Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
02
"මගේ පිටට තට්ටුවක් දැම්මා... එදා මම උන්ට අවනත වුණා නම් තවමත් ඒ ඩෙස්ක් ටොප් එක මගෙයි..." - රස්සාව අහිමිකරගත් සුරූපී තරුණිය කියු කතාව

- "මගේ පිටට තට්ටුවක් දැම්මා... එදා මම උන්ට අවනත වුණා නම් තවමත් ඒ ඩෙස්ක් ටොප් එක මගෙයි..." - රස්සාව අහිමිකරගත් සුරූපී තරුණිය කියු කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,219 Views
මල්ලී සමහර කැම්පස් කට්ටිය එහෙම නේ... 
 
ඒකට ගැලපෙන සෙට් එකක් මෙයාලාම නිර්මාණය කළා...
 
‘‘...මම නම් කියන්නේ අපේ බොසා දිනුවත් අපි දිනුම්... පැරදුනත් අපි දිනුම්.....
 
 ‘‘...දෙයියන්ගෙ නාමෙට කට පියාගන්නවද? අනවශ්‍ය කතා අදින්නෙ නැතිව.....
 
තානායම් බීමහලෙන් ඇසෙනා ඒ සංවාදය රහමෙර බෝතලයක් මැදි කරගත් තරුණ විය පසුකළ මිනිසුන් දෙදෙනකුගේ ය.

‘‘ෂ්..ෂ්....හරි.. හරි.. අපේ බොසාත් කියලා තියෙන්නේ ඡන්දෙට දුවන කාලෙ කන බොන තැන්වල දේශපාලනය කතා කරන්න එපාය කියලා... ඒ නිසා සහෝ බයවෙන්න එපා මං මෙතන පොලිටික්ස් අදින්නේ නෑ.....
 
 දැවැන්ත ඉඩෝරයකට මුහුණ දී සිටිනා උතුරු මැද පළාතේ ශුෂ්ක බව විදහාපාමින් හමා යන වියළි සුළඟක් තානායම් අවන්හල හරහා ගලා ගියේය.
 
 මැතිවරණය වෙනුවෙන් ස්වාධීනව ඉදිරිපත් වන අපේක්‍ෂකයකුගේ අංකය සඳහන් පරණ පහේ වෑන් රියකින් පැමිණ අමුත්තන් දෙදෙනා පානය කරන්නේ ඔවුන් පිටතින් රැගෙන ආ මධුවිත පානයකි.
 
 තානායමෙන් කටගැස්ම දීසි දෙකක් මිලට ගෙන ගිනි දවාලේ එය පානය කරනා මෙම පුද්ගලයන් දෙදෙනොගේ අංග ලක්‍ෂණ අනුව ඔවුන් මෙම පළාතේ පදිංචිකරුවන් නොවේ.
 
 ‘‘...හැබැයි මම නම් කැමතියි ලොක්කා දියවන්නාවට යනවට වඩා සංස්ථා සභාපතිකමක්” ක්‍රියාකාරී අධ්‍යක්‍ෂකමක් වගේ ලොකු තනතුරක් ලැබෙනවා නම්.....
 
 ‘‘...මං සැරයක් කීවා නේද? තානායමේ දේශපාලනය එපා කියලා.....
 
 ‘‘...හරි හරි... සංස්ථා සභාපති කීවාම දේශපාලනේ නෑනේ සහෝ.....
 
 සගයන් දෙදෙනා තර්කයේදී මත දෙකක් දැරුවද ඔවුන් පානය කරන්නේ එකම බෝතලයෙන් වීදුරු දෙකකට වත්කර ගන්නා මත් වතුරය.
 
 ‘‘...තව අවුරුදු දහයක් කැඩුවත් ඒ සද්දන්ත කළුගල ඉවර වෙන්නෙ නෑ... ගල ඉවර වෙන්නෙ නෑ කියන්නේ ගල්කුඩු ඉවර වෙන්නෙත් නෑ... ඒ නිසා මගේ ටාගට් එක ස්වාධීන වුණත්” ලොක්කා ගොඩ ගියොත් ඉදිකිරීම් ටෙන්ඩර් ව්‍යාපෘති වලට සිමෙන්ති බ්ලොක් ගල් හදන්න ගල් කුඩු ඕඩරේ අපේ බෑණා නමට ගරිගස්ස ගන්නයි.....
 
