ඊ.ටී.අයි. ගණුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා, එම සමාගමේ අධ්‍යක්ෂවරුන් හතරදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා.
එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ පෙරවරු 10.15 ට පමණ ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ මෙලෙස එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවයි.