Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
29
"අපි ගහ යටට යමු කියලා කිව්වා. එතැනට ඇවිල්ලා විනාඩියක්වත් ගියේ නෑ, මගේ රංකඳ කඩාගෙන වැටුණා.." - විවාහ වෙන්න මාසයක් තිබියදී, අකාලයේ මරු වැළඳගත් චතුරංගගේ හද කම්පා කරවන කතාව

- "අපි ගහ යටට යමු කියලා කිව්වා. එතැනට ඇවිල්ලා විනාඩියක්වත් ගියේ නෑ, මගේ රංකඳ කඩාගෙන වැටුණා.." - විවාහ වෙන්න මාසයක් තිබියදී, අකාලයේ මරු වැළඳගත් චතුරංගගේ හද කම්පා කරවන කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29,130 Views
"අපිට මුකුත් හිතාගන්නත් බෑ. ලබන මාසේ කොල්ලා කසාඳ බඳින්න හිටියේ.."
 
"සාක්කුවේ තිබුණු පෝන් එකට අකුණ වැදිලා කියලා තේරුනා.."
 
"කොල්ලා හරි ඉක්මනට දියුණු වුණා. ලක්ෂ ගාණක් වැය කරලා ලස්සන ගෙයක් හැදුවා..."
 
බුත්තල පොලිස් බල ප්රදේශයට අයත් ඌව පැල්වත්ත ප්රදේශයේ කුඹුරක ගොයම් කපමින් සිටින අතරතුර තම මව සමඟ පොද වැස්සෙන් බේරෙන්නට ගිය 26 හැවිරිදි තරුණයෙකු පසුගියදා අකාලයේ මිය යන්නේ අකුණු සැර වැදීමෙනුයි.
 
මේ අවාසනාවන්ත සිදුවීමට මුහුණ දෙන්නේ ලබන මාසයේදී යුග දිවියට පිවිසීමට බලාපොරොත්තුව සිටි ඌව, පැල්වත්ත, පස්සර පාර ලිපිනයේ පදිංචි එම් ජී දිමුතු චතුරංග නැමති 26 හැවිරිදි තරුණයෙක්. ඔහුට සිදු වූ විපතින් ඒ මුළු ගම්මානයේ පදිංචිකරුවන් තවමත් පසුවන්නේ කම්පාවෙන්.
 
චතුරංග ගැන ගමේ අයගේ ප්රසාදය ද ඉතා ඉහළයි.

"කොල්ලා හරි ඉක්මනට දියුණු වුණා. ලක්ෂ ගාණක් වැය කරලා ලස්සන ගෙයක් හැදුවා. ගමේ හැම පොදු වැඩකටම උදව්කරනවා, සහයෝගය දෙනවා, කඩියා වගේ වැඩ කරනවා, ගොයම් කපන මැෂිමකුත් ගත්තා. අම්මට පවුලේ අයට හරිම ආදරෙයි. ගමේ කවුරු අතරමඟදී මුණ ගැහුණත් කතාබහ කරනවා. හිත හොඳ එකා.." ඌව පැල්ලවත්ත ගම්වැසියන් තවමත් හැඬූ කඳුළින් එසේ කියන්නේ චතුරංගගේ අකල් මරණය ගැන කම්පාවෙනුයි.
 
"හදිස්සියේම මේ සිද්ධ වුනේ මොකද්ද කියලා අපිට හිතාගන්නත් බෑ. ලබන මාසේ කොල්ලා කසාඳ බඳින්න හිටියේ.."
 
"පැල්වත්තේ හයේ කණුව ප්රදේශයේ ඥාති කෙනෙක්ගේ මළගෙයක් වුනා. ඒකේ අවසන් කටයුතු කරලා දානේ දීලා ඒ වැඩකටයුතු අවසන් වුනාට පස්සේ තමයි කුඹුරේ ගොයම් කපන්න හිටියේ. නැත්තම් අපි මෙලහකටත් ගොයම් කපලා ඉවරයි.."
 
"මමයි පුතයි කුඹුරේ ගොයම් කපමින් හිටියේ පොද වැස්සක් ආපු නිසා පුතා කිව්වා. අම්මේ අපි ගහ යටට යමු කියලා. එතැනට ඇවිල්ලා විනාඩියක්වත් ගියේ නෑ, මගේ රංකඳ කඩාගෙන වැටුණා.."
 
"පුතාට මොනවා වුණාද කියලා හිතාගන්න බැරිවුණා. බලනකොට සාක්කුවේ තිබුණු පෝන් එකට අකුණ වැදිලා කියලා තේරුනා.."
 
"මගේ කොල්ලා ලබන මාසේ එයා මහන්සි වෙලා තනියෙන්ම හදපු ගෙට ගෙවැදිලා විවාහ වෙන්නත් එක්ක හිටියේ.." මව හැඬූ කඳුළින් කියා සිටියේ ද චතුරංගගේ අකල් මරණයෙන් දැඩි කම්පාවට පත් වෙමිනුයි.
 
පොද වැස්ස සමඟ ගස අසළට ආ චතුරංගගේ සාක්කුවේ තිබූ ජංගම දුරකථනයට වැදුණු අකුණු පහර ඔහුගේ කකුල ඔස්සේ ගමන් කර තිබෙනවා. එහි කම්පනයත් ශරීර අභ්යන්තරයේ ඇති ඉන්ද්රියයන්ට සිදුවුණු හානිය නිසා මියගොස් ඇති බව පරීක්ෂණයේදී තහවුරු වුනා.
 
මරණ පරීක්ෂණය වැල්ලවාය හදිසි මරණ පරීක්ෂක එච් එම් ජේ හේරත් මහතා විසින් සිදු කළ අතර ඒ මහතා පවසා සිටියේ විශේෂයෙන්ම වැසි අවස්ථාවල වාගේම අකුණු සැර පවතින අවස්ථාවල දුරකතන ක්රියා විරහිත කර තැබීමෙන් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගැනීමට හැකි බවයි.
 
ඊට හැම දෙනාගේම අවධානය යොමු විය යුතු බව හදිසි මරණ පරීක්ෂණය පැවැත්වූ ඒ මහතා සඳහන් කළා.
 
ජී අයි ආර් ගරුසිංහ විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියකි.....
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top