Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
02
"නියපොතු බොහෝමයක් තිබුණා. ඒවා හරිම තියුණුයි..." - සිනමාවට ආදරය කරන බොහෝ පිරිස් කඳුළු සාගරයක ගිල්වා මෙලොවින් සමුගත් සුෂාන්ත් සිං රාජ්පුත්ගේ ආත්මය සමඟ සිදු කළ සංවාදය සමාජ මාධ්‍ය කළඹයි

- "නියපොතු බොහෝමයක් තිබුණා. ඒවා හරිම තියුණුයි..." - සිනමාවට ආදරය කරන බොහෝ පිරිස් කඳුළු සාගරයක ගිල්වා මෙලොවින් සමුගත් සුෂාන්ත් සිං රාජ්පුත්ගේ ආත්මය සමඟ සිදු කළ සංවාදය සමාජ මාධ්‍ය කළඹයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,982 Views
හිතාගන්න බැරි තරම් සතුටුයි. මට මගේ අම්මාව පණපිටින් ලැබුණා...
යම් අයකුගේ ආදරයක් වෙනුවෙන් මම විඳවන්නෙමි...
 
සුපිරි උතුරු ඉන්දීය තරුවක වූ සුෂාන්ත් සිං රාජ්පුත් පසුගිය ජුනි 14 වැනිදාවේ සිය නිවෙසේදීම දිවි නසාගත්තේය. නර්තනයෙන් සේම රංගනයෙන්ද තරුණ සිත් මිහිරෙන් මත්කළ සුෂාන්ත්ගේ අකල් වියෝව සුවහසක් වූ රසික සිත් කම්පිත කළහ. දිවි නසාගැනීමට වුවමනාවක් සුෂාන්ත්ට තිබුණේ නැති බව කියමින් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ මහා කලබැගෑනියක් කළ සුෂාන්ත්ට ප්‍රිය කළ අනුගාමිකයෝ ඔහුගේ මතකයන් අමරණීය කරලීම සඳහා වීඩියෝ නිකුතුවක් සමඟ අලංකාර ඡායාරූප බෙදා ගැනීමක්ද සිදුකළහ.

‘ඉන්න එකාගේ කටේ බත් මැරුණු එකාගේ කටේ පස්’ යනුවෙන් පැරැන්නන් අතර නැහැදුණු කියමනක් පතලව තිබුණද ‘සුෂාන්ත් සිං රාජ්පුත්ගේ’ මරණය හමුවේ නම් එම කියමන වලංගු නොවීය. හැම මොහොතකම පාහේ සොඳුරු වදන් මාලාවන් සහ අලංකාර සේයාරූ සුෂාන්ත් වෙනුවෙන් සමාජ ජාලා වෙබ් අඩවි හරහා මුදාහැරිණි.
 
‘සුෂාන්ත් ඔබට සිදුවූයේ කුමක්ද? කරුණාකර එය ලෝකයට කියන්න හනික එන්න’ වැනි වාක්‍ය මාලාවන්ද ඒ අතර තිබිණි. කෙමෙන් කෙමෙන් එවැනි දුක හිතෙන අකුරු අහුරු ගණන් අන්තර්ජාලය හරහා පැමිණෙන විට හරි පුදුම දෙයක් ඊයේ පෙරෙයිදා සිදුවන්නට විය.
 
ඒ මියගිය සුෂාන්ත් සිං රාජ්පුත්ගේ ආත්මය තමා සමඟ සංවේදී කතාබහක යෙදුණු බවක් ප්‍රකට අද්භූත විශේෂඥයකු වූ ස්ටීව් හෆ් විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කිරීමය.
 
සුෂාන්ත්ට ප්‍රිය කළ රසික රසිකාවියනට මෙය සිතට ‘අමා සුව’ ගෙන පැමිණි පුවතක්ම විය. කඩි ගුළකට ගලක් ගැසූ ආකාරයට කලබල වූ ඔවුන් ඒ පිළිබඳව තොරතුරු විචාලමින් ස්ටීව් හෆ් වෙතින් අසා සිටියේ,
 
‘අපේ කුතුහලය තේරුම් ගන්න. කරුණාකර සුෂාන්ත් ඔබ සමඟ යමක් පැවැසුවේද? එය අපට පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමු’ යැයි යනුවෙන්ද පෝස්ටු මඟින් ස්ටීව්ගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව ස්ටීව් හෆ් සුෂාන්ත් තමා සමඟ ඉතා රහසිගතව කතා කළ වීඩියෝවක් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ මුදාහැරියේය. එහි තරමක් අපැහැදිලි ගතියකට හෝ තිබුණු කතාබහෙහි වූයේ සුෂාන්ත්ගේම හඬය.
 
‘සුෂාන්ත් ඔබට කොහොමදැයි’ ස්ටීව් අසන විට සුෂාන්ත් කියා තිබුණේ, ‘හිතාගන්න බැරි තරම් සතුටුයි. මට මගේ අම්මාව පණපිටින් ලැබුණා. මම ඇගේ සෙනෙහස සහ ආලෝකය තුළ දවස ගෙවමි’ යැයි කියාය
 
‘සුෂාන්ත් ඔබ ඔබේ ජීවිතය නැතිකර ගත්තේ මන්ද? ඔබ ඉතා සතුටින් මියගියා නේදැයි’ යන ප්‍රශ්නයට සුෂාන්ත් කියා තිබුණේ, ‘මේ ලෝකයේ සතුටින්ම සිටි අය අතර මමද කෙනෙකි. ඒ සතුට දමා යෑමේ වුවමනාවක් මට නොතිබූ වග ස්ථිරය’ යැයි කියාය.
 
