Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
01
“මම දන්නවා සර් මාව පොලිසියෙන් අල්ලන බව. මගේ පෙන්ඩ්‍රයිව් එකක් නැතිවුණා. ඒකෙ තිබුණ පින්තූර වගයක් සෝෂල් මීඩියා එකේ ගියා..” - ඔත්තුව ආවේ කටාර්-වලින්. පාසල් සිසුන්ව නිරුවත් කරවමින්, අපයෝජනය කළ, කාමාතුර ටියුෂන් ගුරාව අල්ලන්න පොලිසිය ගහපු ගේම - Video

- “මම දන්නවා සර් මාව පොලිසියෙන් අල්ලන බව. මගේ පෙන්ඩ්‍රයිව් එකක් නැතිවුණා. ඒකෙ තිබුණ පින්තූර වගයක් සෝෂල් මීඩියා එකේ ගියා..” - ඔත්තුව ආවේ කටාර්-වලින්. පාසල් සිසුන්ව නිරුවත් කරවමින්, අපයෝජනය කළ, කාමාතුර ටියුෂන් ගුරාව අල්ලන්න පොලිසිය ගහපු ගේම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

59 Views
“මම තෝරා ගත්තු පින්තූරයේ ඉන්න දරුවා පුංචි තිරයේ ජනප්රිය ළමා නළුවෙක්..”
 
“මම දැනගත්තා කොයි මොහොතක හරි මාව අහුවෙනවා කියලා..”
 
“ගෙදර තියෙන ඉස්කෝලේ යුනිෆෝම් අන්දලා පස්සේ තමයි දරුවන්ට ලිංගික ක්රියා කරන්නේ..”

“සර් මම මේ.... එයාගේ අම්මා කතා කරන්නේ.. අපේ පුතාට සර්ව හම්බවෙලා උපදෙස් ටිකක් ගන්න ඕනලු.”
 
දරුවන් මල් වැනිය. එවැනි මල් කඩා බිඳ දමා විනාශ නොකළ යුතුය. ඒ, ඔවුන් රටේ අනාගත භාරකරුවන් වන නිසාය.
 
එහෙත් නොයෙකුත් කාමාතුරයන් නිසා ඒ සුන්දර මල් අකාලයේ මිලින වෙයි.
 
ඉකුත් දිනයක බස්නාහිර පළාත භාර ජේයෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට දුරකථන ඇමැතුමක් ලැබිණි. ඒ දෝහා කටාර් රාජ්යයෙනි. ඇමැතුම දුන් පුද්ගලයා ජේයෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයාට කීවේ අමුතුම කතාවකි.

“සර්, මේ පින්තූර ලංකාවේ දරුවන්ගේ. මේක අපේ දරුවන්ට හොඳ නැහැ. මම ඒවා සර්ගේ වට්ස්ඇප් එකට දාන්නම්” ඒ පුද්ගලයා කීවේය.
 
හැකි ඉක්මනින් එම පින්තූර එවන ලෙස නියෝජ්ය පොලිස්පතිවරයාද කීවේය. ගතවූයේ නිමේෂයකි. ජේයෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයාගේ ජංගම දුරකථනයට දෝහා කටාර් සිට වීඩියෝපට කිහිපයක් හා නිරුවත් පින්තූර රැසක් ලැබිණි.
 
ලැබුණු වීඩියෝපට හොඳින් පිරික්සීමේදී සමහර දරුවන් සමඟ එක්තරා පුද්ගලයකුද සිටින බව පැහැදිලි විය. ඔහු දරුවන් වඩා ගනිමින්, සිප ගනිමින්, එම පින්තූරවලට පෙනී සිට ඇත.
 
කුඩා දරුවන් සමඟ ලිංගිකව එක්වන රූපරාමුද එහි විය. දරුවන් මෙම අසැබි පින්තූරවලට පෙනී සිටින්නේ නොදැනුවත්කම නිසා බව නිලධාරීන්ට වැටහිණි. අපයෝජනයට ලක්වන දරුවෝ අවුරුදු 10ත් 15ත් වයසේ පසුවන්නෝ වෙති. ඇතැම් අවස්ථාවල මෙම දරුවන් සිටින්නේ පාසල් නිල ඇඳුමිනි.
 
