Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
02
"ඩොක්ටර් මට මැරෙන්න බෙහෙතක් විදින්න. මෙහෙම ජීවත් වෙලා මොකටද..." - යුද්ධයෙන් අත්පා අහිමිව, දෙනෙත් අන්ධ වී ආබාධිත වූ රණවිරු රවීන්ද්‍ර රූපසිංහ කියු සංවේදී කතාව

- "ඩොක්ටර් මට මැරෙන්න බෙහෙතක් විදින්න. මෙහෙම ජීවත් වෙලා මොකටද..." - යුද්ධයෙන් අත්පා අහිමිව, දෙනෙත් අන්ධ වී ආබාධිත වූ රණවිරු රවීන්ද්‍ර රූපසිංහ කියු සංවේදී කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,224 Views
පුතාලට උගන්වන්න රජයෙන් හරි ශිෂ්‍යත්වයක් ලබා දුන්නොත් ලොකු පිනක්....
 
මම කොච්චර අකැමැති වුණත් ශ්‍රියාණි මාව දාලා ගියේ නැහැ...
 
එකම සිහිනය තමයි ගෙදර වහලය හදාගන්න එක, හොඳටම අබලන් වෙලා....
 
“මෙවැනි ඉරණමක් සතුරකුටවත් අත්නොවිය යුතුය..... රෝද පුටුවට බර තබා සිටින රවීන්ද්‍ර රූපසිංහ නම් රණවිරුවා දුටු සැණෙකින් අපට සිතිණි. රූපසිංහගේ දෑස් දෙකම අන්ධය. 
දෑත් දෙකම වැළමිටට පහළින් කපා ඉවත් කර තිබේ. දකුණු පාදය දණහිසට පහළින් කපා දමා ඇත. කෙනකුගේ හව්හරණක් නොමැතිව රූපසිංහට හැකි වන්නේ හුස්ම ගැනීම පමණකි. අදටත් රූපසිංහ ජීවත් වන්නේ ආදරණීය බිරිය නිසාය.

ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදීන් අපට ඉතිරි කළ අහිමිරි මතකයන් බොහෝය. අදටත් ඒ මතකයන් අප සිත් සසල කරන්නේය. මිනිස් බෝම්බවලට ගොදුරුව ආබාධිත වූ මිනිසුන් හමුවන විට හදවත් කම්පා වන්නේය. ශාපලත් යුද්ධය අවසන් කරන්න සටන් වැදී අත්පා අහිමිව, දෙනෙත් අන්ධ වී ආබාධිත වූ රණවිරු රවීන්ද්‍ර රූපසිංහ දකින විට අපට දැනෙන වේදනාව බොහෝය. රට, ජාතියට නිදහස ලබාදීමට ත්‍රස්තවාදයට එරෙහි ගොස් සටන් වැද ආබාධිතව, අසරණව සිටින රූපසිංහට තවමත් හරිහමන් හිසට සෙවණක් නැත. 
 
රූපසිංහ අදටත් ජීවත් වන්නේ සිය බිරිය නිසා  බවත්  බිරිය නොසිටින්න තමා මෙලොව හැර ගොස් බොහෝ කල් බවත් ඔහු අප හා කීවේ දුක්මුසු ස්වරයෙනි.
 
“ශ්‍රියාණි මාව කසාද බැන්දේ ආබාධිත වුණාට පස්සෙයි. මම කොච්චර අකැමැති වුණත් ශ්‍රියාණි මාව දාලා ගියේ නැහැ. මම රෝහලේ සිට නිවෙසට පැමිණි දා සිට මගේ ආවතේව වැඩ ටික කරගෙන ගෙදරට වෙලා සිටියා. එතකොට එයාට අවුරුදු දාහතයි.
 
ශ්‍රියාණිගේ ගම වවුනියාව කළුකුන්තන්මඩුවය. රූපසිංහ වවුනියාවේ ක්‍රියාන්විතයේ යෙදී සිටින අවධියේ දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධය ඇති විය. රූපසිංහ ආබාධිත වූ පසුව ඇය ඔහු අමතක කළේ නැත.
 
