Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

සුරූපී රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංගගේ තවත් සරාගී ඡායාරූප කිහිපයක් එළියට - Photos
රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්, ඇගේ ආදරණීය දියණිය ස්වේතා සමඟ ගත් අලුත්ම ඡායාරූප පෙළක් මෙන්න - Photos
රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
ජනප්‍රිය නිළි ඕෂධි හිමාෂාගේ අලුත්ම වැඩක් එළියට ආ හැටි
පියුමි හංසමාලි සිය 28වන උපන්දිනය සැමරූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 24 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
මව්පදවියට සුදානම් වෙන, රංගන ශිල්පිනි නෙහාරා පීරිස්ගේ අලුත්ම Photo Shoot එක - Photos
රංගන ශිල්පිනී නදීෂා හේමමාලිගේ නවතම ඡායාරූප පෙළ
මව්පදවියට සුදානම් වෙන රංගන ශිල්පිනී, නෙහාරා පීරිස් සැමියා එක්ක ගත්ත Pregnancy Photo Shoot එක
අයිෂ් අතුකෝරාල සිය දියණියගේ දෙවැනි  උපන්දිනය සමරයි - Photos
Aug
01
හරිස්පත්තුවෙන් බිහිවූ තවත් නායකයෙක්, ගුණතිලක රාජපක්ෂ - Photos

- හරිස්පත්තුවෙන් බිහිවූ තවත් නායකයෙක්, ගුණතිලක රාජපක්ෂ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,679 Views
1987දී ශ්‍රී ලංකාවට තවත් කළු පැල්ලමක් උදාවිය. ඒ ඉන්දු-ලංකා ගිවිසුමයි. ඉන්දු ලංකා ගිවිසුම රටේ අවශ්‍යතාවයක් නොවු අතර, එය රටේ අනාගතය අනතුරේ හෙලීමකී. පැවති රජයේ තනි අභිමතය පරිදි ඉන්දීය අවශ්‍යතාව මත බලෙන් අප වෙත පැට වූ ගිවිසුමක් විය. ජාතික සම්පත් වගේම රටේ අන්‍යනතාවය පාවාදුන් ගිවිසුමක් විය. 
 
රටේ සම්පත් ඉන්දියානු අධිරාජ්‍යයට අයත් වන සේ ගිවිසුමේ වගන්ති ඇතුලත් වී තිබුණි. වර්තමානයේ කථාවෙන අපගේ වටිනා ජාතික සම්පතක් වූ ත්‍රීකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සමූහයද කිසිදු ලියවිල්ලකින් තොරව කිසිදු මුදලක් නොගෙවා ඉන්දියාවට හිමිවෙන්නේ මෙම ගිවිසුමෙනි. 
 
රටේ අනාගතය අවිනිශ්චිත වු අතර රටතුල ජනවාර්ගික අර්බුදයකට ද  පෙන්වන්නක් විය. 

ස්වයංපෝෂිත ආර්ථිකයක පහස භුක්ති විදි අප 1977 විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමඟ එහි ආදීනව විඳින ජාතියක් බවට පත් වූයෙමු. එය තවදුරටත් තීව්‍ර වූයේ 1987 ඉන්දු ලංකා ගිවිසුම හඳුන්වා දීමත් සමඟයි. මේ සමඟ උදා වූයේ දැඩි ව්‍යවසනකාරී, ව්‍යවුල්කාරී වාතාවරණයකි.
 
තීරණාත්මක අවස්ථාවකි. රට ගැන හිතන, රටට ආදරය කරන දේශමාමකයන් නැගී සිටියා. ඉන්දු ලංකා ගිවිසුම් විරෝධී ව්‍යාපාරයේ ජනතා පෙළගැස්වීමේ හාරිස්පත්තුවේ දේශමාමකයා වූයේ මුල්ලේගම ගුණතිලක රාජපක්ෂයි. අද පරිණත මිනිසෙක් වන ඔහු එවකට අවුරුදු 30ක තරුණයෙකි. ඓතිහාසික යුගයේදී රට අල්ලාගත් විදේශ බලවේග පැරදවීමට සේනා සංවිධානය කල හාරිස්පත්තුවේ එඩිතර පරපුරක ලේ උරුමය ඔහුට උත්තේජනය සැපයීය.
 
රජයට එරෙහි ජනබල විරෝධතා ආරම්භ විය. රට, ජාතිය වෙනුවෙන් කැප වූ ඔහු හාරිස්පත්තුවේ ජනතාව පෙළගැස්සවීමට රත්නපාල සමරවීරයන්ද හවුල් කර විරෝධතා රැල්ලක් සංවිධානය කළේය. ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ජනයා අවධිකීරීමේ ප්‍රතිඵලය වූයේ පැවති රජයේ මර්ධනයට යටත්ව බන්ධනාගාර ගත වීමටයි.
 
රටේ අවසනාවට ඇඳිරිනීතිය යොදවා රටපුරා හදිසිනීතිය පනවා ගිවිසුම අත්සන් කරනු ලැබීය. ඒ අවස්ථාවේ අපේ විරුවන්ගේ ජනතා විරෝධය පිටවූයේ විජිත් රෝහන විරුවාගේ තුවක්කු බ‍‍දෙනී. ඔහුගේ නැගී සිටීම වර්ථමානයේ පවා අප සිත් තුළ ජීවමානව පවතී.
 