විමර්ශන ඇරඹිණි. එක් කණ්ඩායමක් කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා සමඟද, අනෙක් කණ්ඩායම ප්රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත මහත්මිය යටතේද වැඩකටයුතු ඇරඹූහ.
 
වහා කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න මහතා කැඳවූ ජේයෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා හැකි ඉක්මනින් සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළේය.
 
ඒ සමඟම මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති වරුණි බෝගහවත්ත මහත්මියද කොළඹට කැඳවා ගැනිණි.
 
ප්රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත දක්ෂ නිලධාරිනියකි. ඇය සාර්ථකව නිමකළ විමර්ශන කිහිපයකි. පසුගියදා ජාතික රෝහලේ වැටුප් මුදල් කොල්ලකා පලායමින් සිටි වෛද්යවරයකු කොටුකර ගත්තේද ඇයයි.
 
ජේයෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයාගේ දැනුම්දීම මත ඇය පැය එකහමාරක් ඇතුළතදී කොළඹට පැමිණ ජේයෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා මුණගැසුණාය. එහිදී අදාළ ඡායාරූපය පිළිබඳව ඇයව දැනුවත් කළ හෙතෙම කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාද සමඟින් කතාබස්කොට මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත යුතු බව පෙන්වා දුන්නේය.
 
‘වට්ස්ඇප්’ මඟින් ලැබී තිබූ පින්තූරවල සිටින්නේ පාසල් යන කුඩා දරුවන්ය. සමහරු එම පින්තූරවල පාසල් නිල ඇඳුමින්ම පෙනී සිටිති. සමහර දරුවන් වෙනත් පාට පාට ඇඳුම් ඇඳ සිටිති. ඒවා හොඳින් පරීක්ෂාකර බැලූ නිලධාරීන් ඒ අතරින් ඡායාරූප දෙකක් වෙන්කර ගන්නේ පරීක්ෂණ ඒ ඔස්සේ කරන්නට සැලසුම් කරමිනි.
 
“ඒ පින්තූර අතුරින් මම තෝරා ගත්තු පින්තූරයේ ඉන්න දරුවා පුංචි තිරයේ ජනප්රිය ළමා නළුවෙක්. ඒ නිසා මට එයාව හඳුනගන්න පුළුවන් වුණා. මම ඒ ඔස්සේ පරීක්ෂණ සිදුකරන්න භාර ගත්තා.” ප්රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත මහත්මිය තමාට අයත් කොටසේ විමර්ශන ඇරැඹි ආකාරය පැහැදිලි කළාය.
 
ඡායාරූපයක එම ජනප්රිය ළමා නළුවා සමඟ සැකකාර පුද්ගලයාද පෙනී සිටියි. එම ළමා නළුවා පදිංචිව සිටින නිවෙස සොයා ගොස් ඔහුගෙන් ප්රශ්න කොට ඔහු සමඟ ඡායාරූපයේ සිටින පුද්ගලයා කවුදැයි හඳුනා ගැනීමට ඇය සැලසුම් කළාය.
 
මේ අතර කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාද ජේයෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයාට ලැබී තිබුණු දරුවන්ගේ පින්තූර අතරින් එක් පින්තූරයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබිණි. එය පාසල් නිල ඇඳුමකින් සැරසී සිටින දරුවකුගේ ඡායාරූපයකි. දරුවාගේ පින්තූරය හොඳින් පිරික්සීමේදී අෑතින් යතුරුපැදියක් තිබෙන අයුරුද පෙනිණි.
 
