Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
01
"ඒ කාලේ මම එළියට බැස්සම මිනිස්සු වපර ඇසින් බලන්න ගත්තා. අදටත් මට එන යෝජනා ඇත්ත ආදරයක්ද, කාමුක ආදරයක්ද කියලා මට හිතාගන්න බැහැ," - සනෝජා බිබිලේ - Photos

- "ඒ කාලේ මම එළියට බැස්සම මිනිස්සු වපර ඇසින් බලන්න ගත්තා. අදටත් මට එන යෝජනා ඇත්ත ආදරයක්ද, කාමුක ආදරයක්ද කියලා මට හිතාගන්න බැහැ," - සනෝජා බිබිලේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,458 Views
"චිත්රපටය තිරගත වෙද්දි පිරිමි ළමයි මට 'ගොනා' කියලා කෑගැහුවා.."
 
"මම වැඩ ඉවර වෙලා බස් එකේ යද්දී කාන්තාවෝ කැත විදිහට බනින්න ගත්තා..."
 
"රසික පිරිස ඒ චරිතය නිසා මාව අප්පිරියා කළා, මට වෛර කළා!"
 
'ජය ශ්රී මංගලම්' චිත්රපටයෙන් සිනමා රංගනයට පිවිසි නවක රංගන ශිල්පිනියකි. ඇය රංගන ශිල්පි විජය කුමාරතුංග සමඟ හා හා පුරා කියා රංගනයෙන් දායක වූ ජය ශ්රී මංගලම් ප්රේක්ෂකයන්ට දැකගන්නට ලැබුණේ නැත.
 
නමුත් අහම්බයකින් හැරගත් රංගන මාවතේ තව තවත් ෙදාරගුළු විවර කරගන්නට ඇය සමත් වූවාය.

'මංගල තෑග්ග' ඇගේ සිනමා දිවියේ සුවිශේෂී කඩඉමකි. සිනමා රංගන ශිල්පිනියක ලෙස ක්ෂේත්රයට එකතු වී වේදිකාව සහ පුංචි තිරය තුළද ඇය සුවිශේෂී රංගන දායකත්වයක් ලබාදුන්නාය. නමින් ඇය සනෝජා බිබිලේ නම් වූවාය.
 
ඇය මෙවර කතාබහට එක්වූයේ දශක දෙකකට එහා ගිය රංගන ගමන තුළ ඇය විඳි අපූරු රසික මතක අවදි කරන්නටය.
 
"මගේ අප්පච්චි සුමිත් බිබිලේ. ඔහු චිත්රපට නළුවෙක්. මටත් රංගනය ගැන ආසාවක් තිබ්බා. පාසල් යන කාලේ මම නාට්යවලට සම්බන්ධ වුණා. ඒ වගේම මම නෙට්බෝල්, මලල ක්රීඩාවලට දක්ෂයි. මම ඒ ක්ෂේත්රයෙන් තමයි ඉදිරියට යන්න හිතුවේ. නමුත් අහම්බයකින් මම රංගනයට එකතු වුණා. මිස් වර්කින් ගර්ල් කියන තරගයකට මම සහභාගි වුණා. සුමිත්රා පීරිස් මහත්මිය, රවින්ද්ර රන්දෙණිය මහත්මයා තමයි එහි විනිශ්චය මණ්ඩලයේ හිටියේ. ඒ තරගයේදී සුමිත්රා පීරිස් මහත්මියත් මගෙන් ඇහුවා රංගනයට කැමැතිද කියලා. දේවින්ද මාක්ස් මට මුණගැහුණේ ඊට පස්සේ. ඔහු මාව ජෝ මයිකල් සහ මර්වින් ජයතුංගට හඳුන්වලා දුන්නා...."
 
"එයාලා තමයි මාව ජය ශ්රී මංගලම් චිත්රපටයට සම්බන්ධ කරගත්තේ. විජය කුමාරතුංග සමඟ රඟපාපු ඒ චිත්රපටය තවමත් තිරගත වුණේ නැහැ. ඊට පස්සේ ජය කොතැනද සහ ධම්ම ජාගොඩගේ ටෙලි නාට්යයකත් රඟපෑවා.එච්.ඩී. ප්රේමරත්න තමයි මාව මංගල තෑග්ග චිත්රපටයට තෝරාගත්තේ."
 