 පළමු අමුත්තා එසේ අමතන්නේ තවත් රහමෙර වඩියක් වීදුරුවට හලා ගනිමිනි.
 
 ‘‘...මගේ නම් එදා ඉඳන්ම ට්‍රයි එක පැළ තවාන් තමයි... කෘෂිකර්මෙට අවශ්‍ය පැළ සැපයුම්කරුවන් අතරේ මේ පළාතේ අංක එක ස්ථානයේ ඉන්නයි මට ඕනෑ.....
 
 අමුත්තන් දෙදෙනාගේ සංවාදය තව පැයකටවත් නිමාවන පාටක් නැත.
 
 මධුෂාන් තානායම් ආලින්දය දෙසට ඇවිද ආවේ දිවා ආහාරය ගැනීමට කුස්සිය පැත්තට යන බව පිළිගැනීමේ නිලධාරියා හට පවසන්නටය.
 
 ‘‘...එස්කියුස්මී... වෑන් එක ඇතුළෙ ඒ.සී. ත් නෑ හරි රස්නෙයි... මම පොඩ්ඩක් මෙතන වාඩිවෙලා හිටියට කමක් නැද්ද?.....
 
 මධුෂාන් වහා ඒ කටහඬ දෙස හැරී බැලූවේය.
 
 තානායම් ආලින්දයට ගොඩවන පියගැට පෙළ නැග පැමිණ සිටින්නේ ඩෙනිම් කලිසමකින් සහ සැහැල්ලූ ටී ෂර්ට් එකකින් සැරසුණු වයස විසිපහක පමණ චාම් පෙනුමැති පැහැපත් තරුණියකි.
 
 වේටර් මධුෂාන් තරුණිය දෙසත් වෑන් රථය දෙසත් මාරුවෙන් මාරුවට බැලූවේ වෑන් රියේ පැමිණි අමුත්තන් දෙදෙනා වගේ වගක් නැතිව මධුවිත පානය කරන්නේ මෙවැනි යොවුන් තරුණියක් හුදකලාව ඔවුන් පැමිණි වෑන් රථයේ තනිකර දමා දැයි සැක හැර ගත නොහැකිවය.
 
 ‘‘...මොනවා...? පුදුමයි.. මිස් අර මහත්තුරු එක්කද ආවේ... මෙච්චර වෙලා වෑන් එකේ තනියමද හිටියේ...?....
 
 වේටර් මධුෂාන් වහ වහා ඇයට තානායම් ආලින්දයේ අසුනක් පැනෙව්වේ ඇගේ මුහුණෙන් ප්‍රකාශ වන තෙහෙට්ටුව හොඳාකාරවම අවබෝධ වූ නිසාය.
 
 එකම වාහනයේ පැමිණ තමා රැගෙන ආ මධුවිත තානායමේ කටගැස්ම සමග වළඳනා පිරිමින් දෙදෙනකු හට මේ තරුණිය වෑන් රථයේ සිරගතව සිටිනා බව බිඳක් වත් සංවේදී නොවූයේ ඇයි.
 
 ‘‘....කමක් නෑ ඉඳගන්න මිස්... හැබැයි මිස් අර මහත්තුරු නම් දැන්ම ඉවර වෙන පාටක් නෑ... එතකම් මිස්ට බොන්න මොනවා හරි.....
 
 ‘‘...එපා... අනේ තැංකියු මට එපා... පුළුවන් නම් අර මහත්තතුරුන්ට කියන්න මම වාහනේ දාඩිය දාන නිසා ඇතුළට ආවය” ඉක්මනට එන්නය කියලා.....
 
