දිය නෑමෙන් පසු නවාතැනට ආ මාස දහසයක දියණිය අසනීප තත්ත්වයකින් පෙළෙන්නට වුනා.
මව මැදිහත්ව දියණීය මීගමුව මහ රෝහලට ඇතුළත් කරනු ලැබුවේ දාරක ප් රේමයට මුල් තැන දෙමිනුයි. එහෙත් සිදුවූයේ වෙනකකි. රෝහලේදී දැරිය මිය ගියා. වෛද් ය නිගමනය වූයේ එම දැරිය කෙලෙසා පහර දී මරණයට පත් කර ඇති බවයි.
ඒ අනුව සිඟිත්තියගේ මරණය මිනිස් ඝාතනයක් බවට මීගමුව රෝහල් පොලිසිය මීගමුව පොලිසියට දැනුම් දුන්නා.
මූලික පරීක්ෂණවලින් අනතුරුව දැරියගේ මරණය සම්බන්ධයෙන් බාප්පා අත්අඩංගුවට පත් වුනා.
මෙසේ අත්අඩංගුවට ගනු ලපැබුවේ 22 හැවිරිදි කම්කරුවෙකු වන පුත්තලම 6 කණුව වට්ටකන්ඩල් හි පදිංචි අයෙක්.
මෙම පාපතරයාගේ ගොදුරක් බවට පත්ව මියගියේ 2019 පෙබරවාරි මස 2 වැනි දින ඉපදුනු දැරියක්. මීගමුව පෙරියමුල්ලේ පිහිටි දිවා රාත් රී විවෘත හෝටලයක පිටතින් ඇති වැසිකිළි කාමරයක් තුළ දී මේ සාහසික අපරාධය සිදුව තිබුණා. දැරිය මව සමඟ මීගමුව අබින් පාලම යට පදිංචිව සිටියා, විවාහක පුරුෂයා ඔවුන් අත්හැර දමා තිබෙනවා.
අනතුරුව දැරියගේ මව සැකකරු සමඟ මාස 4ක පමණ කාලයක සිට ඔහුගේ පෙර විවාහයේ වයස අවුරුදු හතරක පිරිමි දරුවාද ඇගේ දියණිය ද සමඟ පාලම යට තාවකාලිකව සිට තිබෙනවා.
කාන්තාව දරුවන් දෙදෙනා සමඟ හෝටලය අසළ සිඟමන් යැදීමෙන් ජීවිකාවක් ගෙන ගොස් තිබෙනවා.
ජූලි මස 13 දින රාත් රී හතට පමණ සැකකාරිය දරුවන් දෙදෙනා සමඟ සිඟමන් යැදීම සඳහා හෝටලය අසළට පැමිණ ඇති අතර පැය භාගයකට පමණ පසු පැමිණි සැකකරු දරු දෙදෙනා නෑවීම සඳහා රැගෙන ගොස් තිබුණා.
අනියම් සැමියා සමඟ දිය නෑමට යාමෙන් පසු අසනීප තත්ත්වයකට පත් ව දැඩි ලෙස මළානික අන්දමින් සිටි දැරිය මීගමුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි මිය ගියේ.
13 වැනිදා දහවල් බිළිඳිය වඩා ගත් සැකකරු හෝටලයේ නාන ටැංකිය අසළට ගොස් තිබෙනවා. එහිදී සැකකරු දීර්ඝ වේලාවක් දැරියට බරතපළ ලිංගික අතවර කළ බව සඳහන්.
එහිදී දැරිය සිහිසුන් වන අවස්ථාවේ සැකකරු බියට පත්ව දැරිය හෝටලයේ නාන ටැංකියෙන් නහවා තිබෙනවා. තම දරුවා රැගෙන ගිය අනියම් සැමියා පැමිණීමට ප් රමාදවීම හේතුවෙන් දැරියගේ මව ඔවුන් සොයා ගොස් තිබෙනවා.
ඒ අවස්ථාව වන විට දැරිය දැඩි මළානිකභාවයට පත්ව සිටි ඇති අතර තදබලව අසනීපයට පත්ව ඇතැයි කියමින් කලබල වූ මව දැරිය වහා රෝහලට ඇතුළත් කළා. වෛද් යවරුන් දැඩි උත්සහයක් ගත්තත් දැරියව බේරාගත නොහැකි වුනා.
චෝදනා ලැබූ තරුණයා (මවගේ අනියම් සැමියා) හා ඊට ආධාර අනුබල දුන් කියන චෝදනාව යටතේ දැරියගේ මව මේ මස 28 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුනා.
මෙලෙස රිමාන්ඩ් ගත කළේ, අබ්දුල් කපූර් නවුපර් (22) හා ඉම්මා සලප් හලාල්දිනක් පාතිමා මින්නා (22) නම් දෙදෙනා යි.
කෲර ලෙස දැරිය දූෂණය ඝාතනය කර ඇතැයි පොලිසිය පළමු සැකකරු පිළිබඳව අධිකරණයට කරුණු දක්වමින් පැවසුවා.
දෙවැනි සැකකාරිය මෙම ඝාතනයට සිදු කිරීමට පළමු සැකකරුට ආධාර අනුබල දුන් බවට කරුණු අනාවරණය වී තිබෙනවා.
සැකකරු හා සැකකාරිය පුත්තලම ප් රදේශයේ ස්ථිර පදිංචිකරුවන් වන අතර මීගමුව අබින් පාලම අසළ තාවකාලිකව පදිංචිව සිටියා.
සැකකරු පොල් කැඩීමේ වෘත්තිය සඳහා සිය බිරිය සමඟ මීගමුවට පැමිණ තිබෙනවා. පොල් කැඩීමට අමතරව සැකකරු තම තරුණ බිරිය සමඟ යාචක වෘත්තියේ නිරතව තිබෙනවා. මේ අතර ඔහුත් 22 හැවිරිදි එක්දරු එක්දරු මවක් වන යාචක කතක් සමඟ අනියම් සම්බන්ධයක් ගොඩ නගාගෙන නීත් යානූකූල බිරිය සමඟ මීගමුව පෙරියමුල්ලේ දිවා රාත් රී අවන්හලක් අසළ දිවි ගෙවා තිබෙනවා.
එම්. පී. කුමාර විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි සැකසිණි. VIDEO