මේ අතර, පොළොන්නරුව - ලංකාපුර ප්රදේශයෙන් හඳුනා ගත් කොරෝනා ආසාදිතයාගේ ආශ්රිතයන් 200 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ ඊයේ රාත්රියේ සිදුකර තිබෙනවා.
ලංකාපුර ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයන්, ප්රාදේශීය සභාවේ සේවකයන් සහ පොලිස් නිලධාරීන් ඇතුළු ප්රදේශවාසීන් පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණ එලෙස සිදුකළ බවයි පොළොන්නරුව දිස්ක්රික් පරිපාලන මහජන සෞඛ්ය පරීක්ෂක ජයන්ත චන්ද්රසිරි සඳහන් කළේ.
මේ අතර, රාජාංගණය ප්රදේශයට පනවා ඇති සංචරණ සීමාවන් තවදුරටත් ලිහිල් කර ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව ප්රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් කියා සිටියා.
ඔහු ප්රකාශ කළේ ඒ සම්බන්ධයෙන් ප්රාදේශීය කොවිඩ් කමිටුව අද දිනයේ රැස්වී සාකච්ඡා සිදුකරන බවයි.
කෙසේ වෙතත්, සංචරණ සීමාවන්ලිහිල් කළ ද කණ්ඩායම් වශයෙන් ඒකරාශීවීම් හා ගමන්බිමන් යාම සඳහා තවදුරටත් අවසර හිමි නොවන බව රාජාංගණය ප්රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් සඳහන් කළා.
ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් සිව් දෙනෙකු හඳුනා ගැනුණු අතර, මේ වන විට මෙරට කොරෝනා ආසාදිත සංඛ්යාව දැක්වෙන්නේ 2814ක් ලෙසයි.
ඉන් 2333 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, වෛද්ය අධීක්ෂණය යටතේ තවදුරටත් ප්රතිකාර ලබන්නේ 470 දෙනෙකු පමණක් බව වසංගත රෝග විද්යා අංශය සඳහන් කළා.