‘ඔබේ මරණයට පෙර දින රාත්‍රියෙහි සිදුවූයේ කුමක්දැයි කියන්නට හැකිදැයි ස්ටීව් හෆ් අසා සිටි වේලාවේ ස්ටීව්ට මඳ වේලාවක් අසන්නට සිදුව ඇත්තේ සුෂාන්ත් ඉකිබිඳිමින් හඬන ආකාරයය. ‘කියන්න සුෂාන්ත් කවුරුන් හෝ ඔබ මරා දැමුවාද?’ එයට පසු ස්ටීව් අසයි.
 
‘මම ප්‍රශ්න ගොඩකට ඔවුනට උත්තර දුන්නා. මට විශාල ලෙස තර්ක කිරීමට සිදුවුණා’ සුෂාන්ත් ඉතාම සංවේගයෙන් කැඩුණු වචනවලින් පවසා තිබිණි. 
 
එතැනදී ස්ටීව් හෆ් නැවැතත් ‘ඔබට කවුරු හෝ මරණීය ගෙල මිරිකා දැමීමක් කළාදැයි’ අසන විට සුෂාන්ත් දුන් උත්තරය අපැහැදිලිව තිබිණි.
 
‘නියපොතු බොහොමයක් තිබුණා. ඒවා හරිම තියුණුයි’ යන වචන එම අපැහැදිලි උත්තරය මත ස්ටීව්ගේ වීඩියෝවෙහි සඳහන් විය.
 
‘තවමත් දුකින් තැවෙන ඔබේ රසිකයන්ට කියන්නේ මොනවද සුෂාන්ත්’ යනුවෙන් ස්ටීව් ඇසූ ප්‍රශ්නයට සුෂාන්ත් ඉතාම දුක්බරව කියා තිබුණේ, ‘යම් අයකුගේ ආදරයක් වෙනුවෙන් මම විඳවන්නෙමි’ යැයි කියාය.
 
සුෂාන්ත් වෙනුවෙන් ප්‍රවීණ අද්භූත විද්‍යාඥ ස්ටීව් හෆ් කළ මේ මෙහෙවර වෙනුවෙන් සුෂාන්ත්ගේ රසික රසිකාවියන් නැවැත සුෂාන්ත් පිළිබඳ ආත්මීකව බැඳෙන්නට පටන්ගෙන ඇත. එහි ප්‍රතිලාභය වූයේ ස්ටීව් හෆ් සහ සුෂාන්ත්ගේ දුක්බර ආත්මය කතා කරන ස්ටීව් විසින් රචිත වීඩියෝව ශීඝ්‍රව අලෙවි වීමය.
 
සුෂාන්ගේ අයෝමය නර්තන විලාශයට වශීකෘතව සිටි ඉන්දීය තරුණ ගැටිස්සියන් සුෂාන්ත්ගේ ආත්මීය හඬ තම සවනට ඇසෙනතුරු තුන්වැනි යාමය පුරා නිදි නොලබා සිටින බවද සමාජ ජාලා වෙබ් අඩවි පුරා පළවී ඇත.
 
මේ දිනවල ඉන්දීය සිනමා පුවත්පත්වලද සුෂාන්ත්ගේ දුක්බර ආත්ම විලාපය ගැන ඉතා සංවේදී පුවත් අකුරු වෙමින් තිබෙන්නේ ඕනෑම සිතක් ඉකිගැසෙන තරම් වූ දුකකිනි. සියල්ල මැද උපේක්ෂා සහගතව සිටින ස්ටීව් හෆ් නැවැතත් නුදුරු දිනෙක සුෂාන්ත් සිං රාජ්පුත් තමා සොයා එන බව ස්ථිර යැයි පවසා ඇත.
 
දශක ගණනක් පුරා මළාවූ ආත්මයන් සමඟ සුහද වූත්, සංවේදී වූත් ගනුදෙනුවක යෙදෙන ස්ටීව් හෆ් පුවත්පතක කියා තිබුණේ තම මියගිය බිරියගේ ආත්මය සමඟද තමා නිතර කතා කරන බවකි.
 
එලෙසම ලොව කීර්තියට පත් බොහෝ පුද්ගලයන්ගේ මියගිය ආත්මයන් තමා සමඟ ඉතා සංවේදීව ගනුදෙනු කරන බවත්, සුපිරි බොලිවුඞ් තරුවක් තමා සමඟ දොඩමළු වූ කුලුඳුල් නිමේෂය මෙය බවත් පවසන්නට ගත් ස්ටීව් එම කතාබහ අවසන් කළේ,
 
‘සුෂාන්ත් සිං රාජ්පුත් තරමට තමා හමුවේ හෘදයාංගමව දෙඩූ වෙනත් කිසිවකු නැති තරම්’ යැයි යන වදන් පෙළ ඉතාම මෘදුව මුමුණමිනි.
 
දමයන්ති රේණුකා ප්‍රනාන්දු
මව්රට
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top