බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළයාම හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.
ඒ අනුව එම ප්‍රදේශවල වෙරළ ආශ්‍රිතව ජීවත්වන ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වාදෙනවා.
ඒ අනුව සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
වයඹ පළාතේ වැසිවාර කිහිපයක් ඇතිවන අතර ඌව පළාතේ ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
මේ අතර දකුණු පළාත සහ පොලොන්නරුව, මන්නාරම, මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ඇතැම්විට පැයට කිලෝමීටර් 60ක් දක්වා වර්ධනය විය හැකි බවයි එහි දැක්වෙන්නේ.