එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,816 දක්වා ඉහළ ගියා.
එමෙන්ම තවත් කොරෝනා ආසාදිතයන් 75 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් නික්මී තිබෙනවා.
කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රැඳවියන් 64 දෙනෙකු, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රෝගීන් 4 දෙනෙකු සහ වැලිකන්ද මූලික රෝහලේ ආසාදිතයන් හතරදෙනෙකු මෙන්ම මිනුවන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ කොරෝනා ආසාදිතයන් තුන්දෙනෙකු මෙලෙස අද රෝහලෙන් නික්මුණා.
ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 291ක් වන අතර සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 2514ක්.