ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ස්ථාවර ස්ථානයක් හිමිකරගෙන ඇති ක්‍රීඩකයෙකු ලෙස හර්දික් පාණ්ඩ්‍යා හඳුන්වා දෙන්න පුළුවන්.
ඔහු පසුගිය ජනවාරි මාසයේදී නටාෂා නමැති නිළියක සමඟ විවාහ ගිවිස ගත් අතර ඉදිරියේදී විවාහ කරගැනීමට සූදානම් බව ද ප්‍රකාශ කර සිටියා.
කෙසේ වෙතත් කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමඟ ඉන්දියාව සම්පූර්ණයෙන් වසා දැමුණු අතර විවාහ උත්සව පැවැත්වීම ද අත්හිටුවීට එරට රජය තීරණය කළා.
මීට මාස කිහිපයකට පෙර ගැබිණියක්ව සිටි නටාෂා සමඟ සිටින ඡායාරූප කිහිපයක් ඔහුගේ සමාජ මාධ්‍ය වෙත එක් කරමින් කියා සිටියේ, තම නිවසට පැමිණෙන අමුත්තා ඉතා සාදරයෙන් පිළිගැනීමට තමන් සූදානමින් සිටින බවයි.
කෙසේ වෙතත් ඊයේ දිනයේදී තමන්ට පුතෙක් සිටින බව ප්‍රකාශ කරමින් පාණ්ඩ්‍ය පුතුගේ අතත්, ඔහුගේ අතත් එකට තිබෙන ඡායාරූපයක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කිරීමට කටයුතු කර තිබුණා.
මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩකයින් සහ රසිකයින් ඔහුට සුබ පැතුම් එක් කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ.