Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
01
රජ පවුලේ කෙනෙහිළිකම් මැද හදිසියේම, හැරී සහ මේගන්ගේ සුපිරි මන්දිරියට ඉහළින් ඩ්‍රෝන යානයක් කඩා පාත් වුනේ ඇයි ? කැලිෆෝනියා ප්‍රාන්තයම බිය වැද්දූ සිද්ධිය මෙන්න - Video & Photos

- රජ පවුලේ කෙනෙහිළිකම් මැද හදිසියේම, හැරී සහ මේගන්ගේ සුපිරි මන්දිරියට ඉහළින් ඩ්‍රෝන යානයක් කඩා පාත් වුනේ ඇයි ? කැලිෆෝනියා ප්‍රාන්තයම බිය වැද්දූ සිද්ධිය මෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,140 Views
"ඔවුන් එහෙම ඉන්න එක ගැන රැජින ඉන්නේ නම් අමනාපයෙන්.."
 
කැලිෆෝනියාවේ උසාවියට හැරී හා මේගන් ඉදිරිපත් කළ නඩුව...
 
"අපි මේගන් වෙනුවෙන් රතු කාපට් අතුරලා තියෙන්නේ.."
 
රාජකීයත්වය අත් හැරීමෙන් පසු, බ්රිතාන්යයේ දෙවැනි එලිසබෙත් මහ රැජීණගේ මුනුපුරු ඔටුන්න හිමි හැරී කුමරු දැන් ඔහුගේ බිරිඳත් දැන් ජීවත් වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ...යි.
 
ඔවුන්ගේ පුංචි පුත් කුමාරයා තමයි "ආචි". කොහොම වුනත් හැරී මේ බිරිඳත් එක්ක නික්මුනු එක ගැන, එලිසබෙත් රැජීන ඉන්නේ නම් ඒ තරම් හිත හොඳකින් නෙවෙයි කියලා එරට මාධ්ය පසුගිය සතියේ වාර්තා කළා.

මේ සියලු අලකලංචි අස්සේ, පැපරාසීන් ගේ වැඩිම අවධානය යොමු වෙලා තියෙන්නේ පුංචි ආචි කුමරු දිහාවටයි.
 
ආචි කුමරු මාධ්යයට වහං වෙලා ඉන්න එක ඉවසුම් නොදෙන තැන, මේගන් හා හැරී ආචි එක්ක ඉන්න මන්දිරයට ඉහළින් "ඩ්රෝන" යානාවක් පියාසර කර ඇති බවට පුවතක් ඩේලිමේල් වාර්තා කරනවා.
 
මෙම චෝදනාව එල්ල කරන හැරී හා මේගන් පවසා සිටින්නේ කැලිෆෝනියාවේ පිහිටි තමන්ගේ නිවසට ඉහළ අහසේ පියාසර කළ මෙම ඩ්රෝන යානාව මඟින්, ආචි කුමරුගේ ඡායාරූප ගෙන නීති විරෝධි කටයුත්තක නියැළී ඇති බවයි.
 
මේ සම්බන්ධයෙන් ඔවුන් නඩුවක් ද ගොනු කර ඇති බව, විදෙස් මාධ්ය වාර්තා කළා.
 
ඔවුන් විසින් කැලිෆෝනියාවේ උසාවියට යවා ඇති ගොනුවේ සඳහන් වන්නේ මාස 14ක් වයසැති තම පුත් ආචිගේ ඡායාරූප ප්රසිද්ධ නොකර ඇති පසුබිමක මෙසේ නීතිවිරෝධිව තමන්ගේ පෞද්ගලිකත්වයට හානි පමුණවමින් ඡායාරූප ගත කිරීමක් සිදු කර ඇති බවයි.
 
මේ අතර පසුගිය දිනෙක, බ්රිතාන්යයේ 'නැෂනල් එන්ක්වයරර්' කියන සඟරාව ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කරමින්, රැජින විසින් පැවසුවා යැයි කියන දෙයක් ප්රසිද්ධියට පත් කළා.
 
