Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
02
“...මේ තාක් එහෙම දේවල් දැනිලා නෑ. මගේ මූණට නොවෙන දේවල් මට අදාළ නැහැනෙ. කැපිලි කෙටිලි හොය හොයා ඉන්නවට වැඩිය තමන්ගේ පාඩුවේ ඉන්නවා..” - ශාලිකා එදිරිසිංහ - Photos

- “...මේ තාක් එහෙම දේවල් දැනිලා නෑ. මගේ මූණට නොවෙන දේවල් මට අදාළ නැහැනෙ. කැපිලි කෙටිලි හොය හොයා ඉන්නවට වැඩිය තමන්ගේ පාඩුවේ ඉන්නවා..” - ශාලිකා එදිරිසිංහ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,750 Views
“...ඒවා හොයන්නේ නෑ.. අනවශ්ය දේවල් මම ජීවිතේට ළං කර ගන්නෙ නෑ...”
 
“ආගමට දහමට ලැදි මාව ආදරෙන් රැකබලා ගන්න ප්රිය මනාප කෙනෙක්..”
 
“මම ලොකු නිළියක් නෙමෙයි. ඒත් රංගනය කියන්නෙ මගේ රැකියාව...”
 
පුංචි කාලෙ ඉඳලා වේදිකාවට පෙම් බැඳපු ඇයට වේදිකාවට ගොඩ වෙන්න සරසවි මෑණියන්ගෙන් වරම් ලැබෙනවා. ඒ මත දක්වපු දක්ෂතා නිසාම තමයි පසු කාලෙක පුංචි තිරයටත් ආරාධනා ගලාගෙන එන්නෙ.
 
ඒ ආරාධනා තුළ හැමදාමත් කතාබහට ලක්වෙන චරිත-වලට පණ දෙන්න වාසනාව හිමිකර ගත්තු ශාලිකා එදිරිසිංහ ගැනයි මේ.....................

ශාලිකාට එදා තරම් අද නිර්මාණවලට ආරාධනා නැහැ නේද?
වැඩියෙන් නිර්මාණ කෙරෙද්දී ආරාධනා ලැබෙනවා වගේම අඩුවෙන් කෙරෙද්දි ආරාධනා නොලැබෙන තත්ත්වයක් තියෙනවා. ඒක මේ මට විතරක් බලපාන තත්ත්වයක් නෙමෙයි. ආරාධනාවක් ලැබුණත් මම ඒක හිතට එකඟව කරන්න පුළුවන්ද කියලා තෝරලා බේරලා තමයි භාර ගන්නෙ. මොකද ඒ තුළ තමයි, පේරක්ෂකයෝ තුළ අපි ගැන විශ්වාසයක් ගොඩනැෙඟන්නෙ මේ නළුව එහෙමත් නැත්නම් මේ නිළිය ඉන්නවා නම් නාට්යය හොඳ වෙයි කියලා.
 
ක්ෂේතරයට ඇවිත් කාලයක් ගත වුණත් පරධාන චරිත අතරෙ රැඳෙන්න වරම් ලැබුණෙ අඩුවෙන් නේද?
මම පරධාන චරිත මෙහෙයවපු අවස්ථා තියෙනවා. පරධාන චරිතම ලැබිය යුතුයි කියන තැන මම නැහැ. මොකද සමහර නිර්මාණවල පරධාන චරිතෙට වඩා උප පරධාන චරිතය හරහා යමක් කරන්න හැකියාව ලැබෙනවා. හැම වෙලාවකම මගේ කැමැත්ත අභියෝගාත්මක චරිත හරහා පේරක්ෂක පරතිචාර හිමිකර ගන්න එකයි.
 
පුංචි පුංචි චරිතවලට පණ පොවලා සාර්ථක රංගන ශිල්පිනියක් වෙන්න පුළුවන් කියලා ශාලිකා හිතනවද?
පළවෙනි නාට්යයේ ඉඳලා මට නම් ලැබුණේ මගේ චරිතය නාට්යය පුරා දිවයන නිර්මාණ. පුංචි චරිත හරහා ඇවිත් පරවීණත්වයට පත් වුණ රංගන ශිල්පීන් වගේම ශිල්පිනියන් ඕන තරම් ඉන්නවා. රංගනයට දක්ෂ නම් ඉහළ තලයට යන්න පුංචි චරිතයක් හොඳටම පරමාණවත්.
 
