාණයක්ද බලනවා. ඒ අනුව තමයි කැපකිරීම කරන්නේ. සමහර අධ්‍යක්ෂවරු ඉන්නවා නිළියකගේ නිරුවත, අඩ නිරුවත මාකට් කරන. මම ඒවට දැඩි සේ විරුද්ධයි. කෘතිය විසින් ඉල්ලා සිටින දෙයක් මම කරනවා. එහෙම කරන්න බැරි නම් මම වැඩේ භාරගන්නේ නැහැ.

හැබැයි ඒ වගේ දෙයක් කළොත් විවේචන වැඩියි. ඒවට ඩිස්නිට මුහුණ දෙන්න පුළුවන්ද?
සම්භාව්‍ය නිර්මාණයක අඩ නිරුවත් හෝ නිරුවත් චරිතයක් කරන්න රංගන ශිල්පිනියක් කැමැති වෙනවා නම් අපි ඒකට ගෞරව කරන්න ඕනේ. ඒ චරිත කවුරු හරි කරන්න ඕනෙනෙ. කලාකාරිනියක් කියන්නේ අපිට අයිති කෙනෙක් නෙමෙයි. කලාකාරිනියක් තමන්ගේ දෙයට නෙමෙයි නිර්මාණයට තැන දෙන්නේ. කලාකරුවෙක්, කලාකාරිනියක් අයිති සමාජයට. උසස් රසාස්වාදයක් ලබාදෙන්න අපි කැපවෙන්නේ. අපි කරන්නේ හොඳ දෙයක් නම් බය වෙන්න දෙයක් නැහැ. මම අගයද්දි ලොකුවට සතුටු වෙන්නේවත් බනිද්දී ලොකුවට දුක් වෙන්නේවත් නැහැ. මගේ අම්මයි තාත්තයි මම රංගනයට එනවට කැමැති වුණේ නැහැ. මට හොඳ නිර්මාණ කරන්න වුවමනාවක් තියෙන්නේ. අඩ නිරුවත්, නිරුවත් දර්ශනයක් කළොත් ඒක ලංකාවේ අය කොහොම භාර ගනියිද මම දන්නේ නැහැ. ඒත් මම නිර්මාණයක් භාරගත්තොත් නිර්මාණය ඉල්ලා සිටින දේ කරනවා. හැබැයි මම පසු තැවෙන්න වැඩ කරන්නේ නැහැ.

සමහර රංගන ශිල්පිනියන්ට අධ්‍යක්ෂවරුන්ගෙන් අයුතු යෝජනා එනවලු. ඩිස්නිට ඒවගේ ප්‍රශ්න ඇවිත් නැද්ද?
මට තවම එහෙම දයකට මුහුණ දෙන්න වෙලා නැහැ. මට කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ සුන්දර අධ්‍යක්ෂවරු යටතේ වැඩ කරන්න ලැබුණා. මම අධ්‍යක්ෂවරු පස්සේ ගිහින් වැඩ ඉල්ලගෙන නැහැ. මට හොඳ නිර්මාණ ලැබුණා. මට හොඳ පවුල් පසුබිමක් තියෙනවා. අපි කෙනෙක්ට ගෞරව කළාම ඒ අය අපිව වෙන දේවල්වලට පාවිච්චි කරන්නේ නැහැ. විනයානුකූලව ඉන්න දන්නේ නැති වුණාම ප්‍රශ්න එන්නේ. අධ්‍යක්ෂවරයෙක්ගෙන් බලපෑමක් එනවා නම් ඒක මගේ පෞරුෂයේ අඩුවක් විදිහට මම දකින්නේ. මගේ පිනක් ඇති මට ප්‍රශ්න වෙලා නැහැ.

ඩිස්නි දැන් පෙම්වතියක් නේද? පෙම්වතා ගැනත් කියමු?
මට ආදරය කරන්න කෙනෙක් ඉන්නවා. ඔහු මට හොඳ සහයෝගයක් දෙන මාව විශ්වාස කරන කෙනෙක්. මගේ රංගන ජීවිතයට ඔහු සහයෝගයක් දෙනවා. ඒ සහයත් එක්ක මම මේ දුර ආවේ. මගේ රංගනයට ඔහුත් ඇස්වල කඳුළු පුරවාගෙන සතුටු වෙලා තියෙනවා. ඔහු කවුද කියලා පස්සේ කියන්නම්. දැනට ඔහු ක්ෂේත්‍රයේ කෙනෙක් නෙමෙයි කියන දේ කියන්නම්.

විවාහය ගැන තීන්දුවක් තවම අරගෙන නැද්ද?
ඒකට තව ටික කාලයක් ඕනේ. මම කලාවට ආදරෙයි. මම හිතනවා තව කාලයක් අවිවාහකව ඉන්න එක හොඳයි කියලා. ඒ නිසා විවාහයට තව කල් ගන්නවා. ඔහුත් හරිම අවබෝධයකින් ඉන්න නිසා අපි ඒ තීරණයේ ඉන්නේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම - හදගැස්ම



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top