රූපසිංහගේ ගම කහටගස්දිගිලිය, දෑකැතිපොතානය. කොටි කටේ ගමක ජීවත් වූ රූපසිංහ සාමාන්‍ය පෙළ විභාගය ලියා හමුදාවට එක්වුණේ කොටි ත්‍රස්තවාදීන් දිනෙන් දිනම එල්ල කළ සැහැසි කුරීරුකම් නිසාය. 1990 වර්ෂයේ ජූලි 20 වැනිදා රවීන්ද්‍ර රූපසිංහ ශ්‍රී  ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවට බැඳිණි.
 
“මම හමුදාවට බැඳෙද්දී වයස අවුරුදු දහඅටයි. අපේ පවුලේ වැඩිමලා මමයි. මට බාල මල්ලිලා තුන්දෙනයි. ඒ අයත් පසුව හමුදාවට බැඳුණා. දැනට බාල මල්ලි විතරයි හමුදාවේ ඉන්නේ. ඉතිරි දෙන්නා හමුදාවෙන් ඉවත් වුණා. මම හමුදාවට බැඳෙනවාට මවුපියන් විරුද්ධ වුණේ නැහැ. මම හමුදාවට බැඳුණේ යුද්දෙ දරුණුතම කාලේ. එදා ඉඳලා උතුරු - නැඟෙනහිර තමයි රාජකාරිය කළේ.
 
වවුනියාව, පලාලි, වැලිඔය, තන්තිරිමලේ, විල්පත්තුවල කාලයක්ම සිටියා. 1992 අවුරුද්දේ කොටි ඇවිත් තන්තිරිමලේ කෑම්ප් එක වට කරලා ගහනකොට අපි හිටියේ ඇතුළේ. ඒ සටනෙන් විසිදෙනයි ඉතිරි වුණේ. අනෙක් සේරම මැරුණා. 1995 අවුරුද්දේ තන්තිරිමලේදීම රාජකාරි යෙදිලා මුර සංචාරය කරද්දී කොටි අපට වට කරලා පහර දුන්නා. එතැනදී මමයි තව දෙතුන් දෙනෙක් ඉතිරි වුණා.
 
අන්තිමට මම රාජකාරි කළේ මන්නාරම තන්නඩිපරායානකුලම් ඉදිරි ආරක්‍ෂක වළල්ලේ. එතකොට මම ෆුල් කෝප්‍රල්. පරයානකුලම් ඉදිරි ආරක්‍ෂක වළල්ලේ කාලයක්ම ක්‍රියාන්විතව සිටියා. 1998 ජනවාරි 11 වැනිදා මම පුද්ගල නාශක බෝම්බ පෙට්ටියක් උස්සාගෙන අපි හිටපු බංකරයෙන් ඉදිරියට ගියා. ටික දුරයි යන්න ලැබුණේ මගේ කකුලට තදින් යමක් පෑගෙන බව දැනුණා. ඒ එක්කම උඩින් ගිහින් මීටර් දෙසීයක් විතර ඈතින් මාව වැටුණා. කොටි වළදාපු බට්ටෙක් පෑගිලා එහෙම වුණා. ඒ එක්කම මගේ අතේ තිබුණු බෝම්බ පෙට්ටියේ තිබුණු බෝම්බ හතළිස්හතෙන් විසිඅටක්ම පුපුරලා තිබුණා.
 
මගේ මුළු ඇඟම හිරිවැටුණා. මොනවා වුණාද කියලා තේරුමක් නැහැ. ඒත් සිහිකල්පනාව තිබුණා. අපි හිටියේ කැලේ ඇතුළටම වෙන්න. අපේ කොල්ලෝ මාව උස්සගෙන ඇවිත් සර්ගේ කැබ් එකට දානවත් මතකයි. කැබ් එකෙන් ගෙනැවිත් චොපර් එකට දානවත් මතකයි. පිටගැස්මට බෙහෙත් විද්දා, එතැන ඉඳලා මට කිසි දෙයක් මතක නැහැ. සිහිය එනකොට මම හිටියේ කොළඹ ජාතික රෝහලේ. එතකොට මගේ අතපය හිරිවැටිලා. දෑස් බැඳලා. ළඟ හිටියේ මගේ මල්ලි කෙනෙක්. 
 
