Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
30
"බිරිද මිය යද්දී අවුරුදු 21යි.." - තාක්ෂ­ණික වැරැ­ද්දක් නිසා දඬුවමින් නිදහස් වුණු ශ්‍රී ලාංකේය කැනේ­ඩි­යා­නු­වාගේ සුප්‍රසිද්ධ නඩුව

- "බිරිද මිය යද්දී අවුරුදු 21යි.." - තාක්ෂ­ණික වැරැ­ද්දක් නිසා දඬුවමින් නිදහස් වුණු ශ්‍රී ලාංකේය කැනේ­ඩි­යා­නු­වාගේ සුප්‍රසිද්ධ නඩුවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,273 Views
නඩු­ව­කදී තාක්ෂ­ණි­කව සිදු වූ අත් වැර­ද්දක් නිසා කැන­ඩාවේ ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය විභාග නොකර අත්හැර දැමූ ඝාතන නඩු­වක් නිසා පසු­ගි­යදා කැන­ඩාව කම්ප­න­යට පත්විය. එය අපට වඩාත් සංවේදී සිදු­වී­මක් වන්නේ එම සිද්ධියේ වින්දි­තයා මෙන්ම චූදි­තයා ද ශ්‍රී ලාංකි­ක­යන් වීම නිසාය.

කැන­ඩාවේ ජීවත් වූ ශ්‍රී ලාංකික ද්‍රවිඩ සර­ණා­ගත යුව­ලක් මෙම සිදු­වී­මට මුල් වී තිබේ. චූදි­තයා සිව­ලෝ­ග­නා­දන් තන­බා­ල­සිං­හම්ය. වර්ෂ 2012 අගෝ­ස්තු­වේදී සිදුවූ ඔහුගේ බිරිය වන අනූජා බාස්ක­රන් ඝාත­න­යට සැක පිට සිව­ලෝ­ග­නා­දන් අත්අ­ඩං­ගු­වට ගනු ලැබිණ. මොන්ට්‍රි­යල් නුවර සිය නිවස තුළම ඝාත­නය වන­විට අනූ­ජාගේ වයස අවු­රුදු 21 කි.

සිව­ලෝ­ග­නා­දන් එම ඝාත­නය කළ බවට සැක කෙරෙන සාධක ගණ­නා­වක් නඩු­වට ගොනු වී තිබුණි. 2011 සහ 2012 වර්ෂ­ව­ලදී සිදු­වීම් තුන­කට අදා­ළව ඔහු දණ්ඩ­න­යට ලක් වී සිටි අතර අනුජා බාස්ක­රන්ට පහ­ර­දීමේ චෝද­නාව මත ඔහු සිවු මසක් බන්ධ­නා­ගා­ර­ගත විය. පිටු­ව­හල් කිරීමේ නියෝ­ග­යක් ද ඔහුට එරෙ­හිව තිබුණි.

කැන­ඩාවේ ක්විබෙක් අධි­ක­ර­ණය විසින් වර්ෂ 2012 දී සිව­ලෝ­ග­නා­දන් අත්අ­ඩං­ගු­වට ගෙන මූලික නඩු විභා­ගය පවත්වා සාක්ෂි ගොනු කර­න්නේය. ඔහුට එරෙ­හිව නඩුව ආරම්භ කර­න්නට සැල­සුම් වන්නේ වර්ෂ 2017 අප්‍රේල් මාස 10 දාය. එහෙත් මේ කාලය වන­විට රටේ අධි­ක­ර­ණය මානු­ෂික අයි­තීන් පද­නම් කර­ග­නි­මින් ස්වකීය අධි­ක­රණ ක්‍රියා­ව­ලිය පුළුල් කිරී­මක් සිදු විය. මේ වෙනස සිදු වන්නේ එක්තරා නඩු තීන්දු­වක් මුල් කර­ග­නි­මිනි. වර්ෂ 2016 දී ආර්.වී.ජොර්දාන් වෙත ලබා දුන් එම තීන්දුව ප්‍රකා­රව කියැ­වුණේ යම් අප­රාධ නඩු­වක් ප්‍රාදේ­ශීය අධි­ක­ර­ණ­යක ගොනු­වන්නේ නම් එම අධි­ක­රණ ක්‍රියා­ව­ලිය මාස 18ක් ඇතු­ළත සහ ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ එම නඩුව ගොනු වන්නේ නම් මාස 30ක් ඇතු­ළත එම නඩුව විභාග විය යුතු බවය.

