Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
02
තෙළිගු සිනමාවේ සුපිරි නළු ප්‍රභාෂ් සමඟ එකතු වන බොලිවුඩයේ නිළි රැජින දීපිකාට ලබාදී ඇති විශේෂ පොරොන්දුව මෙන්න - Photos

- තෙළිගු සිනමාවේ සුපිරි නළු ප්‍රභාෂ් සමඟ එකතු වන බොලිවුඩයේ නිළි රැජින දීපිකාට ලබාදී ඇති විශේෂ පොරොන්දුව මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,502 Views
හොඳින් ගැලපෙන යුවළක්...
 
 භාෂා කිහිපයකින් නිර්මාණය කිරීමට නියමිතයි...
 
බොලිවුඩ්වලින් අපිට නිතර අහන්න ලැබෙන්නේ ඒ තරම් හොඳ නිවුස් නොවුණත් ඔන්න කාලයක් අපි ආදරෙන් බලාපොරොත්තු වුණු කතාවක් අහන්න ලැබුණා. අන්න ඒ නිසාම තමයි චුට්ටක්වත් පරක්කු වෙන්නේ නැතිව අපි ඒක ඔයාලට කියන්න අදහස් කළේ. 

ඔයාල කැමැතියිනේ බොලිවුඞ් හා කොලිවුඩ්” තෙළිගු සිනමාවන් එකට එකතුවෙනවා දකින්න. සමහර අවස්ථාවලදී එහෙම වුණා. කාලෙකට කලින් ධනුෂ් හින්දි සිනමාපට කිහිපයකම රඟපෑවා. ජනප්‍රිය නළු ප්‍රභාෂ් සාහෝ චිත්‍රපටයෙන් හින්දි සිනමාවට පිවිසුණා. බොලිවුඞ්වල නළු නිළියොත් අවස්ථා කිහිපයකම කොලිවුඩ් නිර්මාණවලට සම්බන්ධ වුණා. ඔන්න ආයෙමත් එහෙම දෙයක් වෙන්න යනවා. මේක එසේ මෙසේ කාරණාවක් නෙවෙයි. ඔයාලගේ ඇස් උඩ යන කාරණාවක්.
 
ඒ තමයි බොලිවුඩයේ නිළි රැජන දීපිකා පදුකෝන් සහ තෙළිගු සිනමාවේ සුපිරි නළු ප්‍රභාෂ් එකම චිත්‍රපටයකින් දකින්න ලැබෙනවා කියන කතාව. කාලයක් මේ ගැන කසු කුසුවක් තිබුණත් ඔන්න දීපිකා එයාගේ ට්විටර් ගිණුමේ ඒ ගැන නිළ වශයෙන් ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා. ඉන්දියානු රුපියල් කෝටි 450-500ක් වැය කොට නිර්මාණය කිරීමට නියමිත මේ චිත්‍රපටයට පාදක වෙන්නේ තුන්වන ලෝක යුද්ධය සම්බන්ධ කල්පිත කතාවක්. භාෂා කිහිපයකින් නිර්මාණය කිරීමට නියමිත මේ චිත්‍රපටය අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් වෙයි කියල තමයි බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඒ වගේම චිත්‍රපටය හින්දි භාෂාවෙන් තිරගත කිරීමෙන් ලැබෙන සම්පූර්ණ ආදායම දීපිකාට ලබා දෙන්නත් මේ වෙනකොට නිෂ්පාදකයින් එකඟ වෙලයි තියෙන්නේ.
 
එතෙක් මෙතෙක් තෙළිගු චිත්‍රපටයක් වෙනුවෙන් නිළියක් අය කළ විශාලම මුදල තමයි දීපිකා විසින් මේ චිත්‍රපටය වෙනුවෙන් අයකරගන්න යන්නේ. මහානාති චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළ ජනප්‍රිය අධ්‍යක්‍ෂක නාග් අශ්වින් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරන්න නියමිත. ප්‍රභාෂ්ගේ 21 වැනි සිනමා නිර්මාණය වන මෙය විජයන් ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමක්. ගොඩක් අය කියන්නේ ප්‍රභාෂ් සහ දීපිකා තිරයේ හොඳින් ගැලපෙන යුවළක් කියලයි. ඒක ඉතින් බලාගන්න වෙන්නේ චිත්‍රපටය තිරගත වුණාට පස්සෙ තමයි. හැබැයි ඒක ප්‍රේක්ෂකයින්ට නම් අපූරු අත්දැකීමක් වෙයි.
 