 තරුණිය හිස ඇල කර අනුකම්පා හිතෙන අයුරින් කළ ඉල්ලීමට මධුෂාන් වහා සංවේදී විය.
 
 ‘‘...එහෙනම් මම මිස්ට කූල් වතුර ග්ලාස් එකක් ගේන්නම් දාඩිය දාලානේ ඉන්නේ.....
 
 වහා මුළුතැන් ගෙය දෙසට ඇවිද ගිය මධුෂාන් සීතල වතුර වීදුරුවක් බන්දේසියේ තබා ගෙන බීමහල් බරාදය දෙසට පළමුව පිය නැඟුවේ එම අමුත්තන් දෙදෙනා හමුවීමටය.
 
 ‘‘...එස්කියුස් මී... අන්න ඔය මහත්තුරු එක්ක වෑන් එකේ ආව මිස් වෑන් එකේ දාඩිය දනවාය කියලා ඉස්සරහ ලොබි එකට ඇවිත් ඉඳගත්තා... ප්‍රින්ට් අවුට් වගයක් ගන්නත් තියෙනවය පරක්කු වෙන්නෙ නැතිව ඔෆිස් එකට යන්නත් තියෙනවය කියලා ඉක්මනට එන්නලූ.....
 
 වේටර් මධුෂාන් කියාගන ගියේය.
 
 ‘‘..අපෝ... ඒ ඇණේ ඇතුළට ආවද? අපි අනන්තවත් කතා කළා ඇතුළට ඇවිත් වාඩිවෙලා ඉන්නය කියලා. මෙහෙමනේ මල්ලී සමහර කැම්පස් කට්ටිය එහෙම නේ... ලොකු ලයින් නේ... බැහැම කීවා... දෙන්න කියන්න අපිට තව පැය බාගයක්... මේ ටික ඉවර කළ හැටියෙ එනවා කියන්න.....
 
 බමන හිසින් යුතු මධුවිත අමුත්තා හිස් වීමට ආසන්න මත්පැන් බෝතලය පෙන්වමින් කීවේය.
 
 වේටර් මධුෂාන් එම පණිවිඩයත් රැගෙන ආපසු හැරුණේය.
 
 ‘‘...මෙන්න මිස් කූල් වතුර එක... අර මහත්තුරු කීවා තව පැය බාගෙන් එනවා කියලා.....
 
 ‘‘..අනේ තැංකියු ඒත් ඔය දෙන්නා බොන්න ගත්තාම නම් ගැලවෙන්නෙ නෑ....
 
 ‘‘...මිසුත් අර මහත්තුරු එක්ක ඡන්දෙට වැඩ නේද?... ඒ මහත්තුරු කීවා මිස් කැම්පස් ය කියලා... මොන කැම්පස් එකේද මිස්. කොළඹද?.....
 
 ‘‘...නෑ මම රජරට... බාහිරව කරන්නෙ... ව්‍යාපාර කළමනාකරණය.....
 
 තරුණිය කීවේ පහත් ස්වරයෙනි.
 
 ‘‘...ඇත්තද මිස්... මමත් එන්.වී.කියු. ලියාපදිංචි වෙලයි ඉන්නෙ... ඉතින් මිස් ඇයි මැනේජ්මන්ට් කරන ගමන් ඡන්දෙටත් වැඩ කරන්න හිතුවේ.....
 
 එම පැනයට පිළිතුරු දෙන්නට පළමුව තරුණිය සුසුමක් හෙළුවාය.
 
 ‘‘...ඔව් මල්ලි.....
 
 තරුණිය මධුෂාන් දෙස එක එල්ලේ බලා හඩ අවදි කළාය.
 
 ‘‘...ඔයත් එන්.වී.කියු. ස්ටෑන්ඩඞ් නිසා මම මේ කියන්නේ. තාත්තලා අම්මලා අපිව විශ්වවිද්‍යාල මට්ටමට පත් කළේ මොන තරම් අමාරුවෙන්ද කියලා මල්ලිත් දන්නවා ඇති.....
 