ගිවිසුමට එරෙහිව සටන් කල අනෙකුත් නායකයන් වූ දී.මු ජයරත්න, යසරත්න තෙන්නකෝන් වැනි ප්‍රවීනයන් ඔහුට සිපිරිගෙයදී හමුවුනා. ප්‍රවීනයන්ගේ අත්දැකීම් හා දේශපාලනයේ මංපෙත් ඔහුට සරසවියක් විය. එය තවත් දේශහිතෛයිෂිකයකුගේ ආරම්භය විය. නායකත්වයක අවශ්‍යතාව මතුව තිබූ මොහොතක, ජනතාව අතරින් මතුවූ ප්‍රගතිශීලී නායකයෙක් ලෙස ගුණතිලක රාජපක්ෂ හඳුන්වා දිය හැක. 
 
බන්ධනාගාරයෙන් ලද පන්නරය ඔහු ක්‍රියාකාරී දේශපාලකයෙකු කලේය. ඒ අනුව ඔහු ජනතා ආශිර්වාදයෙන් 1990 දී පූජාපිටිය ප්‍රාදේශීය සභාවට පත් වීම ස්වර්ණමය යුගයක ආරම්භය විය.
 
පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති වී අමිල මෙහෙයක් ඉටු කළේය. පූජාපිටිය ප්‍රාදේශීය සභාව දෙවරක්ම ඵලදායිතා සම්මානයෙන් පිදුම් ලබා ඇත. අදුරු කඩමණ්ඩියක් වූ පූජාපිටිය, සොදුරු වටපිටාවක් සහිත අංග සම්පූර්ණ නගරයක් කළ අපූරු මිනිසෙකි. 
 
දෙවරක් මධ්‍යම පළාත් සභාවේ සභිකයකු වී හානිදායක සහ අසාධාරණ වූ ක්‍රියාකාරකම් වලට එරෙහිව හඩක් නැගු ඔහු සියළු දේශද්‍රෝහී කෙටුම්පනත් පරාජය කළා පමණක් නොව කෙටුම්පනත් සභාව ඉදිරියේ ඉරා විසිකර දැමුවා.
 
ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සභාවක් විසින් ඉදිකල ප්‍රථම ආදාහනාගාරය ද බලවත් පරිශ්‍රමයකින් ඔහු විසින් ඉදි කරන ලද්දකි.
 
එදා ඔහු විසින් ඇරඹි පුස්තකාල සහ පෙර පාසැල් අද ඉහළම කාර්ය සාධනය පෙන්නුම් කරමින් වසර ගණනාවක් ඵලදායි සම්මානයෙන් සහා කාර්යසාධන සම්මානයෙන් පිදුම් ලබා ඇත.
 
ශ්‍රී ලංකාවේ ප්‍රාදේශිය සභා සභාපතිවරයෙකු වශයෙන් සංවර්ධන කටයුතු නිසා නඩු 34 කට මුහුණ දීමට සිදු විය. ඒ සියළු අධිකරණ ක්‍රියාවලදී එතුමා සංවර්ධන කටයුතු සදහා ගත් ක්‍රියාමාර්ග නිවැරදි බව තහවුරු කළ ගරු අධිකරණය සියළු නඩු වලින් නිදොස්කොට නිදහස් කළේය. අභියෝග ඉදිරියේ නොසැළුණු නායකයෙකු ලෙස ක්‍රියා කිරීම ප්‍රදේශයට ආදරය කරන ජනතාවගේ පැසසුමට හේතුපාදක විය. 
 
පවස නිවන ග්‍රාමීය ප්‍රජා ජල ව්‍යාපෘති 67ක් නිමකළා. හඳුනාගත් ස්වභාවික ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය සදහා භාරකාර ආරක්ෂණ මණ්ඩල ස්ථාපිත කළා. ස්වභාවික උල්පත්, ජල පෝෂක ප්‍රදේශ වනසන සංවර්ධන ව්‍යාපෘති වලට එරෙහිව නැගී සිටියා.
 
පාළාත් සභාවේදී රණවිරුවන්හට අවමන් කල අවස්තාවේදී  රණවිරු දඩයමට විරෝධය පා රණවිරුවන් වෙනුවෙන් පහන් දල්වා උපහාර පිදුවේ ජාතිකාභිමානයේනී.
 
අනාගතයට පිය නඟන දිළිදු දරුවන් උදෙසා ශිෂ්‍යත්ව අරමුදලක් අරඹා කරන ලද සේවය අමිලය.
 
සුළු අපනයන බෝග ගොවින්  සංවර්ධනය සඳහා විශාල මෙහෙයක් කරමින් සාධාරන මිලක් සඳහා පළාත් සභාව තුල අපමන හඩක් නැගීය.
 
නාගරීක පාසල් පද්ධතිය  හා සමාන ලෙස ග්‍රාමීය පාසල් පද්ධතිය ගෙන එමටත් ක්‍රීඩාංගන යටිතල පහසුකම් වෙනුවෙන් කල සේවය අති විශාලය.
 
කිසි දිනක වරප්‍රසාද වලට ගිජු වී තම ප්‍රතිපත්තිය පාවානොදී මහින්ද රාජපක්ෂ මහාතා අත් නොහැර ගිය ඔහුගේ ගමන ප්‍රශංසනීය වේ.
 
ඔහු අද ජනාධිපති ගෝඨාභයගේ රට ගොඩනඟන සටනේ පෙරමුණ ගෙන සිටී.
 
ඔහු කල සේවය තවත් ඉදිරියට රට වෙනුවෙන් ගෙන යාමට මෙවර මහමැතිවරණයට  පොදුජන පෙරමුණ අංක 11 යටතේ මහනුවරින් ඉදිරිපත්ව සිටී.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top