මේ වක­වා­නුව වන­විට තන­බා­ල­සිං­හම්ගේ නඩුව ක්විබෙක් අධි­ක­ර­ණයේ ගොනු­කර මාස 60කට වඩා වැඩි කාල­යක් ගත වී තිබුණි. මේ නෛතික ප්‍රති­පා­ද­නය දක්ව­මින් තන­බා­ල­සිං­හම් තමන්ගේ නඩු කට­යුත්ත ප්‍රමාද වී ඇති අයුරු පෙන්වා තමන්ට අග­ති­යක් වී යැයි දක්ව­මින් නඩුව ඉවත් කර­ගැ­නී­මට අභි­යා­ච­න­යක් ඉදි­රි­පත් කළේය. ඔහු ඉන් ප්‍රකාශ කර සිටියේ සාධා­රණ කාල­යක් තුළ ස්වකීය නඩු කට­යුත්ත සිදු නොවුණ බවය.

අභි­යා­ච­නය සලකා බැලූ අධි­ක­ර­ණය 2016 - ආර්.වී.ජොර්දාන් තීන්දුව ප්‍රකා­රව සාධා­රණ කාල­යක් තුළ නඩුව විභා­ග­යට නොගැ­නීම හේතු­වෙන් අධි­ක­ර­ණය සිව­ලෝ­ග­නා­දන්ගේ නඩුව විභා­ග­යට නොගෙන නවත්වා දැමී­මට තීන්දු කළේය. ඒ අනුව සාධා­රණ කාල­යක් තුළ නඩු විභාග කිරී­මට ඔහුට ඇති අයි­තිය උල්ලං­ඝ­ණය වී ඇති බව තීන්දු කර­මින් ක්විබෙක් අධි­ක­ර­ණය සිව­ලෝ­ග­නා­දන්ට පක්ෂව තීන්දුව ලබා දී නඩු විභා­ගය අත්හි­ටුවා වහාම ඔහු මෙර­ටට පිටු­ව­හල් කිරී­මට නියම කළේය. ඒ අනුව ඔහු 2017 ජූලි 5 වන දින විරෝ­ධ­තා­ව­ය­කින් තොරව ශ්‍රී ලංකා­වට එවනු ලැබිණ. ක්විබෙක් අධි­ක­රණ විනි­සු­රු­ව­රයා තීන්දු කළේ තන­බා­ල­සිං­හම් අත්අ­ඩං­ගු­වට ගෙන මාස හැට­කට ආසන්න කාල­යක් ගත වී ගියත් නඩු කට­යුත්ත නොපැ­වැ­ත්වීම නිසා චූදි­ත­යාට සිදුවූ අග­තිය ය. ජොර්දාන් නෛතික තහ­වුරු කිරී­මට අනුව නඩු පැව­රී­මෙන් පසු නඩු­වක් ඇසී­මට පළාත් අධි­ක­ර­ණ­ය­කදී මාස 18ක් හා ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ මාස 30ක් දක්වා කාල­යක් නිර්ණය කර ඇත්තේය. කඩ වී තිබුණේ මේ කාල සීමා­වය.

අධි­ක­ර­ණය කීවේ ජොර්දාන් තීන්දු­වෙන් ඉතා පැහැ­දිලි පණි­වි­ඩ­යක් අධි­ක­රණ පද්ධ­තිය වෙත ලබා දී ඇති බවය. ඒ නඩු විභාග ක්‍රියා­ව­ලියේ සෑම අදි­ය­ර­ක­දීම තාර්කි­කව නඩුව ඉදි­රි­යට ගෙන යෑම සහ චූදිත පුද්ග­ල­යන් නිශ්චිත කාල­ය­කදී නඩු විභා­ග­යට ඉදි­රි­පත් කිරීම සම්බ­න්ධ­වය.

“ මෙම නෛතික ප්‍රති­පා­දන චූදිත පුද්ග­ල­යන්ගේ යහ­ප­තට පම­ණක් නොව, වින්දි­ත­යින්ගේ සහ සම­ස්ත­යක් වශ­යෙන් සමා­ජයේ යහ­පත උදෙසා බල­පාන අයි­ති­යකි.“ අධි­ක­ර­ණය තව දුර­ටත් ප්‍රකාශ කළේය. එම තීන්දුව ක්‍රියා­ත්මක විය. තන­බා­ල­සිං­හම් තව­දු­ර­ටත් කැන­ඩාවේ සිටියේ නැත. එහෙත් ක්විබෙක් රජය දිගින් දිග­ටම මේ අප­රාධ නඩුවේ වින්දි­ත­යන් සම්බ­න්ධව අභි­යා­චනා ඉදි­රි­පත් කළේය.