ඊට දවස් දෙක තුනකට පස්සේ දවසක මාව බැන්ඩේජ් කරලා තිබුණා. අත් දෙක උස්සලා එහා මෙහාට කළා. එතකොට තමයි මට දැනුණේ අත් දෙක කොට බව. ඊට පස්සේ ටිකක් දඟලලා කකුල ඉස්සුවා. එක කකුලයි සම්පූර්ණයෙන් ඉස්සුනේ. එක කකුලක් කොට බව දැනුණා. මගේ අතපයවලට මොකද කරලා තියෙන්නේ කියලා මල්ලිගෙන් මම ඇහුවා. එයා මාව අල්ලගෙන හිටියා මිසක් කිසි දෙයක් කතා කළේ නැහැ. එයා ඉකි ගසමින් අඬන විත්තිය මට දැනුණා. එතකොටම ඩොක්ටර් කෙනෙක් ඇවිදින් මගේ ඔළුව අත ගාලා “හරි හරි පුතා හිත හදාගන්න තව සති දෙක තුනක් යනකොට ඔයාගේ ඇස් දෙකට පෙනීම එයි” කියලා කිව්වා. 
 
“නැහැ ඩොක්ටර් මට මැරෙන්න බෙහෙතක් විදින්න. මෙහෙම ජීවත් වෙලා මොකටද?” “නැහැ පුතා ඇස්වලට පෙනීම ආවට පස්සේ ඔයාට පුළුවන් අලුතින් ජීවිතය පටන් ගන්න. දැන් ඒවා හිතන්නේ නැතිව අපි කියන විධියට බෙහෙත් ටික කරගෙන ඉන්නකෝ” කියලා ඩොකර් මගේ ඔළුව අතගාලා ගියා.
 
අනතුරින් පසු වේළුණු ඇස්වලට පෙනීම ලැබෙයි කියා වෛද්‍යවරු පැවැසුවද කොළඹ ජාතික රෝහලෙන් යුද හමුදා රෝහලට මාරු කර එතැනින් මාස හයකට පසු රූපසිංහ නිවෙස පැමිණියද මේ ලෝකයේ එළිය දැකීමට නොහැකි විය. රූපසිංහගේ ජීවිතය ඉදිරියට ගෙන යෑමට ආදරණීය අත්වාරුවක් ලැබුණේ පුදුම සහගත ලෙසිනි.
 
“මම අනතුරට පත්වෙන කොට ශ්‍රියාණියි, මමයි හඳුනාගෙන අවුරුදු දෙකයි. වවුනියාවේ ඉන්න කාලේ හඳුනාගෙන මම  ශ්‍රියාණිලාගේ ගෙදර ගියා. එහෙ මවුපියන් අපේ ආදරයට කැමැති වුණා. අපේ ගෙදරිනුත් කැමැති වුණා. අනතුර වෙලා මම කොළඹ ජාතික රෝහලේ ඉද්දී ශ්‍රියාණි ගෙදර අය එක්ක මාව බලන්න ඇවිත් නැවත ශ්‍රියාණි ගෙදර ගිහින් තිබුණේ නැහැ. අපේ අම්මත් එක්ක අපේ ගෙදර ගිහින් තිබුණා. එදා ඉඳලා ශ්‍රියාණි මා වෙනුවෙන් ජීවත් වුණා.
 
රූපසිංහ අප හා ‍දොඩමලු වෙද්දී අසල සිටි ශ්‍රියාණිද අපේ කතාවට එකතු වුණේ මෙලෙසිනි.
 
"රවීන්ද්‍ර මේ විධියට කසාද බඳිනවට අපේ ගෙදරින් කැමැති වුණේ නැහැ. ඒත් මම හමුදාවේ කෙනකුට කැමැති වුණේ මේ දේවල් බලාපොරොත්තුවමයි. රවීන්ද්‍රට උපකාර අවශ්‍ය මොහොතක මගේ අධ්‍යාපන කටයුතු නතර කරලා එයාට උපස්ථාන කටයුතු කරන්න හිතාගත්තා. රවීන්ද්‍ර රෝහලෙන් ගෙදර ඇවිත් මාසයක් විතර යනකොට ඒ දවස්වල කහටගස්දිගිලිය පොලිසියේ හිටපු ප්‍රනාන්දු සර් ගෙදර ඇවිත් අපි දෙන්නා පොලිසියට එක්කන් ගිහින් පොලිසිය ඇතුළේ චූටි උත්සවයක් අරන් කසාද බැන්දුවා. 1998 ජූලි 01දා මට අද වගේ මතකයි." රවීන්ද්‍රගේ මුහුණ දෙස බලමින් මුවඟට නැඟුණු සිනහවත් සමඟ ශ්‍රියාණිගේ දෙනෙතින් කඳුළු කැට බේරෙමින් තිබිණි.
 
