Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
30
"ළමයින්ගේ වීඩියෝ ඇමරිකාව ඇතුළු රටවල් පහකට යවලා.., අල්මාරියක ළමයින්ගේ යට ඇඳුම් විශාල තොගයක් !" - රටේම අවධානය යොමු වූ, ළමයින් යොදාගෙන අසභ්‍ය වීඩියෝ හැදූ පන්නිපිටියේ ගුරාගේ තවත් කෙරුම් රැසක් එළියට එයි - Video

- "ළමයින්ගේ වීඩියෝ ඇමරිකාව ඇතුළු රටවල් පහකට යවලා.., අල්මාරියක ළමයින්ගේ යට ඇඳුම් විශාල තොගයක් !" - රටේම අවධානය යොමු වූ, ළමයින් යොදාගෙන අසභ්‍ය වීඩියෝ හැදූ පන්නිපිටියේ ගුරාගේ තවත් කෙරුම් රැසක් එළියට එයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,372 Views
54 හැවිරිදි සැකකරු විවාහ වී පසුව දික්කසාද වූ කෙනෙක්ලූ..
 
නිවසේ තිබී හමුවූ සීඩී පට 130කට අධික ප්රමාණයකින් හෙළි වූ දේ..
 
ඉංග්රීසි කතා කළත් සමත් වෙලා තියෙන්නේ සාපෙළ විතරලූ..
 
ඉංගීරසි ගුරුවරයෙකු ලෙස පෙනී සිටි රූපවාහිනි පසුතල නිර්මාණ ශිල්පියෙකු වූ පන්නිපිටිය ප්රදේශයේ පදිංචි සැකකරු කුඩා දරුවන්ගේ අසභ්ය වීඩියෝ සහ ජායාරූප ගෙන ඇමරිකාව ඇතුළු රටවල් 05ක විදේශිකයන්ට අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගොස් ඇතැයි හෙළිවී තිබෙනවා.
 
54 වන වියේ පසුවන මොහු විවාහ වී පසුව දික්කසාද වූවෙකු බවට අනාවරණය වී ඇති අතර 2012 වසරේ සිට අවුරුදු 8 ත් 15 ත් අතර වයසේ පිරිමි ළමයින් මෙලෙස අපයෝජනයට ලක් කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.
 
එසේම පන්නිපිටිය ප්රදේශයේ පිහිටි ඔහුගේ නිවස පරීක්ෂා කළ පොලිසිය, අල්මාරියක තිබී ළමයින්ගේ යට ඇදුම් විශාල තොගයක් සහ බිම වැටී තිබූ හිසකෙස් 200කට ආසන්න ප්රමාණයක් සොයා ගැණුනා.

එසේම ළමයින්ගේ වීඩියෝ පට සහිත සීඞී 130ක් ද හමුවී ඇති අතර ඒවා වැඩිදුර පරීක්ෂාව සඳහා යොමු කර ඇත්තේ රජයේ රස පරීක්ෂකවරයා වෙතයි.
 
මනාලෙස ඉංගීරසි උච්චාරණය කළ හැකි සැකකරු කුඩා දරුවන්ට ඉංගීරසි පන්ති පවත්වා ඇති නමුත් අපොස සාමාන්ය පෙළ පමණක් සමත් මෙම පුද්ගලයාට ඒ සඳහා විශේෂ සුදුසුකමක් තිබී නොමැති බවට හෙළි වී තිබෙනවා.
 
ඔහු විසින් අපයෝජනයට ලක් කර ඇති කුඩා දරුවන් තුන්දෙනෙකුගෙන් පොලිසිය මේ වනවිටත් ප්රශ්ණ කර ඇති අතර එම දරුවන්ගේ දෙමව්පියන් ඉංගීරසි පන්ති සඳහා තම දරුවන් සැකකරුගේ නිවසට ඇරලවා ගොස් ඇති නමුත් වැඩිදුර සොයාබැලීම් සිදුකර නැහැ.
 
එසේම මෙම දරුවන්ට ත්යාග ලෙස ඩ්රෝන් කැමරා මොහු විසින් පිරිනමා ඇති බවටද දරුවන්ගෙන් කළ ප්රශ්ණ කිරීම්වලදී පොලිසිය හෙලි කරගෙන තිබෙනවා.
 
තවද සැකකරු කුඩා ළමයින්ගේ නම් වලින් ෆේස්බුක් ගිණුම් විවෘත කර විවිධ පුද්ගලයින් සමඟ පණිවුඩ හුවමාරු කරගෙන ඇති බවයි ඔහුගේ පරිගණක පරීක්ෂා කළ පොලිසිය අනාවරණය කර ගත්තේ.
 
සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
 
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණය කරන මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය වන ප්රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තට ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.
 
ඒ ගාල්ල කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිණිය ලෙසයි.
 
පසුගියදා කොළඹ ජාතික රෝහලේ සිදු වූ මුදල් කොල්ලය සිදුකළ සැකකරු පළායන අවස්ථාවේදී ඔහු අල්ලා පොලිසියට බාර දෙනු ලැබුවේද මෙම පොලිස් නිලධාරිණිය වන අතර පසුව ඇයට පොලිස්පතිවරයා විසින් මුදල් ත්යාගයක්ද පිරිනමනු ලැබුවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top