ඉන්දියාවේ වාණිජ අගනගරය වන මුම්බායි නගරයේ ප්‍රධාන මුඩුක්කු ජනාවාස තුනක වෙසෙන ජනගහනයෙන් සියයට 57කටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එම මුඩුක්කු ආශ්‍රිතව සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා. මුම්බායි නගරයේ පිහිටි ‘චෙම්බුර්’, ’මටුන්ගා’ හා ‘දහිසාර්’ යන අධික ජනගහනයක් වාසය කරන මුඩුක්කු තුනක ජනගහනයෙන් තෝරාගත් 7000ක් දෙනා ආශ්‍රිතව සිදු කරන ලද අධ්‍යයනයකදී මේ බව හෙළි ව ඇති බවයි පැවසෙන්නේ.
මෙම මුඩුක්කු ප්‍රදේශවල වැඩි වශයෙන් කොරෝනා වෛරසය පැතිර යෑමට හේතු වී ඇත්තේ ඒවායේ වාසය කරන ජනතාව පොදුවේ භාවිත කරන එකිනෙකා අතර පරතරයක් තබා ගැනීමට අපහසු වැසිකිළි වැනි දෑ නිසා බව හෙළි වී ඇති අතර මෙම ප්‍රදේශවල කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බහුතරය කාන්තාවන් බව පර්යේෂකයෝ පවසා තිබෙනවා. කෙසේ වුවද මෙහිදී කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගෙන් වැඩි දෙනෙකු රෝග ලක්ෂණ රහිතව හෝ සුළු රෝග ලක්ෂණ සහිතව සුවය ලබා ඇති බවද හෙළි වී ඇත්තේ.
ඉන්දියාවේ කොරෝනා වෛරසයෙන් දරුණුම ලෙස බැට කෑ නගරයක් වන මුම්බායි නගරයේ වෙසෙන මිලියන 12.5ක ජනගහනයෙන් හරි අඩකට වඩා වාසය කරන මෙම මුඩුක්කු ප්‍රදේශවල පෙර ඇස්තමේන්තු කර තිබූ ආකාරයට වඩා පුළුල් මට්ටමින් කොරෝනා වෛරසය පැතිර ගොස් ඇති බව පෙනී යන බව මෙම අධ්‍යයනය පැවැත්වූ මුම්බායි නගරසභාව, රජයේ චින්තන බැංකුව ලෙස සැලකෙන ‘නිටි අයෝග්’ හා ටාටා පර්යේෂණ ආයතනය පෙන්වා දී තිබෙනවා.