ඕම් ශාන්ති ඕම් චිත්‍රපටයෙන් තමන්ගේ සිනමා ගමන පටන් ගත්තු දීපිකා ලව් ආඡ් කල්” තෙන්නායි එක්ස්ප්‍රස්” යේ ජවානී හේ දීවානී” රාම් ලීලා” බඡ්ජිරා ඕ මස්තානී” පද්මාවත්” චපක් වගේ චිත්‍රපටවලින් තමන් කොයි තරම් දක්‍ෂ නිළියක් ද කියන එක ඔප්පු කරලා තියෙනවා. අවස්ථා දෙකකදීම ෆිල්ම් ෆෙයාර් හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් දීපිකා හොලිවුඞ් සිනමාවටත් පිවිසුණා. නමුත් ඇයට  ප්‍රේක්ෂකයින් කොයි තරම් ආදරය කරත් වැඩි වශයෙන් සිනමාවේ දැකගන්න ලැබුණේ නැහැ. කොවිඩ් වසංගතයත් එක්ක බාරගත්තු වැඩ තවත් පස්සට ගියා. ඔන්න දැන් ආයෙමත් හැම කෙනෙක්ම හිමින් හිමින් වැඩ කරනන්න පටන් අරන්.
 
දීපිකාත් ඉතා ඉක්මනින් තමන්ගේ චිත්‍රපට කිහිපයකම රූගත කිරීම්වලට සහභාගී වෙන්න නියමිතයි. හැබැයි රන්වීර් නම් කොවිඞ් නිසා කිසිම වැඩක් භාරගන්නේ නැහැ කියල තමයි අපිට ආරංචි වෙන්නේ. ඒ නිසා වසංගත තත්ත්වය පහව යනකල් කිසිම වැඩකට සහභාගී නොවෙන්න ඔහු තීරණය කරලා. මේක දීපිකාට මොන විදිහට බලපායි ද කියල ගොඩක් අයට ප්‍රශ්නයක්. නමුත් ඇය ස්වාධීනව කටයුතු කරන කාන්තාවක් නිසා ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.
 
ඊස්වර් චිත්‍රපටයෙන් 2002 වසරේ තමන්ගේ සිනමා ගමන ආරම්භ කරපු ප්‍රභාෂ් වර්ෂම්” යෝගි” මුන්නා” බිල්ලා” මිස්ටර් පර්ෆෙක්ට්” බාහුබලි 1” බාහුබලි 2 වැනි සිනමාපටවලින් තෙළිගු සිනමාවේ සුපිරි තරුවක් බවට පත්වුණා. තෙළිගු සිනමාවේ වැඩිම මුදලක් අයකරන නළුවා වෙන්නෙත් ප්‍රභාෂ්. කිසිම කෙනෙක් එක්ක පෞද්ගලික සම්බන්ධතා පවත්වන්න අකමැති ප්‍රභාෂ් සිනමාව ඇතුලේ තමන් කරන වැඬේට මූලිකත්වය දෙන නළුවෙක්. එයා නිතරම කැමතියි වෙනස් විදිහේ වැඩ කරන්න. දීපිකා එක්ක වැඩ කරන්න එයා කාලෙක ඉදන් කැමැත්තකින් හිටියේ ඔන්න දැන් අලූත් චිත්‍රපටිය නිසා එයාට ඒ අවස්ථාව ලැබිලා. අපි බලාගෙන ඉමු මෙයාල දෙන්නගේ කෙමෙස්ට්‍රි එක මොනවගේ වෙයිද කියලා. කොහොම නමුත් මේ චිත්‍රපටය ඉතාමත් ඉක්මනින් රූගත කිරීම් ආරම්භ කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ.
 
දිවයින
මීවිත 


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top