"අපි ඒ ඔස්සේ තමයි විමර්ශනය සිදුකළේ. ඒ පින්තූරයේ තිබුණු යතුරුපැදියේ අංකය පැහැදිලි නැති වුණත් අපි ආර්.එම්.වී. එකට ගිහින් ඒ බයිසිකලේ ලියාපදිංචි අයිතිකරු කවුද කියලා හොයාගත්තා”
 
"එතැනදී අපට දැනගන්න ලැබුණා ඒ බයික් එකේ ලියාපදිංචි අයිතිකරු පන්නිපිටිය, සිද්ධමුල්ල ප්රදේශයේ කාන්තාවක් බව. එයාගේ නමට තමයි බයික් එක තිබුණේ. අපි ඒ ඇඩ්රස් එක හොයාගෙන ගියා. ඒත් ඒ කාන්තාව ඒ වෙනකොට හිටියෙ ඇමෙරිකාවේ. එයාගේ ගෙදර හිටියෙ මහත්තයාගේ නංගියි. අපි එයාලගෙන් විස්තර ගත්තා..."
 
ප්රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න මහතා තමාට අයත් කොටස පිළිබඳ විමර්ශන ඇරඹි ආකාරයද එසේ පැහැදිලි කරන්නට විය.
 
"අපි ඉන්පස්සේ ඇමෙරිකාවේ පදිංචි බයික් එකේ හිමිකාරියට දුරකථනයෙන් කතා කරලා විස්තර ඇහැව්වා. එතකොට එයා කිව්වා ඒක මම විකුණුවා. ඒක ගත්තු කෙනා තවම ඒක එයාගේ නමට හරවගෙන නෑ. දැන් ඒ බයික් එක තියෙන්නේ කොට්ටාවේ, බෝගහවිල පාරේ සපත්තු ව්යාපාරයක් කරන කෙනෙක් ළඟ කියලා..."
 
"පස්සේ අපි ඒ සපත්තු ව්යාපාරිකයාගේ ගෙදර ගියා. බයික් එක ඒ ගෙදර තිබුණා. ඒ පින්තූරේ තියෙන බයික් එක තමයි ගෙදර තියෙන්නේ කියලා එයා පිළිගත්තා. මේ පින්තූරයේ ඉන්න දරුවා කවුද කියලා අහපුවම එයා කිව්වා ‘ඒ මගේ පුතා’" කියලා.
 
සපත්තු ව්යාපාරිකයාගේ දරුවා අදාළ ඡායාරූපයේ සිටියේ සුදු පැහැති කොට කලිසමක් හා සුදු පැහැති අත්කොට කමිසයකින් යුතු නිල ඇඳුමෙනි. එම ඇඳුමේ සාක්කුවේ කොනක දරුවා පාසල් යන විදුහලේ ලාංඡනයක්ද විය.
 
තවදුරටත් සපත්තු ව්යාපාරිකයාගෙන් කළ ප්රශ්න කිරීමේදී හෙළිවූයේ එම පින්තූරය තම දරුවාට ඉංගී්රසි උගන්වන ගුරුවරයා විසින් තම නිවෙසේදී කැමරාවකින් ගත් එකක් බවය. ගුරුවරයාගේ ජංගම දුරකථන අංකයද තමා ළඟ ඇති බව ඔහු නිලධාරීන්ට කීවේය.
 
"එයා කොහේදිද ළමයට ඉංගී්රසි උගන්වන්නේ..." පොලිස් ස්ථානාධිපතිවරයා විමසුවේය.
 
“අපේ ගෙදරට එනවා සර්. ගෙදරදී තමයි ටියුෂන් දෙන්නේ.”
 
වැඩිදුරටත් විස්තර විමසීමෙන් අනතුරුව පොලිස් ස්ථානාධිපතිවරයා ඔහුට කීවේ තමාගේ උපදෙස් අනුව ක්රියාකළ යුතු බවය.
 
“අපිට මිනිහා ඉන්න තැන හොයාගන්න ඕනෑ. ඒ නිසා ඔයා ඒ ගුරුවරයාට කෝල් එකක් ගන්න. අරගෙන කියන්න පුතාට ටියුෂන් දෙන වෙලාව වෙනස් කරගන්න ඕනෑ. ඒකට සර් හම්බවෙලා කතාකරන්න ඕනේ. ඒ නිසා මම එන්නද සර්ව හම්බවෙන්න කියලා. එතකොට ඒ මනුස්සයා හා කිව්වොත් කොහොමද සර්ගේ ගෙදර එන්නේ කියලා පාර අහගන්න”
 
“හොඳයි සර්”
 
පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත සපත්තු ව්යාපාරිකයා සිය පුතාගේ ටියුෂන් සර්ට දුරකථන ඇමැතුමක් ගෙන ඔහුගේ ගෙදරට එන පාර අසා ගත්තේය.
 
