කෘත්‍යාධීකාරි මණ්ඩල තීරණයකට අනුව පක්ෂයෙන් ඉවත් කල 115 දෙනාගේ නම් අද මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ නාමලේඛන මැතිවරණ කොමිසම වෙත ගොස් භාරදීමට නියමිත බවයි.
එමෙන්ම පක්ෂයෙන් ඉවත් කළ අයට ඒ බව දැනුම් දෙන ලිපි අද තැපෑල වෙත යොමුකරන බවද පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
මෙලෙස ඉවත් කළ පිරිස අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, සිඩ්නි ජයරත්න, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, සුජිව සේනසිංහ, රන්ජන් රාමනායක, තුෂාර ඉඳුනිල් අමරසේන, නලින් බණ්ඩාර ජයමහ, අශෝක් අබේසිංහ සහ වඩිවේල් සුරේෂ් ඇතුළත්.
එමෙන්ම, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ජෝර්ජ් පෙරේරා, නිරෝෂන් පාදුක්ක, ලෙනාඩ් කරුණාරත්න සහ රෝස් ප්‍රනාන්දු ද මෙලෙස පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ පිරිස අතර වනවා.