සනෝජා අහම්බෙන් හිමිකරගත් නිළි වරම තුළ අඩියෙන් අඩිය තැබූ පියසටහන් මතක් කළේ එලෙසිනි. සනෝජා ප්රේක්ෂකයන් අතරට වඩාත් සමීප වන්නේ මංගල තෑග්ග චිත්රපටයෙන් වූ අතර එය ඇගේ රංගන ජීවිතයට විවිධාකාරයේ ප්රතිචාර රැගෙන එන්නට විය. ඇය ඒ මතකයන් අවදි කළේ මෙලෙසිනි.
 
"මම සිනමා ලෝකයට එකතු වෙලා ප්රේක්ෂකයන් අතරට ආවේ මංගල තෑග්ග චිත්රපටයෙන්. ඒ චිත්රපටය එක්ක මට රසික පිරිසක් එකතු වුණා. මම ඒ චිත්රපටයේ නිරූපණය කළේ ගණිකාවකගේ චරිතයක්. ඒ නිසා එය චරිතයක් ලෙස භාර නොගත් රසික පිරිස ඒ චරිතය නිසා මාව අප්පිරියා කළා, මට වෛර කළා. ඒ චරිතය නිසා ලැබුණේ ප්රසන්න ප්රතිචාර නෙවෙයි. ඒ කාලේ මම එළියට බැස්සම මිනිස්සු වපර ඇසින් බලන්න ගත්තා. මම වැඩ ඉවර වෙලා බස් එකේ යද්දී කාන්තාවෝ කැත විදිහට බනින්න ගත්තා. මට බනින්න එපා. මම කළේ චරිතයක් කියලා මම එයාලට කියලා තියෙනවා. සිනමා නිළියක් වුණාම අවශ්ය වෙන්නේ රසික රසිකාවියන්ගේ ආදරය දිනාගැනීම. ඔවුන්ගේ සිත් තුළට යෑම. මම ඒක කොහොමද කරන්නේ කියලා කල්පනා කළා...."
 
සනෝජා උපන් බිම නුවරය. ඇය නුවරින් රංගනය සොයා ආ සුරූපිනියකි. ඇය තමන්ගේ ගමන් මඟ තුළ එළිදැල්වූවන් පිළිබඳ මතක් කළේද රසික රසිකාවියන්ගේ ආදරය දිනාගන්නට ඒ දැල්වූ එළි වැදගත් වූ නිසාවෙනි.
 
"මම නුවරින් ආපු නිසා ඒ නුවර පෙළැන්තිය ඔළුවට අරගෙන ලොකු කටු ඔටුන්නක් මම පැලඳගෙන හිටියේ. සහෝදර සිනමා නළුවෙක් වුණු ශෂි විජේන්ද්ර මට කිව්වා රසික රසිකාවියන් අතරට යද්දි ඔළුව උදුම්මගෙන ඉන්න එපා, කටු ඔටුන්න බිම තියලා පොළොවේ පය ගහපු චරිතයක් විදිහට රසික පිරිසගේ ආදරය දිනාගන්න කියලා. මම ඔහු කියපු දේ පිළිගත්තා. මම මිනිසුන් අතරට යන්න ගත්තා. ඔවුන්ගේ සමිති සමාගම්වලට ගිහින් ප්රශ්න කතා කරලා ඔවුන් අතර ඉන්න පටන් ගත්තා. මාව පිළිකුල් කළ අය මාව වැලඳගන්න පටන් ගත්තා."
 
මංගල තෑග්ග චිත්රපටය තුළ ඇය නිරූපණය කළේ චිත්රපටයට අවැසි චරිතයකි. නමුත් ප්රේක්ෂකයන් ඇය නිරූපණය කළ චරිතය නිසා ඇයව ප්රතික්ෂේප කළේ චරිතය හා ඇයව වෙන්කර ගැනීමට නොහැකි වූ නිසාවෙනි.
 
