කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වනවිට පුද්ගලයින් 17,505,564කට ආසාදනයවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
එම පිරිස අතරින් පුද්ගලයින් 677,465 දෙනෙකු ජීවිතක්ෂයට පත් ඇති බවයි එම සංවිධානයේ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අදාළ වෛරසය ගෝලිය වශයෙන් ව්යාප්තිවීමත් සමඟ බොහෝ රටවල් සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගනු ලැබුවා.
නැගෙනහිර අප්‍රිකානු රටක් වන මලාවි රාජ්‍යයෙහි මාස පහකට ආසන්න කාලයක් පාසල් වසා දමා තිබු අතර එම කාලයේදී පමණක් සිසුවියන් 7000කට ආසන්න ප්‍රමාණයක් ගැබ් ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
මෙම පිරිස අතර වයස අවුරුදු 10 ත් 14ත් අතර දැරිවියන් බවයි එරට සෞඛ්‍ය අංශය ප්‍රකාශ කර ඇත්තේ.
පසුගිය මාර්තු මාසයේදී මලාව රාජ්‍යයේ පාසල්වලට නිවාඩු ලබාදීමට එරට රජය තීරණය කර තිබුණා.
එරට නගරයක් වන පලෝම්බේ හිදී පමණක් මෙලෙස සිසුවියන් දහසකට ආසන්න ප්‍රමාණයක් ගැබ් ගෙන ඇති බව ද සඳහන්.
සිවිල් සංවිධාන පෙන්වා දෙන්නේ, මෙම වසංගත කාල සීමාවේදී ලිංගික අපයෝජන සහ මෙවැනි ගැබ් ගැනීම් අසීමිත ලෙස සිදු වන බවයි.
මේ අතර කෙන්යාවේ ද, මෙලෙස බාලවයස්කාරියන් ගැබ් ගැනීමේ ප්රවනතාවයක් පෙන්නුම් කරන බව ද සිවිල් සංවිධාන වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියා.
පාසල් සිසුවියන් අධික ලෙස ගැබ් ගැනීම් සිදු වන රටක් ලෙස කෙන්යාව හඳුන්වා දිය හැකි අතර දැරිවියන් 1000කින් 82 දෙනෙකු පමණ ගැබ් ගෙන ගන්නා බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.
විදෙස් මාධ්‍ය