Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
02
මිනිසුන්ට අමානුෂික වදහිංසා පමුණුවමින් සතුටු වූ, විකෘති මානසිකත්වයකින් යුතු සුරූපී ගැහැනියක් ගැන ඇදහිය නොහැකි කතාවක් - Photos

- මිනිසුන්ට අමානුෂික වදහිංසා පමුණුවමින් සතුටු වූ, විකෘති මානසිකත්වයකින් යුතු සුරූපී ගැහැනියක් ගැන ඇදහිය නොහැකි කතාවක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,380 Views
“එල්ල මරා දමන්නට මොහොතකට පෙරත් ඇය ගී ගයා සතුටු වුනා..”
 
“එක් අතක පිස්තෝලයක් සහ අනෙක් අත කසයක්, කිසිදාක ඉලක්කය වැරැද්දුවේ නැහැ...”
 
“සිරකරුවන්ට ලිංගික සමච්චල් කළ ‘නිම්ෆෝමියානියෙකු’ ලෙස හැඳින්වූ ඇගේ කතාව..”
 
කාන්තාවක් කී සැණින් නැගෙන අනන්යතාව බෙහෙවින් සුන්දර වූත්, සංවේදී හදවතක් ඇති කාරුණිකත්වයයි. සැබැවින්ම ඇය ලස්සනය. එහෙත් අතිශය කෲර හදවතක් ඇත්තියක් යැයි කිවහොත් එයද නිවැරැදිය.
 
1930 වසරේ ජර්මනියේ උපත ලද ‘‘ඉර්මා ගරිස්ගේ ගේ පියා ‘‘ඇල්පරඞ් ගිරස්’’ පරබල නාසි විරෝධී පුද්ගලයෙකු විය. උපතින් ගොවි පවුලක වුවත් ඉර්මා බාල කාලයේ පටන්ම ස්වභාවයෙන්ම දරුණු සිත් ඇති දැරියක් වූවාය.
 
ඇයට බාල පවුලේ සහෝදර පිරිස 4 කි. කුඩා කාලයේ පටන්ම ඉර්මාට ඉගෙනුම් කටයුතු වෙනුවෙන් කිසිදු උනන්දුවක් වූයේද නැත.

සමහර විට මේ සියල්ල සිදු වෙන්නට ඇත්තේ දෛවෝපගත ලෙසින් විය හැකියි.
 
ඇයට වයස අවුරුදු 13 ක් වෙත්ම ඉර්මාගේ මව සිය දිවි නසා ගත් හෙයින් ඇය තවත් අසරණ වූවාය.
 
උසස් විද්යාවන් කෙරෙහි කිසිදු ඇල්මක් නොවූ නිසා ඉර්මා පාසලෙන් ඉවත් වූවාය.
 
මේ වෙන ඇගේ පියා ඇල්පරඞ් එන්. එස්. ඞී. ඒ. පී. සංවිධානයට සම්බන්ධව සිටි අතර ඉර්මා හිට්ලර් යෞවනයේ කාන්තා බළකායේ හෙදියක ලෙසින් සේවයට සම්බන්ධ වූවාය.
 
එහෙත් ඇය හෙද සේවය වෙනුවෙන් සාර්ථක චරිතයක් නොවීය. මානව දයාවක් නොමැති සහ තෙතමනයක් හිතක නැති අමානුෂික කාන්තාවක් වෙුනවෙන් සත්ය වශයෙන්ම මෙම චරිතය සුදුසු නොවීම අරුමයක්ද නොවන්නේය. ඒ නිසා ඉර්මා මෙම රෝහලේ යන්තර කිරයාකරවන්නියක ලෙසින් මාරු කරන ලදී.
 
මේ අතර 1942 වසරේදී ඉර්මා එස්. එස්. සේවයට සම්බන්ධ වූයේ පියාගේ දැඩි විරෝධය පවා නොතකමින්ය. ‘‘රුවන්ස්බර්ක්’’ හි පුහුණු කාලසීමාව සති හතරක් වුණත් ඇය සති තුනක කාලයකින් එම පුහුණුව සාර්ථක ලෙසින් අවසාන කිරීමට සමත් වූවාය.
 
ඇගේ කුරිරු හැසිරීම නිසාම ඇය ‘‘ඔස්විට්ස්හි’’ පිහිටි සිරකඳවුරට යවන ලදී. එහිදී ඇය සේවය කළේ කාන්තා රැඳවියන් භාර නිලධාරිනිය ලෙසයි.
 
මේ වෙන විට කඳවුරේ කාන්තා රැඳවියන් 30,000 ක් පමණ වූහ. සිරකරුවන් වෙනුවෙන් පනවන ලද දැඩි වධ බන්ධන කරියාත්මක කිරීමේදී ඉර්මා තරම් කිසිවෙකුත් දක්ෂ නොවුණ නිසා ඇය මෙම කඳවුරේ අධ්යක්ෂ තනතුර උසස් කිරීමට එතරම් කාලයක් ගත නොවීය.
 