“2016 - ආර්.වී.ජොර්දාන් තීන්දුව මේ සිද්ධිය අර­භයා වැරදි අර්ථ­ක­ථ­න­යක් ලබා දුන්නා. ජෝර්දාන් තීන්දුවේ උප­මාන වැර­දි­යට යොදා ගත් බව අපට හැඟුණා. මේ ගණ­නය කිරී­ම්ව­ලට වෙන්නෙ කොහොම ද?. තන­බා­ල­සිං­හම් නඩුවේ සිය­යට 80ක් ගොනු වූයේ 2016 ජෝර්දාන් තීන්දුව ප්‍රකාශ කරන්න පෙරයි. මූලික නඩු විභා­ගය පැවැත් වීමට වස­රක් ගත­වුණා. නඩු වාර්තා ඉංග්‍රීසි ප්‍රංශ හා දෙමළ භාෂා­ව­ලට පරි­ව­ර්ත­නය කර­න්නට සිදු­වුණා. “ රාජ්‍ය නීතිඥ මවුඩ් පයෙට් පැව­සීය.

මේ හේතු දක්ව­මින් ක්විබෙක් රජය ජෝර්දාන් තීන්දු­වට ව්‍යති­රේ­ක­යක් බලා­පො­රොත්තු විය. ඔවුන් පළ­මු­වෙන්ම ඉල්ලා සිටියේ තන­බා­ල­සිං­හම්ට යළි මිනී­ම­රුම් චෝදනා ගොනු කිරී­මය. රජය ක්විබෙක් අධි­ක­ර­ණ­යෙන් නැවත මිනී­මැ­රුම් නඩු විභා­ග­යක් පැවැත් විය හැකි­දැයි විම­සු­වේය. නමුත් පළාත් මහා­ධි­ක­ර­ණය මේ නඩුව විභාග කළේ නැත. ඒ, තන­බා­ල­සිං­හම්ගේ නඩුව මේ වන­විට නෛතික උප­මා­න­ව­ලට අනුව න්‍යායා­ත්මක නොවන බව තහ­වුරු වී තිබූ නිසාය. අධි­ක­රණ ගණ­නා­ව­කින් මෙම නඩුව ප්‍රති­ක්ෂේප වීමත් සමඟ ක්විබෙක් රජය සිද්ධිය ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට රැගෙන ගියේය. එහෙත් සිද්ධිය විම­සී­මෙන් අන­තු­රුව ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය තීන්දු කළේ මෙම නඩුව නැවත විම­සී­මට පද­න­මක් නොමැති බවය.

මේ තාක්ෂ­ණික අත්වැ­රැද්ද සිව­ලෝ­ග­නා­දන් තන­බා­ල­සිං­හම් කැනඩා නීති­යෙන් නිද­හස් කළේය. ඒ නඩුව පව­ත්වා­ගෙන යෑමට ඇති අව­කාශ අහුරා දම­මිනි. දැන් මේ නඩුව ඇසෙනු ඇත්තේ ලෝක ධර්මතා තුළය. කැනඩා අධි­ක­ර­ණයේ සිදුවූ මේ තාක්ෂ­ණික අත්වැ­රැද්ද හරහා හෙළි­ද­රව් වන විශේෂ දියුණු ලක්ෂණ ගණ­නා­වක් තිබේ. එනම් අධි­ක­රණ ක්‍රියා­ව­ලි­යක පැවති යුතු දියුණු මාන­ව­වාදී ගුණ­යයි. නඩු­වක් පව­රන්නේ නම් සියලු සාධක ගොනු කර නිශ්චිත කාල­යක් තුළ විස­ඳු­මක් කිරීමේ වග­කීම අධි­ක­රණ පද්ධ­ති­යට පැව­රෙන ආකා­රය ද මින් හෙළි වේ.

සිද්ධිය වී අවු­රුදු විසි පහ­කට පසු ඝාතන නඩු­ව­ලට මර­ණීය දණ්ඩ­නය නියම වන ආකා­රය වාර්තා වන රටක, බාල වය­ස්කාර දැරි­යක් අප­යෝ­ජ­නය වීමේ නඩු තීන්දුව ඇය විවාහ වී දරු­වන් ද ලැබුණු පසු ප්‍රකා­ශ­යට පත්වන රටක ජීවත් වන අපට දියුණු රට­වල අධි­ක­රණ පද්ධති ක්‍රියා­ත්මක වන ආකා­රය එක් අත­කින් අරු­ම­යකි. ඒ අරු­මය අපට කියන්නේ අපේ අධි­ක­රණ පද්ධති සංස්ක­ර­ණය විය යුතු ආකා­ර­යයි.

ජාලිය වීරක්කොඩි
සිළුමිණ





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top