"මංගල තෑග්ග චිත්රපටය තිරගත වෙද්දි පිරිමි ළමයි මට 'ගොනා' කියලා කෑගැහුවා. මම නිශ්ශබ්දව බලාගෙන හිටියා හැමදේම දිහා. මට මංගල තෑග්ග වෙනුවෙන් හොඳම නැඟී එන නිළිය, ජනප්රියම නැඟී එන නිළියට හිමි සරසවි සම්මාන ලැබුණා. මට හිතුණා මම ඒ චරිතය හොඳින් කළ නිසා නේද ඒ වගේ ප්රතිචාර නරක විදිහට හරි ලැබුණේ කියලා. සම්මානයත් එක්ක මට සතුටක් ලැබුණා. එදා මම ඒ ලැබුණු ප්රතිචාර එක්ක දුක් වුණාට අද මංගල තෑග්ග වගේ නිර්මාණ දහයක් ආවත් මම කරනවා. අද දියුණු ප්රේක්ෂක පිරිසක් ඉන්නවා. ඔවුන් අපි කරන්නේ චරිත කියලා දන්නවා..."
 
ඇය ලැබුණු අයහපත් ප්රතිචාරවලට නොසැලී ඉදිරියට ගිය නිසාම ඇයට රසික පිරිසට ළං වෙන්නට වගේම විවිධ නිර්මාණවලින් හැකියාව පෙන්වන්නටද හැකියාව ලැබිණි.
 
"නොහිතපු දේවල්වලට මුහුණදෙන්න වුණාට මම ඒක මගේ අවසානය කියලා හිතුවේ නැහැ. ජීවිතයේ අරමුණුවලට යද්දී විවිධ බාධක, දුක්කම්කටොලු එනවා. ඒවා මැඬගෙන ගියොත් රසිකයන් අතරට යන්න පුළුවන් කියලා මම විශ්වාස කළා."
 
ඇය අහම්බෙන් වුවත් තනාගත් මාවත අතහැරියේ නැත. ඇය අද නම් දිනූ රංගන ශිල්පිනියක් වී සිටින්නේත් රසික ආදරය දිනාගත්තියක් බවට පත්වී සිටින්නේත් ඇය ආ මඟ අතනොහැරි නිසාවෙනි. ඇය කලාත්මක, වාණිජ චිත්රපට 60කට එහා ප්රමාණයකට රංගනය මුහුකරමින් ප්රේක්ෂකයා නතු කරගන්නට සමත්වූවාය.
 
1992දී ඇය මිස් ටාජ් සමුද්රා රූ රැජන තරගයට ඉදිරිපත් වී Miss Asia තරගයේ හතරවැනි ස්ථානය දිනාගන්නට සමත් වූවාය. මව, පියා සහ සොහොයුරා සිටි එංගලන්තයට ගොස් ඇය ඔවුන් එරට සිටියදී තනිව මෙරටට පැමිණෙන්නේද රංගනය තුළ යමක් කිරීමට ඇයට අවැසි නිසාවෙනි.
 
සනෝජාගේ හඳහනේ සඳහන් වූ පරිද්දෙන් කෙදිනක හෝ ප්රසිද්ධ පුද්ගලයකු වන බවටත් රට නියෝජනය කරන චරිතයක් වන බවටත් වූ අනාවැකි ඇය සැබෑ කරගත්තේ සිය හැකියාවෙනි.
 
"මම නීතිඥවරියක් වෙනවා හෝ දේශපාලනයට එනවා කියලත් හඳහනේ තිබ්බා. මම එක කාලයක් ඡන්දය ඉල්ලන්නත් ගිහින් මාව කවුරු හරි නැවැත්තුවා. මම අද නිළියක් වීම ගැන සතුටු වෙනවා. මොකද මට ලැබෙන ප්රේක්ෂක ආදරයත් එක්ක."
 
සිනමා රංගනය තුළ ඇයට රසික පිරිසට ළෙන්ගතු චරිතයක් බවට පත්වන්නට සුදු අක්කා චිත්රපටය ඉවහල් විය. හොඳම රංගනයට හිමි සරසවි සම්මානයද ඇය හිමි කරගන්නේ මේ චිත්රපටයෙනි.
 