පන්නිපිටිය දෙපානම දේවාල පාරේ මේ වනවිට ප්රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත මහත්මියද සිය නිලධාරියා සමඟ ළමා නළුවාගේ නිවෙස සොයාගෙන ගොස් තිබුණාය. ප්රධාන පොලිස් පරීක්ෂකවරිය ළමා නළුවාගේ මවගෙන් අදාළ ඡායාරූපය පිළිබඳ විස්තර විමසුවාය.
 
“ඒ ඉන්නේ මගේ පුතාගේ ටියුෂන් සර්. මගේ පුතා දකින්න ආසයි කියලා තමයි ගෙදර ආවේ. මගේ පුතාව බලන්න හුඟක් අය ගෙදර එනවා. පුතාත් එක්ක ඉඳලා පින්තූරත් ගන්නවා. ඒ සර්රුත් ආවා. එහෙම ආව දවසක තමයි පුතත් එක්ක ඉඳලා ඔය පින්තූරය අරගෙන තිබුණේ.”
 
දරුවාගේ මව ප්රධාන පොලිස් පරීක්ෂකවරියට කීවාය.
 
“අම්මා දන්නවද මේ මනුස්සයා කොහෙද ඉන්නේ කියලා”
 
"හරියට දන්නේ නැහැ. ඒත් එයා අපිට හෑන්ඩ් ෆෝන් නොම්මරේ දීලා ගියා”
 
“හරි එහෙනම් අම්මා මම කියන විධියට එහාට කෝල් එකක් ගන්න”
 
ප්රධාන පොලිස් පරීක්ෂකවරියගේ උපදෙස් මත ළමා නළුවාගේ මව සැකකාර ටියුෂන් ගුරුවරයාට ඇමැතුමක් දුන්නාය.
 
“සර් මම මේ.... එයාගේ අම්මා කතා කරන්නේ.. අපේ පුතාට සර්ව හම්බවෙලා උපදෙස් ටිකක් ගන්න ඕනලු.”
 
“හරි එහෙනම් එන්න...”
 
“සර් කොහොමද එන්නේ”
 
“පන්නිපිටියට ඇවිත්...”
 
සැකකරු නම නිවෙසට එන මාර්ගය දරුවාගේ මවට පැහැදිලිකර දෙද්දී ප්රධාන පොලිස් පරීක්ෂකවරියද එම ලිපිනය සටහන් කර ගත්තාය.
 
ඒ අනුව පොලිස් කණ්ඩායම් දෙකක්ම සැකකාර ඉංගී්රසි ටියුෂන් ගුරුවරයා සොයා පන්නිපිටියෙ දෙපානම දේවාලය පාරේ සැකකරුගේ නිවෙසට ගියහ.
 
එය දෙමහල් නිවෙසකි. උඩුමහලේ පදිංචිව සිටින්නේ සැකකරුගේ සොහොයුරියකි. සැකකරු පහත මාලයේ සිටියි. ඔහු සිටින්නේ තනිවමය. නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගත්හ.
 
“මම දන්නවා සර් මාව පොලිසියෙන් අල්ලන බව. මගේ පෙන්ඩ්රයිව් එකක් නැතිවුණා. ඒකෙ තිබුණ පින්තූර වගයක් සෝෂල් මීඩියා එකේ ගියා. ඒ නිසා මම දැනගත්තා කොයි මොහොතක හරි මාව අහුවෙනවා කියලා.”
 
එසේ කී සැකකරු නිලධාරීන් හමුවේ සිය වරද ද පිළිගත්තේය. එතැනින් නොනැවතුණු නිලධාරීහු සැකකරු රැඳී සිටි පහත මාලය දැඩි සෝදිසියට ලක්කළහ. ඒ අනුව ළාබාල දරුවන් සම්බන්ධ කරගෙන සැකසූ වීඩියෝපට කිහිපයක් සොයා ගැනීමට නිලධාරීන්ට හැකිවිය. සැකකරු එම දරුවන් සමඟ ලිංගිකව හැසිරෙන දර්ශනද ඒ අතර විය.
 
සැකකරුට අයත් පරිගණකයක් හා ඒවායේ දත්ත සැකකරු දරුවන් සමඟ ගත් ඡායාරූප 200ක් පමණද, සීඩී තැටි, පෙන්ඩ්රයිව්, හාඩ් ඩිස්ක්, මෙමරි කාඩ්, කැමරා, ජංගම දුරකථනද පොලිස් භාරයට පත්විය. තවදුරටත් පරික්ෂා කිරීමේදී පාසල් දරුවන්ගේ නිල ඇඳුම් හා ප්රසිද්ධ පාසල්වල නිල ලාංඡන රැසක්ද සොයා ගැනීමට නිලධාරීන්ට හැකි විය.
 
සැකකරුගෙන් මේ පිළිබඳව ප්රශ්න කිරීමේදී හෙළිවූයේ නිරුවත් දර්ශන ලබාගැනීමට පෙර දරුවන්ට නිල ඇඳුම් අන්දවන බවය. සැකකරු දරුවන් බොහෝමයක් අපයෝජනයට ලක්කර ඇත්තේ සිය නිවෙස තුළදීමය. දරුවන් සමඟ සැකකරු ලිංගිකව හැසිරෙන ආකාරය ඔහු විසින්ම සැකසූ කැමරාවකින් වීඩියෝගත කර ඇත.
 
සැකකරු 54 හැවිරිදි අයෙකි. ඉංගී්රසි දැනුම මෙන්ම තාක්ෂණ දැනුමෙන් හෙබි දක්ෂ පුද්ගලයෙකි. රූපවාහිනි නාළිකා රියැලටි වැඩසටහන්වල පසුතල නිර්මාණකරුවෙක් ලෙසද කටයුතු කර ඇති හෙතෙම එම වැඩසටහන්වලට සහභාගිවන දරුවන්ද එකතු කරගෙන ඔවුනට තෑගිබෝග දී අනිසි ක්රියාවල යෙදී ඇතැයි පොලිසිය කීය.
 
සැකකරුගේ බිරිය ඔහු අතහැර ගොසිනි. ඒ මෙවැනි ළමා අපචාරයක් ඇය අතටම හසුවීම නිසා බව පොලිසිය කියයි. වසර දහයකට පමණ පෙර පිළියන්දල ප්රදේශයේ කොමියුනිකේෂන් එකක් පවත්වාගෙන ගොස් ඇති සැකකරු ඉන් අනතුරුව වීඩියෝගත කිරීමට හා සංස්කරණ කටයුතු කිරීමට දක්ෂතා දක්වා ඇත. ඔහු ‘ෆොටෝ ෂොප්’ හරහා සකසන ලද වීඩියෝ රැසක්ද පොලිස් භාරයට ගැනිණි.
 
ඒ අතරතුර මොහු ඉංගී්රසි භාෂාව පිළිබද ටියුෂන් ගුරුවරයකු ලෙසද කටයුතු කර තිබේ. ඒ බව සඳහන් කරමින් අත්පත්රිකා පවා මුද්රණය කර ඇත. තමාගේ සමහර දරුවන්ට ඉංගී්රසි උගන්වා ඇත්තේ එම දරුවන්ගේ මවුපියන්ගේ කැමැත්ත අනුව ඔවුන්ගේ නිවෙස්වලටම ගොසිනි. සමහරක් දරුවන්ව ඔහු නතර වී සිටින පන්නිපිටියේ දේවාල පාරේ නිවෙසට ගෙන්වා ඉංගී්රසි උගන්වා ඇති අතර ඒ අතරතුර එම දරුවන් අපයෝජනයට ලක්කර තිබේ.
 
