Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
31
"උඹ මේ බව කාටවත් කියලා තිබුණොත්, මේ ෆොටෝ ඔක්කොම උඹගේ ගෙදරට එවනවා.." - සුරූපිනියන් 50කට වැඩි පිරිසක් තම ගොදුරු බවට පත් කරගත්, කාමතුරයෙකුගේ සැබෑ තතු හෙළිකරන්නට ගොස්, මරු කටට ගිය මිල්ඩ්‍රේඩ්, එක්සත් ජනපදය කැළඹූ බිහිසුණු ඝාතකයා මෙන්න - Photos

- "උඹ මේ බව කාටවත් කියලා තිබුණොත්, මේ ෆොටෝ ඔක්කොම උඹගේ ගෙදරට එවනවා.." - සුරූපිනියන් 50කට වැඩි පිරිසක් තම ගොදුරු බවට පත් කරගත්, කාමතුරයෙකුගේ සැබෑ තතු හෙළිකරන්නට ගොස්, මරු කටට ගිය මිල්ඩ්‍රේඩ්, එක්සත් ජනපදය කැළඹූ බිහිසුණු ඝාතකයා මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,420 Views
"ලීසා වගේ කෙල්ලන්ව හමු වුණොත් උන්ව ඉතුරු කරන්නට නම් එපා.."
 
"මේකි ජීවත් වෙලා හිටියොත් මම අමාරුවේ වැටෙනවා...."
 
"කමක් නෑ පැටියෝ මම කොහොම හරි මගේ හිත හදාගන්නම්!"
 
සාහසිකයෙකු විදිහට ලෝකයේ අපරාධ වාර්තා ඉතිහාසයට එක් වුනු තැනැත්තෙකි ඇමරිකාවේ ජෙරල්ඩ් තොම්ප්සන්.
 
තොම්ප්සන්ගේ මවුපියන්ට සල්ලි තිබුණා. එයාලා ව්යාපාරිකයෝ. ඒ නිසා තමන්ගේ ලොකු පුතාගේ තරුණ ජීවිතයේ ඕනෑ එපා කම් පිරිමහන්නට එයාලා යහමින් සල්ලි දුන්නා.
 
තාරුණ්යයත් මුදලුත් ආශාවන්ගෙන් ගහන වීමත් ඉතාම ඉක්මනින් කෙනෙකු නොමඟට යවන්නට තරම් හේතු වන බව ඔහුගේ මව්පියන්ට අමතක උනා.

තොම්ප්සන්ට ජීවිතේ බරපතලක් තිබුනේ නෑ. යෞවන මදයෙන් ඔහු මත්ව සිටියා. පියාට කන්කෙඳිරි ගා කැඩ්ලැක් වර්ගයේ රියක් මිලදී ගත් ඔහු එයින් පෙම් ලොව සැරිසරන්නට පටන් ගත්තා. පෙම්වතියන් කිහිප දෙනෙකුම ඔහුට සිටියා.
 
මේ පෙම්වතියන් අතරින් ලීසා වෙනස්ම එකියක්. ඇයට උවමනා වුනේ ජෙරල්ඩ් සැමියා කරගෙන ඔහුත් සමඟ ජීවත් වීමටයි. එහෙත් ජෙරල්ඩ් ගේ කාම සිත දකින දකින සමනළියන් කෙරෙහි යොමුව තිබුණා.
 
එක්තරා දිනෙක ජෙරල්ඩ් සමඟින් ලීසා හබයකට පැටලුනේ තමන් සිටියදීම තවත් තරුණියක නංවාගෙන ඔහු ආපන ශාලාවකට යනු ඇය සියැසින්ම දුටු කාරණය මුල් කොටගෙනයි.
 
අසීමිත ලෙස ජෙරල්ඩ්ට පෙම්බැඳී ලීසා මේ හබයේදී ඔහුව තම නිය පොතුවලින් සූරා දැම්මා. අනතුරුව කුලී රථයක නැගී නිවසට ගිය ඇය යළි කෙදිනකවත් ඔහු හමුවීමට හෝ සබඳකම් නොපැවැත්වීමට සිතා ගත්තා.
 
සිනිඳු මුහුණේ ඉරි තුනක් සහිතව ජෙරල්ඩ්ට දිවි ගෙවන්නට වූයේ මේ උන්මාදනිය කළ ප්රේමණීය අරගලය නිසායි. සති තුනක කාලයක් මුළු මුහුණම වෙලුම් පටි වලින් ඔතාගෙන සිටින්නට ඔහුට සිදු වුනා. අනතුරුව කැළැල් සහිත මුහුණකට උරුමකම් කියූ ඔහුගේ උන්මාද ප්රේමය, වියරුවක් බවට පත් වන්නට වූයේ මේ සිදුවීමත් සමඟයි.
 
