කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා වසා දමා ඇති ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රකාසම් හි ගම්මානයක පුද්ගලයන් දස දෙනෙකු සැනිටයිසර් හෙවත් විෂබීජනාශක පානය කිරීම නිසා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
නිරෝධායනය නීති හේතුවෙන් මෙහි මත්පැන් අලෙවිසැල් වසා දමා ඇති අතර, මත්පැන්වලට විකල්පයක් ලෙසයි ඔවුන් ජලය සහ සිසිල් බීම එක් කළ සැනිටයිසර් පානය කර ඇත්තේ.
මේ අතර, විෂ මත්පැන් පානය කිරීම හේතුවෙන් අමිර්ත්සාර් නුවර පුද්ගලයන් 38 දෙනෙකු මිය යාම පිළිබදව පරීක්ෂණයක් පවත්වන ලෙස පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා.