Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
31
"ඒගොල්ලො මට බයවෙනවා. මාව දැක්කම අඬන්න ගන්නවා. කවුරුත් මට කැමති නෑ,." - එක කුස උපන් සිඟිති නැගණිය ඇතුළු සිඟිත්තියන් ගණනාවක් හිත්පිත් නැතිව ඝාතනය කළ, අවුරුදු අටක් වයස, ලෝකයේ ළාබාලතම Serial Killer ගැන ඇඟ ලොමු දැහැ ගැන්වෙන කතාව - Photos

- "ඒගොල්ලො මට බයවෙනවා. මාව දැක්කම අඬන්න ගන්නවා. කවුරුත් මට කැමති නෑ,." - එක කුස උපන් සිඟිති නැගණිය ඇතුළු සිඟිත්තියන් ගණනාවක් හිත්පිත් නැතිව ඝාතනය කළ, අවුරුදු අටක් වයස, ලෝකයේ ළාබාලතම Serial Killer ගැන ඇඟ ලොමු දැහැ ගැන්වෙන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,453 Views
"පොලිසියට ගියාට පස්සෙ ඔහු බිංදුවක්වත් බයවුනේ නෑ, ඇස්වල තිබ්බේ මුරණ්ඩු පෙනුමක්.."
 
සියල්ල පාපොච්චාරණය කරමින් අමර්ජිත් පොලිසියේදී හෙළි කළ අතිශය භයානක කතාව...
 
"අවසන් වරට ඝාතනය කරපු දැරියට මාස හයක් පිරුණා පමණයි!"
 
දාම ඝාතකයින් (Serial Killer) පිළිබඳ තොරතුරු ඔබ අසා තිබේ ද? ඔබ අපරාධ පිළිබඳ සිනමා රසිකයෙක් නම් අනිවාර්යෙන්ම ඔබ "දාම ඝාතකයින්" (Serial Killer) වටා ගොඩ නැගුණු සිනමා නිර්මාණ ඕනෑ තරම් නරඹා ඇති....
 
වසංගතයක් පවත්නා මෙවන් අවධියක පවා දාම ඝාතකයින් පිළිබඳ ලෝකයේ වැඩි අවධානය යොමුව තිබෙනු දැකිය හැකියි.
 
ඒ මෙම වසරේ එළිදැක්වුනු මිසිස් සිරියල් කීලර්, රිකොනින්ග්, සික් මයින්ඩ, ෆොරෙන්සික් යන චිත්රපටි රසික අවධානය දිනාගත් චිත්රපට කිහිපයක්.

එහෙත් මේ ලිපිය ලියැවෙන්නේ එම චිත්රපට පිළිබඳවනම් නොවේ. රසිකයින් අතර ජනප්රිය වූ ෆොරෙන්සික් නම් මලයාලම් චිත්රපටයේ එක් චරිතයක් විසින් එක් දර්ශනයකදී තම සඟයින්ට විස්තර කර දක්වනු ලබන ඉන්දියාවේ දාම ඝාතකයෙකු පිළිබඳවයි. සත්ය වශයෙන්ම ඔහු ලොව ළාබාලතම දාම ඝාතකයායි.
 
"අමරජිත් සාදා" උපත ලබන්නේ ඉන්දියාවේ දුෂ්කර ප්රදේශයක් වන බිහාර් ප්රාන්තයේ යි. ඔහුගේ උපන් වර්ෂය ලෙස සඳහන් ව ඇත්තේ 1998 වසරයි. ඔහු කුඩා කළදීම ඔහුගේ පවුල මුෂාහරි නම් ගමේ පදිංචියට ගිය අතර ඉතා දිළිඳු ගොවියෙක් වූ ඔහුගේ පියා උපයා සපයා ගත් දෙයින් යන්තම් ජීවිතය ගැටගසාගන්නට ඔවුන්ට සිදුවී තිබුණා.
 
කෘෂිකාර්මික ගම්මානයක් වූ මුෂාහරි ඉතා සාමකාමී වටපිටාවක් සහිත එකක් වුවත් කිසිවෙකුටත් අදහාගත නොහැකි ආකාරයේ යමක් මෙම ගමේ සිදුවෙමින් පැවතුණා.
 
එදින භගවාන්පූර් පොලිසියේ මුල්ලක හිඳගෙන සිටියේ අවුරුදු අටක් පමණ වයසැති කොලුගැටයෙක්. සාමාන්යයෙන් කුඩා දරුවෙකු පොලිසියට රැගෙන ආ විට ඔහු ගෙන් බියක් හෝ වික්ෂිප්ත බවක් දිස්වීම සාමාන්ය සිදුවීමක් බවත් මේ කොලුගැටයා කියා සිටියේ දුටුවන් දවා අළු කරනා ආකාරයේ මුරණ්ඩු බැල්මක් සහිතවයි.
 
පොලිසියේ දුරකථනය ටික වේලාවකට පෙර දිගින් දිගටම අසාමාන්ය ලෙස නාද වීමත්, මුෂාහරි ගම්මානයේ මිනීමැරුමක් සිදුව ඇති බව නන්නාඳුනන ගම්වැසියෙක් විසින් දැනුම් දීමත්, ඒ වන විටත් ගම්වැසියන් විසින් සැකකරු අල්ලාගෙන තිබීමත් මේ සිද්ධියේ පෙර කතාවයි.
 
සැකකරු ගෙන් ප්රශ්න කිරීම් අරඹන විට මේ තමා ඉදිරියේ සිටින්නේ ඝාතන රාශියක් සිදු කළ අපරාධකරුවෙකු යැයි ඔවුන් නොසිතන්නට ඇති.
 
සැකකාර කොලුවා අත්අඩංගුවට ගැනීමට පෙර නැවත නැවතත් දරුවෙක් මෙවන් අපරාධ කරන්නේ කෙසේද යන්න ඔවුන් ගම්වැසියන්ගෙන් පුන පුනා අසා ඇත්තේ ඒ නිසායි.
 
එහෙත් පොලිසියට තරු පෙනෙන්නේ ගම්වැසියන් මේ කොලුවාට නැගු චෝදනා සියල්ලක්ම ඔහු විසින් සිදු කළේ යැයි පිළිගෙන පාපොච්චාරණය කිරීමෙන් පසුවයි. ඉන් වඩාත්ම කණගාටුදායක පුවත වූයේ අමර්ජිත් විසින් අලුතින්ම මරා දමා තිබුනේ මාස හයක් වයසැති කුඩා දැරියක් වීමයි.
 
ප්රදේශවාසී කාන්තාවක් වූ චං චං දේවී නම් තැනැත්තිය මාස හයක් වයසැති කුෂ්බූ නම් වූ ඇගේ දියණිය අසළ ග්රාමීය පාසලක (ඔවුන්ගේ පාසල් සාමාන්යයෙන් ඉදි කරනු ලබන මඩු වැනි යි.) නිදි කරවා කුමන හෝ අවශ්යතාවයකට මඳකට එතැනින් පිට වුනා.
 
ඇය සිය දියණිය ගැනීමට නැවත පැමිණි විට දියණිය එහි සිටියේ නැහැ.
 
ඇය සිය දියණිය සොයා වෙහෙසෙද්දි අමර්ජිත් කුඩා බිළිඳියගේ පණ නසා අවසන් වුනා. බිළිඳියගේ මරණය සම්බන්ධයෙන් වන සැකය නිසාම ගම්මුන් ඔහු අල්ලාගෙන ප්රශ්න කරද්දි අමර්ජිත් , ඇයව ඝාතනය කළ ආකාරය හෙළි කළේ කිසිම අනුකම්පාවකින් තොරවයි.
 
ගම්වැසියන් පොලිසියේ සහය පතන්නේ ඒ අනුවයි. ඔහු අල්ලාගෙන සිදුකළ ප්රශ්න කිරීමේදී ඔහු විසින් මීට පෙරද ඝාතනය කරන ලද කෲර ඝාතන සියල්ල පිළිබඳ තොරතුරු අනාවරණය වුනා. පොලිසියේදී ඔහු අනාවරණය කළේ තමා වයස මාස හයේ සිට අවුරුද්ද දක්වා වූ සිඟිත්තියන් කිහිප දෙනෙක් මීට පෙර මරා දැමූ බවයි.
 
අමර්ජිත් අතින් පළමුවෙන්ම ඝාතය කෙරෙන්නේ ඔහුගේම එක කුස උපන් සහෝදරිය බව විශ්වාස කළ හැකි ද? ඔහු ඇය මරා දමන්නේ ඔහුට යන්තම් වයස අවුරුදු හතක් වූ තැනයි.
 
මවගේ උකුලේ නිදමින් සිටි තම බිළිඳු සොයුරිය සුරතල් කිරීම සඳහා ඔහු මවගෙන් ඇය ඉල්ලාගෙන තිබෙනවා. කාටත් නොපෙනෙන්නට නිවස අසළ හිස් ඉඩමක් සොයා ගිය අමර්ජිත් කිසිත් නොදන්නා ලෙස ටික වේලාවකට පසුව හිස් අතින් නිවසට පැමිණ තිබෙනවා.
 
එවිට කලබල වූ නිවැසියන් සිඟිත්තිය සොයා ඇති අතර පසුව නිවස අසළම තැනක බිළිඳිය ඝාතනය කර වියළි කොළවලින් වසා තිබියදී සොයාගත හැකි වුනා. ඉන්පසු ඔහුගේ ගොදුර වී ඇත්තේ ඔහුගේම සිඟිති ඥාති සොයුරියයි.
 
පොලිසිය ඔහු කළ ඝාතන පිළිබඳ පවසන්නට යැයි අමර්ජිත් ට කී විට සිය රැවුම් මුහුණ වෙනස්කර ගෙන අහිංසක ලෙස සිනාසුණූ අමර්ජිත් තමන්ට බඩගිනි බවත් බිස්කට් ඕනෑ බවත් පැවසුවා.
 
පොලිසිය දුන් බිස්කට් කෑමෙන් පසු කිසිදු හැඟීමකින් තොරව ඔහු තමා සිදුකළ ඝාතන ගැන විස්තර කළා. ඔහු කියා තිබෙන ආකාරයට සියලුම සිඟිත්තන් ඝාතනය කර ඇත්තේ හිස් බිමකට ගෙනයාමෙන් අනතුරුව සිහි නැතිවනතුරු ඔවුන්ට පහර දීමෙන් හා ගල්වලින් ඔවුන්ගේ හිස පොඩි වන තුරු පහර දීමෙනුයි. ඉන්පසු පිදුරු හා කොළවලින් මළ සිරුරු වසා දමා තිබෙනවා.
 
"ඒගොල්ලො මට බයවෙනවා. මාව දැක්කම අඬන්න ගන්නවා. කවුරුත් මට කැමති නෑ, ඒ නිසයි මං ඒ අයව මැරුවේ.." 
 
ඔහු මේ ක්රමයට තවත් දරුවන් තිදෙනක් මරා දමා තිබුනා. මේ කතාව අසා සිටි පොලිසිය ඔහුව මනෝ වෛද්යවරයෙකු වෙත යොමු කළ අතර අනාවරණය වී තිබුනේ ඔහු යම් මානසික ව්යාකූලතාවයකින් පෙළෙන බවයි.
 
පරපීඩක කාමුකත්වය එනම් අනුන් හට වේදනාවක් අත්කොට තමා එයින් සතුටක් භූක්ති විඳීම යන මානසික තත්ත්වය ඔහු තුළ වූ බව ඔවුන් පවසා තිබෙනවා. එම තත්ත්වය නිසි ප්රතිකාර මඟින් සුව කළ හැකි බව වෛද්යවරු පැවසුවත් එහි අදහස වූයේ ඔහු සාමාන්ය සමාජයේ තබා එය කළ නොහැකි බවයි.
 
එහෙයින් අධිකරණයේදී නියම වූ පරිදි ඔහු බාලඅපරාධකරුවන් සඳහා වූ විශෝධනාගාරයක් වෙත යොමු කෙරුනා. එහිදි අන් අය සමඟ නොගැටෙන සේ අමර්ජිත්ව වෙන් කර තිබුණා.
 
පොලිසිය විසින් අල්ලාගත් දින සිට ජනමාධ්යන්ට ද ඔහු උණුසුම් පුවත් මවන්නෙක් වී සිටියද විශෝධන මධ්යස්ථානයට යොමු කිරීමන් පසුව ඔහු පිළිබඳ කිසි තොරතුරක් ලබා ගැනීමට මාධ්යයට නොහැකි වුනා.
 
අද වන විට ඔහුට වයස අවුරුදු 22ක් පමණ විය යුතුයි. ඔහු සමහර විට අප මෙන්ම සාමාන්ය ජීවිතයක් ගත කරමින් සිටිනවා ඇති. එසේත් නැත්තම් පරපීඩක චර්යාවන් ප්රකට කරමින් කොහේ හෝ තැනක සිට නැවතත් අපරාධ සිදු කරමින් සිටිනවා ද විය හැකියි.
 
එරංගා මාපටුන විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top