 පාළුවී ගිය තානායම් ආලින්දයේ ඔවුන්ගේ කතා බහට හමනා සුළඟකින් හැර කිසිදු බාධාවක් නැත.
 
 ‘‘... මමත් කැමැත්තෙන් ආපු ගමනක් නෙමෙයි මල්ලී... මගේ කැම්පස් අයියා කෙනෙක්ගෙ හිතවත්කමටයි මේ කැම්පේන් එකට සෙට් වුණේ.....
 
 ‘‘...මුලදි මාව අරගත්තෙ කැම්පේන් එකේ මීඩියා වැඩ වලට. මට පැවරුණේ පත්තරේ පළ කරන්න පුළුවන් විදියට ලිිපි හදලා දෙන එක. මම ඒ වැඬේ සුපිරියටම කළා.....
 
 ‘‘...නමුත් මම බාරදීපු වැඩේ හොඳට කරන නිසාම මට ඇතුළෙන් කැපිල්ල ආවා මල්ලී.. මෙතන දැන් ඔය බොන දෙන්නාගෙන් සුදු මහත මෑන් ඉන්නවා නේද?....
 
 තරුණිය ඇස් ලොකු කරගෙන මධුෂාන් ගෙන් විමසුවා.
 
 ‘‘...මෑන්ට ඕලෙවල් කරන දුවෙකුත් ඉන්නවා... නමුත් මෑන් කියනවා එයා මට ආදරේලූ... මටත් ආදරේ වෙන්නලූ... ඉතින් කොහොමද මල්ලි අපි කෙල්ලො හැටියට මේකෙ හිටගන්නේ.....
 
 ‘‘...මම බොරුවක් කිව්වා මට කොල්ලෙක් ඉන්නවා කියලා... අයියෝ කියන්න එපායැ... කියලා හිනාවෙලා මගේ පිටට තට්ටුවකුත් දාලා එදා සංවාදය ඉවර වුණා.... ‘
 
 ‘‘...එදායින් පස්සෙ හරියටම දවස් දෙකයි... මම උදේ පක්ෂ කාර්යාලෙට යනකොට අලූත් ගර්ල් කෙනෙක් වැඩට ඇවිල්ලා... මගේ මේසෙයි වැඩ කරපු ඩෙස්ක් ටොප් එකයි ෆයිල්ස් සේරම ඒ ගර්ල්ට බාර දීලා..‘‘
 
 තරුණිය මහා දිග සුසුමක් හෙළා නැවතත් මධුෂාන් දෙස බලද්දී ඇගේ දෑසේ දිලිසෙන්නේ දීප්තිමත් කදුළු කැට දෙකකි.
 
 ‘‘...මං ඇහුවා ඇයි කියලා.....
 
 ඇයට නැවත වරක් ඉකි බිඳුණාය.
 
 ‘‘...ගණං ගන්න එපා නංගි ඕවා ඔහොම තමයි කියලා ආයෙමත් මගේ පිටට ඔය බතලයා තට්ටුවක් දැම්මා... එදා මම උන්ට අවනත වුණා නම් තවමත් ඒ ඩෙස්ක් ටොප් එක මගෙයි...මල්ලි.....
 
 ‘‘...මම අද විතරයි මල්ලි මේ පාටි ඔෆිස් එකේ රස්සාව කරන්නේ. මේ ප්‍රින්ට් අවුට්ස් ටික අර ගෙන දීලා මම අද ගෙදර යනවා... මේවා අපි වගේ කෙල්ලන්ට සුදුසු තැන් නෙමෙයි මල්ලී... ඒකට ගැලපෙන සෙට් එකක් මෙයාලාම මේ සමාජයේ නිර්මාණය කරලා තියෙනවා...‘
 
 ‘‘...අයියෝ වේටර් මල්ලී... කෝ ඔයා... අපිට තව ඩෙවල් චිකන් එකාක්.....
 
 මධුෂාන් දඩිබිඩියට බීම හළ පැත්තට දුවලා ගියා.
 
රන්ජන් ගාමිණී ජයවර්ධන
දිවයින
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top