ඡන්ද දායකයින්ගේ ලිපින සොයා ගැනීමට නොහැකි වූ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හාරලක්ෂ 50,000 කට ආසන්න සංඛ්‍යාවක් යළි තැපැල් කාර්යාල වෙත ලැබී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒවා නොලැබුණු ඡුන්ද දායකයෙක් වේ නම්, අදාළ තැපැල් කාර්යාල වෙත ගොස් එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගත හැකි බවයි.
තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලැබුණු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 99% ක් පමණ මේ වනවිට බෙදාහැර අවසන් බවද ඔහු කියා සිටියා.
මේ අතර, පසලොස්වක පොහොය යෙදෙන අගෝස්තු 03 වැනිදා මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදීමට සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් කළ ඉල්ලීම මැතිවරණ කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.
පසුගියදා පැවති රැස්වීමකදී අදාළ ලේකම්වරුන් ඉල්ලා සිටියේ කොරෝනා තත්ත්වය සලකා සිය ප්‍රචාරක කටයුතු නිසිලෙස සිදුකරගෙන යෑමට නොහැකි වූ බැවින් 03 වැනිදා ගෙයින් ගෙට ගොස් ප්‍රචාරක කටයුතු සිදුකිරීමට අවසර ලබාදෙන ලෙසයි.
එහෙත්, පවතින නීතිමය බාධා සහ ආගමික කටයුතුවලට බාධාවීම් සිදුවිය හැකි බැවින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියා.
ඒ අනුව ලබන 02 වැනිදා මධ්‍යම රාත්‍රි දොලහට පෙර සියලු ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කළේ.