Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
01
හෙරොයින් බෙල්ලේ ගැටගහලා හිර ගෙදරට කුඩු ගෙනියපු පූසෙක් බන්ධනාගාර නිලධාරීන් අතට හසූ වූ හැටි - Photos

- හෙරොයින් බෙල්ලේ ගැටගහලා හිර ගෙදරට කුඩු ගෙනියපු පූසෙක් බන්ධනාගාර නිලධාරීන් අතට හසූ වූ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,832 Views
හෙරොයින් මත්‍ද්‍රව්‍ය බෙල්ලේ ගැටගසා වැලිකඩ බන්ධනාගාරයට යැවීමට සූදානම් කර තිබූ බළලෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
 
වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී, බෙල්ලේ යමක් බැඳ තිබූ පූසෙකු, බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරියෙකු විසින් පරීක්ෂා කිරීමේදී, එම බැඳ තිබූ කුඩා පාර්සලයේ හෙරොයින් ග්රෑම් එකයි මිලි ගරෑම් දෙකක් තිබූ බවට අනාවරණ කරගෙන තිබෙනවා.
 
අද(01) මෙය සොයාගත් අතර මෙම පූසා මගින් බන්ධනාගාරයට හෙරොයින් රැගෙන යන බවටයි සැක කෙරෙන්නේ.
 
වැඩිදුර පරීක්ෂක සඳහා පූසාව බොරැල්ල පොලිසියට භාරදුන් බව බන්ධනාගාර කොමසාරිස්(පාලන) චන්දන ඒකනායක ප්‍රකාශ කළා.

මේ අතර තවත් මහා පරිමාණ හෙරෝයින් මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙළිකරගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
 
ඒ හෙරොයින් මත්ද්‍රව්‍ය, විදේශීය මුදල්ද ඇතුළුව රුපියල් කෝටි 6කට ආසන්න මුදල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟයි.
 
මේ අතර මත් ජාවාරම්වලට සම්බන්ධ තවත් කෝටි හත හමාරක බැංකු ගිණුම් පිළිබඳවත් පොලිසියට තොරතුරු හෙළි වී තිබෙනවා.
 
කොළඹ උතුර කොට්ඨාස මාර්ග බාධක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාකර තිබුණේ ඊයේ රාත්‍රී 9ට පමණ.
 
අදාළ නිවස පරීක්ෂා කිරිමේදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැලකෙන අමෙරිකානු ඩොලර් 140,000ක්, දේශීය මුදල් රුපියල් කෝටි 3 යි ලක්ෂ 13ක් හා හෙරොයින් ග්‍රෑම් 4ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි පොලීසිය පැවසුවේ.
 
නිවසේ තිබී සොයාගත් මුදල් තොගය නීතිවිරෝධී උන්ඩියල් ක්‍රමයට හුවමාරු කිරීමට නියමිතව තිබූ ඒවා බවත් හෙළිකරගෙන තිබෙනවා.
 
මේ අතර, ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කාගේ අනුදැනුම මත මුල්ලේරියාව - කැලණි නදී මාවතේ පවත්වාගෙන ගිය අනවසර වැලි තොටුපොළක් හා අඹතලේ මංසන්ධියේ අනවසරයෙන් ගොඩකරමින් තිබූ වගුරුබිමක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාස නිලධාරීන් වටලනු ලැබුවා.
 
එහිදී වගුරුබිම ගොඩකිරීමට අනුබල දුන් අංගොඩ ලොක්කාගේ ගෝලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
පොලීසිය පැවසුවේ සැකකරු පාතාල කල්ලි සාමාජික රංග අමරසිංහ හෙවත් සුනාමි ලෙසට හඳුනාගෙන ඇති බවයි.
 
ඔහු සතුව තිබී අත්බෝම්බයක් හා කඩුවක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
 
මේ අතර, බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි කඳාන පොලිස් වසම තුළ මත්ද්‍රව්‍ය මෙහෙයුමක් සිදුකර තිබෙනවා.
 
එහිදී හෙරොයින් ග්‍රෑම් 50ක්, රුපියල් ලක්ෂ එකහමාරක මුදලක්ද පොලිස් භාරයට ගැණුනා.
 
පොලීසිය පැවසුවේ වැටලීමේදී හෙරොයින් ජාවාරම මෙහෙයවූ කාන්තාවන් දෙදෙනා ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
 
මේ අතර හෙරොයින් ග්‍රෑම් 9යි මිලි ග්‍රෑම් 65ක් සමඟ මෝටර් රථයකින් ගමන් කරමින් සිටි තිදෙනෙකු රාජගිරියේදී පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.
 
ඔවුන්ගේ බැංකු ගිණුම් හතරකට රුපියල් කෝටි හත හමාරකට වැඩි ප්‍රමාණයක් බැර වී ඇති අතර පොලිසිය සැක කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා මෙම මුදල් ලැබී ඇති බවයි.
 
මේ අතර පාතාල සාමාජික කුඩු අංජු නැමැත්තාගේ ගෝලයෙකු වන අඟුලාන මුහුදුබඩ පාරේ පදිංචි සිතුම් නිලංග පීරිස් නොහොත් අසංක නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පංචිකාවත්ත ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මීගොඩ - දහම්මාවත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ විදේශයක නිෂ්පාදනය කරන ලද රිවෝල්වරයක් සහ උණ්ඩ 10ක් සොයාගනු ලැබුවා.
 
මේ අතර හෙරොයින් මත්‍ද්‍රව්‍ය බෙල්ලේ ගැටගසා වැලිකඩ බන්ධනාගාරයට යැවීමට සූදානම් කර තිබූ බළලෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top