Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
02
"කොවිඩ් ආසාදිත මවකට උපන් දරුවාට කොරෝනා නැහැ" - මෙරට කොරෝනා රෝගීන් ගැන සෞඛ්‍ය අමාත්‍යංශය කියු දේ

- "කොවිඩ් ආසාදිත මවකට උපන් දරුවාට කොරෝනා නැහැ" - මෙරට කොරෝනා රෝගීන් ගැන සෞඛ්‍ය අමාත්‍යංශය කියු දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

756 Views
කොවිඩ් 19 ආසාදිත මවකට මුල්ලේරියාවේ පිහිටි නැගෙනහිර කොළඹ මූලික රෝහලේදී පසුගිය සිකුරාදා බිහිවූ දරුවාට කොරෝනා ආසාදිත වී නොමැති බව වෛද්‍යවරුන් අද තහවුරු කළා.
 
මේ අතර, අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයන් 54,735 ක් හඳුනාගෙන තිබෙනවා.
 
ඒ අනුව එරට සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 17 ලක්ෂ 50,723 දක්වා ඉහළ යනවා.

මේ වසරේ ජනවාරි මාසයේ කේරළයෙන් පළමු ආසාදිතයා හඳුනාගැනීමෙන් අනතුරුව ඉන්දියාවේ ආසාදිත සංඛ්‍යාව 17 ලක්ෂය ඉක්මවූයේ දින 185කින්. ගතවූ පැය 24 තුළ නැවතත් වාර්තාගත ලෙස මරණ 823 ක් සටහන්වීමත් සමඟ ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 37,364 දක්වා ඉහළ යනවා.
 
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එරට කොරෝනා ආසාදිතයන් 11 ලක්ෂ 45,000 ක් සුවය ලබා ඇති අතර, එලෙස සුවය ලැබීමේ අනුපාතය සියයට 65 ඉක්මවන බවයි.
 
එමෙන්ම, ගතවු පැය 24 තුළ ඇමරිකාවෙන්ද කොරෝනා වෛරස් ආසාදිතයන් 61,262ක් වාර්තාවී ඇති අතර, එරටින් 60,000 ඉක්මවු නව ආසාදිතයන් මෙලෙස වාර්තාවන්නේ අඛන්ඩ 5 වන දිනටයි.
 
එමෙන්ම ගතවූ පැය 24 තුළ ඇමරිකාවේ පුද්ගලයන් 1,051 ක් කොරෝනා ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
ඒ අනුව ඇමරිකාවේ කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 47 ලක්ෂ 64,000 ඉක්මවන අතර, එරට කොරෝනා මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 57,898 ක්.
 
මේ අතර  ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයන් 671 දෙනෙකු සහ මරණ 7ක් ගතවූ පැය 24 තුළ වාර්තාවීමත් සමඟ අද පස්වරු හයේ සිට එහි ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
 
ඊට අමතරව මෙල්බර්න් නුවර රාත්‍රී අටේ සිට ඇඳිරි නීතිය පනවන බවද වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කළා.
 
 ලොව පුරා කොරෝනා වෛස් ආසාදිතයන් සංඛ්‍යාවද අද මිලියන 18 ඉක්මවූ අතර, මේ වනවිට එම සංඛ්‍යාව සටහන් වන්නේ එක්කෝටි 80 ලක්ෂ 23,614 ක් ලෙසයි.
 
එමෙන්ම ලොව පුරා කොරෝනා මරණ හයලක්ෂ 88,941 ක් මේ වනවිට වාර්තාවී තිබෙනවා.
 
මේ අතර මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී රුසියාව පුරා කොරෝනා වෛරසයට එරෙහි එන්නත් වැඩසටහනක් දියත් කරන බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
 
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මුළින්ම වෛද්‍යවරුන් සහ ගුරුවරුන්ට මෙම එන්නත ලබාදෙන බවයි.
 
කොවිඩ් 19 වෛරසයට එරෙහිව රුසියාව සංවර්ධනය කළ එන්නතට මේ මාසය තුළ එරට ඖෂධ නියාමනයේ අනුමැතිය හිමිවනු ඇතැයි අපේක්ෂිතයි.
 
කෙසේ නමුත් කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් රුසියාව විසින් අධිවේගීව නිෂ්පාදනය කිරීම ගැන ඇතැම් රටවල් සැක පළ කරනවා.
 
ඇමරිකානු වසංගත රෝග පාලන අංශයේ ප්‍රධානී වෛද්‍ය ඇන්තනි ෆවුචි ප්‍රකාශ කළේ රුසියාව සහ චීනය නිසි පරීක්ෂාවලින් තොරව කොරෝනා එන්නතක් බහුතර ජනතාවට ලබාදීමට කටයුතු කරන බවයි.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top