"මම සුදු අක්කා චිත්රපටය කරද්දි පැල්පත් නිවාසවලට ගිහින් ඒවායේ ඉන්න ජනතාව අතර හිටියා. ඔවුන්ව අධ්යයනය කළා. අපි නිළියක් කියලා ඔළුව උදුම්මගන්න අවශ්ය නැහැ. අපි හදවතින් ප්රේක්ෂකයන්ට ළං විය යුතුයි. 'සුදු අක්කා' චිත්රපටය නිසා මට රසික රසිකාවියන්ගේ ආදරය ටික ටික ලැබෙන්න ගත්තා. මධුරි චිත්රපටයෙනුත් ප්රේක්ෂකයන් මගේ හැකියාව හඳුනාගත්තා. මට ආදරය කළා."
 
ඇයට කටු ඔටුන්නක් හිස රඳවාගෙන ප්රේක්ෂකයන්ට පිටුපෑමට අවශ්ය වූයේ නැත. ඇය ඔසවා තබන්නේ ළෙන්ගතු ප්රේක්ෂක පිරිසක් බව ඇගේ විශ්වාසය වූවා පමණක් නොව ඇය ඒ අනුව කටයුතු කරන්නටද වූවාය. චරිතාංග නිළියක් ලෙස ඇය සිය ගමන තනාගත්තේද ඒ සියල්ල සිතේ රඳවා ගනිමිනි.
 
පුංචි තිරයේ නිර්මාණ රැසකටම ඇය රංගනයෙන් දායක වූවාය. ටෙලි නාට්ය රැසකින් සනෝජා ප්රේක්ෂකයන්ට ළෙන්ගතු වූවාය.
 
"මම එක දවසක් ඇඳුම් කඩයකට ගියාම එක කාන්තාවක් මට මුණගැහිලා ඇය අරන් දුන්නා ඇඳුම්. නාට්යයට අඳින්න කියලා රුපියල් විසිහත්දාහක විතර ඇඳුම් මට අරගෙන දුන්නා මම එපා කියද්දි. ඇයගේ සතුට වුණේ ඇය අරගෙන දුන්න ඇඳුම් මම අඳින එක. මම අදටත් ඇයට ස්තුතිවන්ත වෙනවා..."
 
"කොරෝනා කාලේ මං ළඟ තිබ්බ චෙක් එකක් මාරු කරගන්න බැරුව හිටියා. පාරේ යන කෙනෙක් මාව දැකලා ඇයි පාරේ ඉන්නේ කියලා අහලා මම හේතුව කිව්වම චෙක් එක ඔහු අරන් මට සල්ලි දුන්නා. ඔහුව මට හමුවුණේ වත්තල ප්රදේශයේදී. එදා මට හිතුණා ප්රේක්ෂකයෝ අපිට කොච්චර ආදරය කරනවද? අපි කොච්චර වාසනාවන්තද කියලා..."
 
"මම සමාජය පිළිකුල් කරන දේවල් කරලා නැහැ. මම දේශපාලන වේදිකාවලට නැග්ගත් මම මිනිස්සු පැත්තේ ඉඳන් දේශපාලන වේදිකාවල කතා කළේ. මට කන්න නැති වුණත්, මට කෑම වේලක් හරි දෙන්න මගේ රසික රසිකාවියෝ ඉන්නවා. ඒ ආදරය හරිම වටිනවා. මම රැකියාව ලෙස කරන්නේ මහජන සම්බන්ධතා නිලධාරිනියක් ලෙස කටයුතු කිරීම. කාර්යාලයේ අය වුණත් මට ආදරෙයි. මොකද මම පොළොවේ පය ගහලා ජීවත් වෙන නිසා. මම නිළියක් කියලා ඒක වෘත්තියට ගාව ගන්නේ නෑ. කෙනෙක්ට මගෙන් අවශ්ය සේවය මම කරනවා. ඒ නිසා මට බොහෝ දෙනා ආදරෙයි......"
 
චිත්රපට 60කට අධික ප්රමාණයක්, ටෙලි නාට්ය තිහකට අධික ප්රමාණයක්, වේදිකා නාට්ය ෙදාළහකට එහා ගිය ප්රමාණයකට රංගනයට මුහු කළ ඇයගේ රංගනය ගැන ක්ෂේත්රයේ උදවියගෙන්ද ප්රතිචාර ලැබී තිබිණි.
 
