ජූනි 20 වන දා ඔක්ලහෝමාහි පැවති ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රැලියකටත් සහභාගී වෙලා...
2012 වසරේදී ඇමෙරිකාවේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වූ Republican pizza ව්‍යාපාර ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී හර්මන් කෙයින් කොවිඩ්-19 වැළඳීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
74 හැවිරිදි හර්මන් කෙයින් මේ මස මුලදී කොවිඩ්-19 වැළඳීමෙන් පසු රෝහල්ගත කර තිබිණි.
2006 වසරේදී පිළිකා රෝගයකින් සුවය ලැබූ ඔහු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඇමෙරිකාවේ ජීවිතක්ෂයට පත්වූ ප්‍රකට පුද්ගලයින් අතරින් කෙනෙකි.
හර්මන් කෙයින් පසුගිය ජූනි 20 වන දා ඔක්ලහෝමාහි පැවති ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රැලියකට මුව ආවරණ නොමැතිව සහභාගි වී සිටිනු දක්නට ලැබිණි.
ඔහු ජූලි 01 වන දා රෝහල්ගත කෙරුණු අතර කොරෝනා වෛරසය ආසාදනය වූයේ, කොතනක ද? කෙදිනක ද? යන්න පැහැදිලි නැත.