“මෙයා අවුරුදු ෙදාළහේ, දහතුනේ, දහ හතරේ ළමයින්ට තමයි කැමැති. ඒ ළමයි ටියුෂන් දෙන්න කියලා මිනිහගේ ගෙදරට ආවාම එයාලගේ ඇඳගෙන එන ඇඳුම් ගලවලා මිනිහගේ ගෙදර තියෙන ඉස්කෝලේ යුනිෆෝම් අන්දලා පස්සේ තමයි දරුවන්ට ලිංගික ක්රියා කරන්නේ. ඒවා කැමරා කරලත් තියෙන්නේ.”
 
සැකකරු ඔහු විසින් අපයෝජනයට ලක්කළ සමහර දරුවන්ට ‘ඩේරා්න කැමරා’ පවා තෑගි වශයෙන් ලබාදී තිබේ. පොත් බෑග්, ඇඳුම්, සපත්තු, පාසල් උපකරණ තෑගි දෙමින් දරුවන්ට ඔවුන්ගේ මවුපියන්ට කිසිදු සැකයක් ඇති නොවන ආකාරයෙන් වසර 12ක් තිස්සේම සැකකරු මෙලෙස දරුවන් අපයෝජනයට ලක් කර ඇතැයි පොලිසිය කියයි. තිරගත වූ ජනප්රිය ළමා ඉංගී්රසි චිත්රපටයක් ඇසුරෙන් තිරනාටකයක් පවා සිංහලෙන් ලියා ඇති අතර ඒ සම්බන්ධයෙන් පොතක්ද මුද්රණය කර ඇතැයිද කියයි.
 
මේ අතර මොහු ඡායාරූප ශිල්පියකු ලෙසද කටයුතු කර ඇත. සමහර ළමා රූපවාහිනි වැඩසටහන්වලට සම්බන්ධ වෙමින් ඒවාට සහභාගි වන දරුවන්ගේ පින්තූර ලබාගෙන ඇති මොහු එම ඡායාරූප දරුවන්ගේ නිවෙසට ගොස් නොමිලේ ලබාදී ඔවුන් හා ඔවුන්ගේ මවුපියන් සමඟ හිතවත්කම් ඇතිකරගෙන තිබේ. ඒ නිසා සැකකරු ගැන කිසිම සැකයක් ඔහුට එරෙහිව විමර්ශන ඇරඹෙන තුරු හෙළිනොවී ඇතැයි විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායම කියයි.
 
සැකකරු විසින් අපයෝජනයට ලක්කර ඇතැයි කියන දරුවන් තිදෙනකුගේ තොරතුරු හා නිරුවත් පින්තූර පොලිසිය සතුව ඇති අතර ඉන් දරුවන් දෙදෙනකු මේ වන විට සොයා ගෙන තිබේ. ඔවුන් රෝහල්ගත කර ප්රතිකාර ලබන බවද පැවැසේ.
 
ඒ අතර ඔහු සන්තකයේ තිබූ තවත් දරුවන්ගේ ඡායාරූප පිළිබඳ පුළුල් විමර්ශනයක් අරඹා ඇති අතර එම දරුවන්ට ලිංගික අඩන්තේට්ටම් සිදුවී ඇත්දැයි සොයා බැලෙන බවත් විමර්ශන කණ්ඩායමේ නිලධාරියකු ‘මව්බිම’ට කීවේය.
මේ සියලුම දරුවන් වයස අවුරුදු 16ට අඩු අය බවද ඔහු සඳහන් කළේය. මෙහි බරපතළම තත්ත්වය නම් සැකකරු අපයෝජනයට ලක්කළ දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ සැකකරු විසින්ම අන්තර්ජාල වෙබ් අඩවිවලට යොමු කර තිබීමය. මේ අතර පාසල් දරුවන්ගේ යට ඇඳුම් 25ක්ද ඔහුගේ නිවෙස සෝදිසි කිරීමේදී විමර්ශන නිලධාරීන්ට හැකි වී ඇත.
 