"නිළි වෘත්තිය තෝරා ගැනීම ගැන මම සතුටු වෙනවා. නමුත් මාව තේරුම් ගත්ත මගේ හැකියාව තේරුම් ගත්ත අධ්යක්ෂවරු හරි අඩුයි. ඒ නිසා මට අවශ්ය චරිත ලැබුණේ නැහැ. ඒ ගැන දුකක් තියෙනවා. අධ්යක්ෂ රාජ් රණසිංහ මට කියලා තියෙනවා තවම ඔබව ගන්න නිර්මාණයක් කරන්න බැරි වුණා කියලා...."
 
ඇය තවමත් තනිකඩය. නමුත් එදා මෙදාතුර ඇයගේ ආදරය පැතූ පිරිසගේද අඩුවක් නැත. මුල් යුගයේ සිට තරුණයන්ගෙන් ලැබුණු ප්රතිචාරද ඇය මතක් කළාය.
 
"ඒ කාලේ ජංගම දුරකථන නැති නිසා ගොඩක් බේරිලා හිටියා. හැබැයි ලියුම් නම් ගොඩක් එන්න ගත්තා. ඒ මට ආපු ලියුම් මම සූට්කේස් පහක විතර පුරවලා තවමත් අරන් තියලා තියෙනවා. මට ආදරය කළ අය ලෝකේ වටේ ඉන්නවා. මට තවමත් යෝජනා එනවා. ඒ කාලේ මට පෙම්වතුන් හිටියා. නමුත් විවාහ වෙන්න තරම් කෙනෙක් මට ලැබුණේ නැහැ. ආදරය කියන දේ හරියට තේරුම් ගන්න මට අමාරු නිසා මම විවාහය ගැන හිතුවෙත් නැහැ. අදටත් මට එන යෝජනා ඇත්ත ආදරයක්ද, කාමුක ආදරයක්ද කියලා මට හිතාගන්න බැහැ. ඒ නිසා මම තවමත් විවාහය ගැන තීරණය ගත්තේ නැහැ. මම ඒ කාලේ කෙට්ටුයි. ලස්සනයි.."
 
"ඒ කාලේ මං ගැන තිබ්බ හැඟීම ප්රකාශ කරගන්න විදිහක් තිබ්බේ නෑ කියලා දැන් ඔවුන්ගේ හැඟීම් ප්රකාශ කරන අය ඉන්නවා. ඒ අදහස් ඒ කාලේ ප්රකාශ කළා නම් මම දෙපාර, තුන්පාර විවාහ වෙලා ඉන්න තිබ්බා. ඒ කාලේ මාව ආරක්ෂා කරන්න යාළුවෝ හිටියා. මට විවාහ වෙන්න හොඳ කෙනෙක් නොලැබෙන්න ඇත්තේ මම කරපු පවක් නිසා වෙන්න ඇති. අනෙක් පැත්තෙන් පිනකුත් නිසා ඒ දේවල් වුණාද දන්නේ නැහැ. කොහොම වුණත් මම පින් පව් විශ්වාස කරනවා..."
 
දශක තුනකට අධික කාලයක් ඇය සිනමාව, වේදිකාව, පුංචි තිරය තුළද රැඳී සිටියාය. ඇයට රංගනය තුළ කළ හැකි තව බොහෝ දෑ ඇත. ඇය ඉදිරියේදී තව තවත් නිර්මාණවලින් හමුවනු ඇත. රංගනයෙන් ළෙන්ගතු වන ඇය රසික ආදරයට සැමදා ගෞරව කරන්නියක් වනු ඇත. ඇය අපූර්ව රසික මතක දිගහැරි මේ කතාබහ හමාර කළේ “මට ආදරය කළ රසික රසිකාවියෝ නිසා තමයි අද මම සතුටින් ඉන්නේ” යන හැඟීම්බර ප්රකාශයෙනි.
 
ඇය ප්රේක්ෂක ඔබට දී ඇති වටිනාකම ඒ වචන තුළ රැව් පිළිරැව් දී ඇත.
 
තිළිණි කෞශල්යා විජේසිංහ
මව්බිම පුවත්පතේ "හදගැස්ම" අතිරේකයෙන් උපුටා ගත් ලිපියක්...


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top