රෝහලෙන් ගෙදර ආපු දවසේ ඉඳලා කවන්නේ, පොවන්නේ, නාවන්නේ, රැවුල කපන්නේ සියලු ආවතේව කටයුතු කරන්නේ එයා. කිසිම දවසක මාව කරදරයක් කියලා ශ්‍රියාණි කියලා නැහැ. වචනයක්වත් කටින් පිටවෙලා නැහැ. ශ්‍රියාණි මට හරිම ආදරෙයි. කසාද බැඳලා අවුරුද්දක් විතර යද්දී 1999.05.03 අපේ ලොකු දුව ලැබුණා. අවුරුදු හතරකින් ලොකු පුතා ලැබුණා. ඊට අවුරුදු දහයකට පස්සේ පොඩි පුතා ලැබුණා. දැන් දුවට අවුරුදු විසි එකයි. ලොකු පුතාට අවුරුදු පහළොවයි. පොඩි පුතාට අවුරුදු ‍දොළහයි. දුව උසස් පෙළ විභාගය ලියලා කැම්පස් යන්න ලකුණු මදි වුණා. පුතාලා දෙන්නම ඉගෙන ගන්නවා. ලැබෙන පඩිය මදි ජීවත් වෙන්න. මම ආබාධිතයෙක් නිසා වෙන රැකියාවක් කරන්නත් බැහැ. පුතාලට උගන්වන්න රජයෙන් හරි ශිෂ්‍යත්වයක් ලබා දුන්නොත් ලොකු පිනක්. 
 
මමත් ආසයි උඩමළුව වන්දනාවේ යන්න. ශ්‍රියාණි මාව පොසොන් එකට අනුරාධපුරේ එක්ක යනවා. හැම මාසෙම එහෙම යන්න හිතුණත් වාහන පහසුකම් නැහැනේ. ඒ දවස්වල කොබ්බෑකඩුව නෝනා දුන් ත්‍රීවීල් එක පරණ වෙලා කැඩිලා.... කවුරු හරි ඇවිල්ලා මාව වන්දනාවේ උඩමළුවට පොළොන්නරුවට එක්කන් යනවා නම් ලොකු පිනක්.
 
රජයෙන් ලැබෙන පඩිය ජීවත් වෙන්න මදි. ළමයින්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ බොහෝම අමාරුවෙන්. මගේ තිබෙන එකම සිහිනය තමයි ගෙදර වහලය හදාගන්න එක. ගෙදර වහලය හොඳටම අබලන් වෙලා කැඩිලා. ඉතින් මට ගෙදර වහලය හදාගන්න කවුරුහරි උදවු කළොත් ලොකු පිනක්.”
 
ආබාධිතව අද අසරණව සිටින රූපසිංහගේ වයස අවුරුදු හතළිස්නවයකි. ආබාධිත තත්ත්වයට පත්වී අවුරුදු විසිදෙකකි. බිරිය ශ්‍රියාණි විජයරත්නගේ වයස අවුරුදු තිස්නවයකි. අවංක ආදරයට වයස, සල්ලි, ශරීර කූඩුවේ ලස්සන අඩුපාඩු වලංගු නොවේ. එහෙත් අපේ සමාජයේ ශ්‍රියාණි වැනි අය බොහෝ අඩුය. රට, ජාතිය බේරා ගැනීමට සටන් වැදුණු රවින්ද්‍ර වැනි රණවිරුවන්ට ආදරය කරන ශ්‍රියාණි වැනි කාන්තාවන් ලක් මාතාවට ආඩම්බරයකි. ඉතින් ජාතිය, රට වෙනුවෙන් සටන් කර දෑස්, දෑත්, පාදයක් අහිමිව අද වනවිට අසරණව සිටින රවීන්ද්‍රගේ නිවෙසේ වහලය හදා දෙන්න කවුරුන් හෝ ඉදිරිපත් වෙනවා නම් 071-8993659 හෝ 072-4426401 දුරකථනයන්ට කතා කරන්න. ඔබට පින්...!
 
 
ඉරිදා මව්බිම 
කැකිරාව - ඉසුර ඒකනායක
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top