රධාන චරිත නොලැබෙනවා කියන්නෙ ඔබේ උපරිමය අධ්යක්ෂවරු ගත්තෙ නැහැ කියන එක නේද?
මම හිතන්නෙ අධ්යක්ෂවරයෙක් චරිතයකට කෙනෙක්ව නිකම්ම තෝරා ගන්නෙ නෑ. ඊළඟට චරිතයක් භාර ගත්තම අපි ඒ සඳහා උපරිම ලෙස කැප කිරීම කරනවා. අදාළ නිර්මාණය ටෙලිකාස්ට් වෙද්දී ලැබෙන පරතිචාර අනුව තීරණය කරන්න පුළුවන් අපි උපරිමය කරලද කියලා එහෙම නම් ඒ අධ්යක්ෂවරයා අපෙන් ගත්තු- හැකියාව තමයි ඒ.
 
හැකියාවට අනුව චරිත නොලැබෙන්නේ ක්ෂේතරය තුළ පවතින කැපිලි කෙටිලි නිසා වෙන්න බැරිද?
මට නම් මේ තාක් එහෙම දේවල් දැනිලා නෑ. මගේ මූණට නොවෙන දේවල් මට අදාළ නැහැනෙ. කැපිලි කෙටිලි තියෙනවද කියලා හොය හොයා ඉන්නවට වැඩිය තමන්ගේ පාඩුවේ පැවරෙන දේ කරලා ඉන්නවා ඇරෙන්න අනවශ්ය දේවල් මම ජීවිතේට ළං කර ගන්නෙ නෑ.
 
නිර්මාණයකට ආරාධනා ලැබුණම වැඩි තැනක් දෙන්නෙ චරිතය තමන්ට ගැලපෙන බව හොයලා බලන්න ද ලැබෙන ගාස්තුව පරමාණවත් ද කියලා බලන්නද?
මුලින්ම කතාව මොකද්ද කියලා මම ඒ අයගෙන් අහනවා. ඊළඟට මට ලැබෙන චරිතය මොන වගේද ඒක මට හිතට එකඟව ඉදිරිපත් කරන්න පුළුවන්ද වගේ කාරණා බොහොමයක් ගැන හිතන්න වෙනවා. ඒ හා සමානව රංගනය වෙනුවෙන් මට ලැබෙන ගාස්තුව ගැනත් මම සැලකිලිමත්. මම ලොකු නිළියක් නෙමෙයි. ඒත් රංගනය කියන්නෙ මගේ රැකියාව. එයින් ලැබෙන දේ මට ජීවත් වෙන්න පරමාණවත් විය යුතුයි.
 
මෙහෙම ගිහින් සැබෑ ජීවිතයේදි ශාලිකාගෙ තේරීමත් එහෙමම වෙයිද?
අනේ නෑ. මනුස්සකම තියෙන පොළොවෙ පය ගහලා ඉන්න ආගමට දහමට ලැදි මාව ආදරෙන් රැකබලා ගන්න සරල ගතිපැවතුම් තියෙන පිරය මනාප කෙනෙක් හිටියම හොඳටම ඇති.
 
තවම එහෙම කෙනෙක් හමුවුණේ නැහැ කියලද කියන්නෙ.
ඔව්නෙ. හමුවුණා නම් මම මෙලහටත් මැරි කරලනෙ.
 
තනිකඩ ජීවිතේට සමුදීලා එකලාසයක් වෙන්න කියලා අම්මා තාත්තාගෙන් බලපෑම් නැද්ද?
අම්මෝ ඒ බලපෑම ඉහටත් උඩින්. අම්මා තමයි වැඩියෙන්ම.
 
මේ හැමදේම අතරේ ශාලිකා මොන වගේද කියලා ශාලිකාම අපිට කිව්වොත්?
අම්මා තාත්තට ගරු කරන ඒ දෙන්න මගේ ජීවිතේ කර ගත්තු ආගමට දහමට ලැදි හැමෝටම ආදරේ කරමින් සුහදශීලීව ඉන්න කැමැති අහිංසක කෙල්ලක්.
 
ධම්මික හේවාවසම් විසින් දිවයින පුවත්පතේ මීවිත අතිරේකයට ලියූවකි..


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top