"අපි ඒ සම්බන්ධයෙනුත් විමර්ශනයක් ආරම්භ කරලයි තියෙන්නේ. මෙයා ඒ වීඩියෝ පිටරටවලට විකුණලා මුදල් උපයාගත්තාද කියලා අපි හොයලා බලනවා. මෙයාගේ බැංකු ගිණුම් පරීක්ෂා කරලා බලන්න ලබන නඩු වාරයේදී අපි අධිකරණයෙන් අවසර ඉල්ලනවා..." ප්රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසුවාය. ඇය පවසන අන්දමට විදේශ රටවල් පහකට සැකකරු මෙම වීඩියෝ දර්ශන යොමුකර තිබිණි.
 
සැකකරු සමඟ සමීපව ඇසුරු කළ දරුවන්ගේ හා සැකකරු පිළිබඳ කිසියම් සැකයක් ඇත්තේ නම් එම දරුවන්ගේ මවුපියන්ට සැකකරු සම්බන්ධයෙන් තොරතුරු පොලිසියට හෝ 1929 දුරකථන අංකයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියටද දැනුම්දිය හැකිය. ඒ මේ වනවිටත් සැකකරු සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති නිසාය.
 
දරුවන්ට බරපතළ ලිංගික හිංසන සිදුකිරීම හා අවුරුදු 18ට අඩු දරුවන් යොදාගෙන අසභ්ය වීඩියෝ නිෂ්පාදනය කිරීම, ළඟ තබා ගැනීම හා බෙදාහැරීම යන චෝදනා යටතේ සැකකරුට එරෙහිව නඩු පැවරීමටද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන ඇත.
 
2015 සිට 2019 දක්වා කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි 47,177ක් ජාතික ළමාආරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇත. ඊට අමතරව 1929 ඇමැතුම් අංකය හරහා එම අධිකාරියට වාර්ෂිකව පැමිණිලි 5,50,000ක් ලැබී ඇති බවද කියයි.
 
ළමා ආචාර පිළිබඳ තොරතුරු 1929 දුරකථනයට යොමුකළ හැකි බවත් ඒ සඳහා ගාස්තු අය වීමක් නැති බවත් පොලිසිය කියයි.
 
මේ නිසා පිරිමි දරුවන්ද ගැහැනු දරුවන්ද යන කාරණය නොසලකා සියලු දරුවන් පිළිබඳව මවුපියන් දැඩි අවධානයකින් සිටිය යුතු බවද පොලිස් මූලස්ථානය පෙන්වා දෙයි.
 
ඕනෑම දරුවකු ලිංගික අපචාරවලට ලක්විය හැකි බවත් දරුවන් උපකාරක පන්තිවලට හා විවිධ වැඩසටහන්වලට යොමු කිරීමේදී මවුපියන් තම දරුවන් ගැන දැඩි අවධානයක් යොමුකළ යුතු බවද කියයි.
 
ළමයකුට එරෙහිව කරනු ලබන මූලිකම අපයෝජනය වන්නේ ලිංගික අපයෝජනයයි. එම අපයෝජන වර්ග ගණනාවකි. ස්ත්රී දූෂණය, ලිංගික හිරිහැරය, කුට්ටනයා ජාවාරම් කිරීම, වධ හිංසාවට ලක් කිරීමද මේ අතර වේ.
 
රටේ දරුවන් මෙවන් සමාජ ව්යසනවලින් බේරාගැනීම වගකිවයුතු ආයතනවල නිසි බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුවේ. එසේ නැතහොත් රටේ අනාගතය අඳුරේ වැටෙනු නොඅනුමානය. ඒ ළමයා රටක අනාගත හිමිකරුවා නිසාය.
 
බස්නාහිර පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ඍජු අධීක්ෂණයෙන් කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති සුමිත් ගුණරත්න ප්රමුඛ කොස්තාපල්වරුන් වන ජයසූරිය (1315), අමරවික්රම (81003) හා මාතර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති වරුණි බෝගහවත්ත ඇතුළු කණ්ඩායමක්ද මේ පිළිබඳව පරීක්ෂණවල නිරතව සිටිති.
 
කීර්ති මෙන්ඩිස් විසින් මව්බිම පුවත්පතට ලියූ ලිපියකි.


 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top