"ඕකිගෙන් මම කොහොම හරි පළිගන්නවා.."
 
ඔහු නිතරම මිමිණූවා. එහෙත් ලීසා තම නිවසින් අඩියක්වත් පිටතට තැබුවේ නැහැ. ජෙරල්ඩ්ගේ සිත කීවේ "ලීසා වගේ කෙල්ලන්ව හමු වුණොත් උන්ව ඉතුරු කරන්නට නම් එපා.." යනුවෙනුයි. මේ අතර ජෙරල්ඩ් උපායක් සැලසුම් කළා.
 
ලීසා වැනි රූමත් තරුණියක් යනෙන මාවත ගැන විපරමින් හුන් ඔහු එබඳු තරුණියින් හුදකලා මාවතක තනියම ගමන් කරමින් සිටි නම් තම මෝටර් රථයේ ඇයව වද්දන්නේ හිතා මතායි. ඇද වැටෙන තරුණිය වෙතට දිව එන ඔහු ඇයව ඔසවා ගෙන ගොස් තමන්ගේ රියේ දමා අනතුරු වූ ස්ථානයෙන් නික්ම යන්නේ ප්රතිකාර දෙන්නට යන මුවාවෙන්.
 
මෝටර් රියේ වැදීමෙන් තරුණියක් සිහිසුන් වූයේ නම් එහි වාසියද ඔහුට හිමි වුනා.
 
කැඩ්ලැක් වර්ගයේ මෝටර් රියේ පසුපස අසුනට යුවතිය ගන්නා ඔහු විදුලි වේගයෙන් කැලෑ බද පෙදෙසකට යනවා. තියුණු අවියක් පෙන්වා තමන්ට ගොදුරුව මෝටර් රිය අසනුනේ සිටින ලීසා බඳු තරුණිය ඔහු නිරුවත් කිරීමත් සමඟ අසරණ තරුණියට මේ කාම රකුසාට ගොදුරු වන්නට සිදු වනවා. අවසානයේදී තමන් සතු කැමරාවේ ඇගේ ඡායාරූප ගන්නා ඔහු, "උඹ මේ බව කාටවත් කියලා තිබුණොත් මේ ෆොටෝ ඔක්කොම උඹගේ ගෙදරට එවනවා.." යනුවෙන් තර්ජනය කරනවා.
 
එසේ කී ඔහු යළි තරුණිය හැප්පුනු ස්ථානයටම ගෙනැවිත් දමනවා. මේ ඔහුගේ අපරාධ රටාව වුනා. මහමඟ දිවා කාලයේදී තමුන්ගේ සුපිරි රථයට බියර් වීදුරුවක් තොල ගාන ඔහු ලීසා වැනි රූමත් තරුණියක් ඉලක්ක කොට ගන්නවා.
 
රැකියාව හෝ පාසල හෝ නිවස පිහිටි තැන හොඳින් නිරීක්ෂණය කරන ඔහු අවසානයේදී ගොදුරු ඩැහැ ගන්නට භාවිත කරන්නේ තම රියයි. මේ ආකාරයට ඔහු තරුණියන් හා කාන්තාවන් විශාල සංඛ්යාවක් තම ගොදුරු කරගත්තා.
 
එහෙත් ඔහුගේ අතින් සිදුවූයේ එකම එක මිනීමැරුමක් පමණයි. ඇය ලීසාට සමානම ඇගේ දේහ ලක්ෂණ සහිත මිල්ඩ්රේඩ් නම් රූමතියයි.
 
පෙර පරිදිම ඔහු අතින් දූෂණය ලක්වන්නට පෙරතුව ඇය ඔහුට කීවේ "මම ඔයත් එක්ක ආශ්රය කරන්න කැමතියි" කියායි. මෙය ඔහුට මහත් ආනන්දයක් ගෙන දුන්නා. මේ තරුණිය ඔහුට ගොදුරු වුවත් ඇගේ සිතේ තිබුණේ කෙසේ හෝ ඔහු තමන්ව දූෂණය කළ ජෙරල්ඩ් සමඟින් ව්යාජ ප්රේමයක් පවත්වාගෙන ඔහුගේ ආදරය හරහා ලබාගත් තොරතුරු සියල්ල දින පොතක සටහන් කළා.
 