ඇය නිතරම බර බූට් සපත්තු යුගලක් පැළඳ සිටි අතර හිසකෙස් රන්වන් පැහැයෙන් යුක්ත අතර දෙනෙත් නිල් පැහැයෙන් දීප්තිමත් විය. එක් අතක පිස්තෝලයක් සහ අනෙක් අත කසයකි. හදිසියේ හෝ සිරකරුවෙකු ගිමන් හරිනු දුටුවොත් ඉර්මාගෙන් ලැබෙන කසපහර වැරදුනේ නැත.
 
ඇය කාන්තාවන්ට වෙඩි තැබීමේදී කිසිම දිනක ඉලක්කය වැරදුවේ නැත. දඩයම් බල්ලන් දින ගණනාවක් කුසගින්නේ තබා සිර කඳවුර වෙතට මුදා හැරියේ සිරකරුවන් දරුණු ලෙසින් හපා කෑමටයි.
 
සිරකරුවන් ඉර්මා හඳුන්වන ලද්දේ ‘‘ලස්සන මෘගයෙක්’’ ලෙයසි. සිරකරුවන්ට ලිංගික සමච්චල් කළ ‘‘නිම්ෆෝමියානියෙකු’’ ලෙසින්ද ඉර්මා මෙම සිරකඳවුරේ පරසිද්ධිය ලබා සිටියාය. මේ නිසාම ජර්මානු කාර්ය මණ්ඩලයේ ඇය වෙනුවෙන් විශාල ඉල්ලූමක් තිබූ අතර වරක් ඉර්මා ගබ්සාවක්ද කර ගත් බැව් වාර්තා වේ.
 
ඉර්මා යනු මිනිසුන් වේදනාවට පත් කොට සතුටට පත් වීමේ විකෘති මානසිකත්වයකින් යුක්ත කාන්තාවක් වූවාය.
මේ නිසාම ඇය වධකාගාරයේ සිටි වෛද්යවරියක වූ ‘‘ගිසෙල්ලා පර්ල්’’ ගේ සායනික ශල්ය කර්ම වෙනුවෙන් රෝගීන් සැපයූ අතර ඔවුන් නිර්වින්දනය නොකරම විවිධ පරීක්ෂණ වෙනුවෙන් යොදා ගත් අතර ඉර්මා එයින්ද ලැබුයේ අමානුෂික තෘප්තියකි.
 
1945 වසරේදී ඉර්මා බර්ගන්-බෙල්සන් වධකාගාරයට මාරු කර යවන ලදී. එහිදී ඇගේ ජනපිරය දඬුවම් කරමය වූයේ සිරකරුවන් වැලි මත දණ ගස්වා හිසට විශාල ගල් කුට්ටියක් රඳවා තැබීමයි. දැඩි හිමපතනය සිදු වෙන කාලවලදී ඔවුන් එළිමහනේ සිටුවා තබන ලදී.
 
කෙසේ වුණත් මේ ආමානුෂික පාලිකාවට දිගින් දිගටම සිය කෲරකම් කිරයාත්මක කිරීමට ඉඩ ලැබුණේ නැත. දෙවැනි ලෝක යුද්ධය ජර්මානුවන්ට අවාසි සහගත විය. 1945 වසරේ අපේරල් මාසයේදී බිරතාන්ය සොල්දාදුවන් විසින් ඇය අත්අඩංගුවට ලත් අතර බෙල්ගන් යුද අපරාධ නඩුවේ 9 වැනි වගන්තිය යටතේ ඇය වරදකාරිය බවට පරකාශ විය.
 
එහෙත් ඉර්මාට මේ වෙනුවෙන් අභියාචනා කිරීමට ඉඩක් තිබුණි. ඒ ඇය මේ සියලූ කෲර වධ හිංසන පමුනුවනු ලැබුවේ පරිපාලකයන්ගේ අණක් නිසා මෙන්ම රට වෙනුවෙන් වූ සේවයක් ලෙසින්ය.
 
එහෙත් ඉර්මා සමාව වෙනුවෙන් කෙළ බිඳක්වත් වැය කළේ නැත. තීන්දුව ඉදිරියේ නොසැලී සිටියාය. මරණ දඬුවම කරියාත්මක වීමට පෙර දිනයේ ඉර්මා ඇගේ තවත් කෲර මිතුරියක වූ ‘‘එලිසබෙත් වොල්කෙන්රාත්’’ සමග එක්ව ගී ගයමින් සතුටු වූවාය.
 
1945 වසරේ දෙසැම්බර් 13 වැනි දින විසි දෙහැවිරිදි වියේ පසු වුණ ඉර්මා ගිරස් එල්ලා මරණයට පත් කරන ලදී. මේ වෙන විට මරණ දඬුවම ලැබූ ළාබාලතම නාසි අපරාධකාරිය ඇයයි.

පුන්යා චාන්දනි ද සිල්වා
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "දිවයින" පුවත්පතෙන්...


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top