"ඔයාට ඕනෑ වෙලාවක එන්න පුළුවන්. ඒත් ඒ යක්ෂණිය, මේගන්ට එන්න බැහැ, එයාව දික්කසාද කරන්න.." මෙලෙසින් රැජින දිගින් දිගටම හැරී කුමරුට ආයාචනා කළ බව රජ පවුලට සමීප රාජකීය සේවකයෙකු එම සඟරාවට තොරතුරු කී බව සඳහන්.
 
කොහොම වුනත් මේ හෙළිදරව්වත් සමඟ රජ පවුල ආයෙමත් "ගිනි ඇවිළුනා" කිව්වොත් හරි. රජ පවුල හා මේගන් කුමරිය අතර ආරවුල් අර්බුද අද ඊයේක පටන් ගත්ත දේවල් නෙවෙයි.
 
ඇත්තටම කේට් කුමරිය හා මේගන් කුමරිය අතර විරසකයත් මාධ්යයට වහං කරන්න ඔවුන්ට නොහැකි වුනා.
 
‘රජ පවුලෙන් හැරී කුමරුන් ඉවත් කර ගත්තේ මේගන්. ඇය පුංචි ආර්චි ප්රාණ ඇපයට තබා ගත්තා වගෙයි. පළමුව ඇය කැනඩාවට ගියා. ඉන්පසු ඇය හැරී කුමරු කැනඩාවට ගෙන්වා ගත්තේ එහෙමයි. ඒ වනවිට මාස 10 ක් වයසැති ආර්චි පුතුට අත්වුණු ඉරණම ගැන මහ රැජින පමණක් නොව මහ රැජිනගේ සැමියා පිලිප් කුමරු දැඩි ලෙස දුක්වුණා. මහ රැජින සිටියේ ලොකු කනගාටුවකින්’ මේ 'නැෂනල් එන්ක්වයරර්' සඟරාවේ පළව තිබූ සටහනක්..
 
කොහොම වුනත් මේ සියලු කයි කතන්දර ප්රතික්ෂේප කරන, විලියම් හා කේට් තමන් "මේගන් වෙනුවෙන් රතු කාපට් අතුරා ඇති බව" (අර්ථය අනුව ඕනෑම වෙලාවක පිලිගැනීම සුදානම් බව. එහෙම නැත්තම් ප්රතික්ෂේප නොකර ඇති බව.) කියා තිබෙනවා.
 
එමෙන්ම ඔවුන්ට එදිරිව නැගෙන චෝදනා ද ඔවුන් විසින් එක හෙළා ප්රතික්ෂේප කර ඇති බව සඳහන්.
 
මෙම "රතු කාපට් කතාව" කේට් කුමරියට හා විලියම්ට සමීප අය විසින් මාධ්යයට ගෙනැවිත් ඇති බවයි ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරන්නේ.
 
මෙම සමීපතමයින් වැඩිදුරටත් කියා තිබෙන්නේ එක්සත් ජනපද නිළියක් වුවත්, මේගන්ට ඔවුන් රාජකීය පිළිගැනීමක් ලබා දුන් බවයි.
 
මෙවන් කරුණු දැක්වීමකට වඩාත් හේතුවී ඇත්තේ හැරී හා මේගන්ට සමීප යැයි සඳහන් ඔමිඩ් ස්කොබි සහ කැරොලින් ඩුරන්ඩ් විසින් ලියූ ග්රන්ථයක ඇතුළත් ව ඇති කරුණු බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
 
බ්රිතාන්යයන් අතර ප්රචලිත සඟරා බොහෝමයක් මේගන්, හැරී හා රජපවුලේ අර්බුදය වඩා රසවත් කර ප්රචාරය කරමින් සිටින අතර මේ නිසා නැවතත් රජ පවුලේ උදවිය "පුපුරා යාමට ආසන්න" මට්ටමක සිටිනවා.
 
By Lakshan
Dailymail ඇසුරිනි.




 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top