ජෙරල්ඩ්ට වුවමනා වූයේ ලීසා වැනිම කාය ස්වරූපයෙන් යුතු මේ සොඳුරු ගැටිස්සිය තමන්ගේම කර ගැනීමයි. මුදල් හදල් තිබෙන නිසා වෙනත් ප්රාන්තයකට ගොස් ඇය හා දිවි ගෙවත හැකි බවත් ඔහු ඇයට කීවා. එහෙත් එම තරුණියගේ අදහස වූයේ මේ පාපතරයාට පාඩමක් ඉගැන්වීමයි.
 
"ඔයාගේ අවාසනාව ජෙරල්ඩ් මගේ තාත්තා ප්රාන්ත පොලිසියේ ඔෆිසර් කෙනෙකුට මාව විවාහ කරලා දෙන්න තීන්දු කරලා ඉවරයි.." ඇය ශෝකයෙන් පැවසුවා.
 
"මගේ ජීවිත කතාවම මේකී දන්නවා. මේකි ජීවත් වෙලා හිටියොත් මම අමාරුවේ වැටෙනවා...." ඔහුගේ මනස අවුල් වුනා. "කමක් නෑ පැටියෝ මම කොහොම හරි මගේ හිත හදාගන්නම් අපි කෝපි ටිකක් බීලා ගෙදර යමු.." ඔහු ගොත ගසමින් කීවා.
 
මිල්ඩ්රේඩ් තරුණිය පානය කළ අන්තිම කෝපි කෝප්පය එය වුනා. තම රියෙන් ඇයව නගරයට ඇරලන්න තීරණය කළ ජෙරල්ඩ් මහමඟ පාලමක් අසළදී රිය නතර කළා.
 
"මේක ලෙඩක් වගේ, මම පොඩ්ඩක් බලන්නම්.." කියූ ඔහු ඩිකිය ඇර දඬු අඬුවක් අතට ගෙන හිඳන් හුන් මිල්ඩ්රේඩ්ගේ ඔළුවට වැරෙන් පහර දුන්නා. හිස් කබල බිඳි ලේ ආසනය පුරා විසිර තිබුණා. අඳුර වැටෙන ගොම්මන් යාමයේ ඇගේ නිසල සිරුර පාලමෙන් පහළට දැමුවා.
 
අනතුරුව තම කබායෙන් දෙඅත් පිසදා ගත් ඔහු සැහැල්ලුවෙන් රථයට ගොඩ වුනා. පසුවදා නාඳුනන තරුණියකගේ මළසිරුර ගංඉවුරේ තිබෙනු දුටු තරුණයන් පිරිසක් ඒ බව පොලිසියට දැනුම් දුන්නා. තරුණිය පිළිබඳ පොලිසිය විස්තර සොයා බැලුවා. නමුත් ඔවුන්ට තොරතුරු සොයා ගත හැකි වූයේ ඇගේ පියා සිරුර හඳුනාගත් පසුවයි. ඇගේ කාමරයේ තිබී දින පොතද හමුවුනා.
 
අමුතුම තාලයේ ස්ත්රී දූෂකයාට බිලි වුනු තරුණියන් හා කාන්තාවන් වෙතොත් පොලිසියට තොරතුරු සපයන මෙන් ජනමාධ්ය තුළින්ද ඉල්ලීමක් කෙරුණා. ලැජ්ජාවක් අපකීර්තියත් නිසා තමන්ට සිදුවූ විපත රහසක් කොටගත් තැනැත්තියන් 50 දෙනෙකු පමණ පොලිසියට පැමිණ මේ කාමරකුසා කළ විපැත්තිය ප්රකාශ කළා.
 
ඇමරිකාවේ ඉලිතොයිස් ප්රාන්තයක් නිව්යෝර්ක් නුවරත් භීතියෙන් මුසපත් කළ ජෙරල්ඩ්ට එරෙහිව පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීරණය කළේ ඔහුව එල්ලා මරා දැමීමටයි.
 
තරුණිය මරා දැමූ ජෙරල්ඩ්ට මේ සාහසික ලිංගික අතවර වලට මුල් වූයේ පෙම් කළ තරුණියකට එරෙහි චේතනාව නිසා ඔහුට සමාව දෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඉල්ලා සිටියද අධිකරණය පෙන්වා දුන්නේ ඔහු සාහසික කාමාතුරයෙකු බවයි.
 
ඩබ්ලව්. ඒ. සරත්චන්ද්ර විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක්...

 Gerald T. “Jerry” Thompson
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top