Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
30
ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා, ගිරිතලේ පාසලක සිසුන්ට හා ගුරුවරුන්ට සිදු වූ දේ - ස්වයං නිරෝධායනය වන පුද්ගලයෙක් බාහිර සමාජයට පැමිණීම නිසා මොරටුවත් උණුසුම් වෙයි - Video

- ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා, ගිරිතලේ පාසලක සිසුන්ට හා ගුරුවරුන්ට සිදු වූ දේ - ස්වයං නිරෝධායනය වන පුද්ගලයෙක් බාහිර සමාජයට පැමිණීම නිසා මොරටුවත් උණුසුම් වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,789 Views
ප්රදේශවාසීන් මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් සමඟත් ගැටුම් ඇති කර ගනී..
 
2814ක් දක්වා ඉහළ ගිය මෙරට කොරෝනා අලුත්ම තත්ත්වය මෙන්න..
 
ලංකාපුර ප්රාදේශීය ලේකම් කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනයවී ඇති බවට තහවුරුවීමත් සමඟ ඔහුගේ හඳුනා ගත් ආශ්රිතයන් PCR පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරුණා.
 
මේ අතර, කොවිඩ් ආසාදනය වී රෝහල් ගතව ප්රතිකාර ලබන සංඛ්යාව 462 දක්වා පහළ ගොස් තිබෙනවා.

ලංකාපුර ප්රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහයෙකු ලෙස සේවය කරන පොළොන්නරුව - තල්පොත ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකුට කොවිඩ් 19 වෛසරය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
 
ඔහු කන්දකාඩු රැඳවුම් මධ්යස්ථානයෙන් හඳුනාගත් රෝගියෙකුගේ සමීප ආශ්රිතයෙක්.
 
පසුගිය 28 වැනිදා සිදුකළ දෙවැනි PCR පරීක්ෂණයෙන් මොහුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති අතර ඔහු මීට පෙර නිරෝධායනය වන ලෙසට උපදෙස් ලද පුද්ගලයෙක්.
 
කෙසේ වෙතත් ඔහු ප්රදේශයේ අවමඟුල් උත්සවයකට, මත්පැන් සාද කිහිපයකට, ප්රදේශයේ ජල පෙරණ බෙදාදීමේ වැඩසටහනකට සහභාගි වී තිබෙන බවත් හෙළි වුණා.
 
මීට අමතරව එම ආසාදිතයා සංචරණය කළ ස්ථානලෙස ලංකාපුර ආයුර්වේද රෝහල සහ පොලිසිය හඳුනාගෙන ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා.
 
ඒ අනුව අදාළ පුද්ගලයා සේවය කරන ලංකාපුර ප්රාදේශීය ලේකම් කාර්යාලය සහ ඔහු සංචරණය කළ ආයුර්වේද රෝහල තාවකාලිකව වසා දමා විෂබීජහරණ කටයුතු සිදුකෙරුණා.
 
මේ අතර අදාළ කාර්යාල කාර්ය සහායකයා ළඟින් ඇසුරු කළ ගිරිතලේ මධ්ය මහා විද්යාලයේ ගුරුවරයෙකු පසුගිය දිනවල විද්යාලයේ ඉගැන්වීම් කටයුතු සිදුකර තිබෙනවා.
 
ඒ හේතුවෙන් එම විද්යාලයේ සිසුන් 450ක්, ගුරුවරුන් 82 ක් සහ අනධ්යයන කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කෙරුණා.
 
මේ අතර මොරටුව පීරිස් මාවත ප්රදේශයේ නිවසක නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු බාහිර සමාජයේ සැරිසරණ බවට ප්රදේශවාසීන් චෝදනා කරනවා.
 
අදාළ පුද්ගලයා විදෙස් රටක සිට පැමිණ මීගමුව ප්රදේශයේ පෞද්ගලික හෝටලයක නිරෝධායනය වීමෙන් පසුව තම නිවෙස තුළ ස්වයං නිරෝධායනයට යොමුකර තිබූ පුද්ගලයෙක්.
 
මේ පිළිබඳව දැනුම්දීමෙන් පසුව ප්රදේශයේ මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් එම ස්ථානයට පැමිණි අතර ඔවුන් සහ ප්රදේශවාසීන් අතර මතභේදාත්මක තත්ත්වයක්ද හටගත්තා.
 
මේ අතර, කොවිඩ් 19 ආසාදිතව ප්රතිකාර ලැබූ තවත් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට දී සුවය ලැබූ සමස්ත සංඛ්යාව 2333 දක්වා ඉහළ ගියා.
 
ඒ අනුව, තවදුරටත් රෝහල් ගතව ප්රතිකාර ලබන්නේ 467 දෙනෙකු පමණයි.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top