ලංකාපුර ප්රාදේශිය ලේකම් කාර්යාලයේ සේවකයෙකු, මෙන්ම, කටාර්, එක්සත් ආරාබි එමිර් රාජ්යයේ සහ තුර්කියේ සිට පැමිණි තුන්දෙනෙකු ඒ අතර සිටියා.
මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 16 දෙනෙකු ඊයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් නික්ම ගියා.
ඒ අනුව රෝගීන් 2,333 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.
එසේම, ලංකාපුර ප්රාදේශීය ලේකම් කාර්යාලයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු එම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සෙසු කාර්ය මණ්ඩලය සහ අදාළ ආසාදිතයාගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.
ඔහුගේ පවුලේ සාමාජිකයින් 3 දෙනෙකු පූනානි කඳවුර වෙත නිරෝධායනය සඳහා යොමුකළ බවයි සෞඛ්ය අංශ සඳහන් කළේ.
පසුගිය 16 වනදා ද, ලංකාපුර ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් කොරෝනා ආසාදිතයෙකු සොයා ගැනුණා.
අදාළ ආසාදිතයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්යස්ථානයෙන් හඳුනා ගත් ආසාදිතයෙකුගේ ආශ්රිතයෙකු වන අතර, ඊයේ හඳුනාගත් කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයාද එම ආසාදිතයාගේ ආශ්රිතයෙකු බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව ලංකාපුර ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ප්රාදේශීය සභාවේ 325 දෙනෙකුගේ පමණ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ ප්රකාශ කළා.