ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව පාදක කරගෙන නිර්මාණය කිරීමට යන චිත්‍රපටියේ රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිතව ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා.
මෙම චිත්‍රපටිය "800" ලෙස නම් කර ඇති බවත්, එහි මුරලිගේ චරිතයට දකුණු ඉන්දියානු ජනප්‍රිය නළු විජයසේදුපති පණ පොවන බවත් මීට පෙර මාධ්‍ය වාර්තා කළා.
මේ වනවිට එහි සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස සෑම් සී.එස් කටයුතු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මීට පෙර විජයසේදුපතිගේ රංගනයෙන් තිරගත වූ වික්‍රම්වේදා චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂවරයා ලෙස මොහු කටයුතු කර තිබුණා.
එම චිත්‍රපටියේ ගීත සහ පසුබිම් සංගීතය ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වීමත් විශේෂත්වයක්.
කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වීමට පෙර මෙහි රූගත කිරීම් ආරම්භ කර තිබු බව ද සඳහන්.
කෙසේ වෙතත්, "800" චිත්‍රපටියෙන් විජයසේදුපති ඉවත්විය යුතු බවට පවසමින් ඇතැම් පිරිස් මීට පෙර විරෝධතාවල නිරත වීම ද දැකගත හැකි වුණා.