මේ උදා වී ඇති හිරු සාංවත්සරික සමයට සමගාමීව, ටෙලිවිෂන් ඉතිහාසයේ ප්‍රථම වරට දිනපතා පිදෙන අති දැවැන්තම මුදල් ත්‍යාගය දිනා ගැනීමට ඔබට දැන් අවස්ථාව උදා වී තිබෙනවා.
හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක් ටෙලිවිෂනයේ ලබාදුන් දැවැන්තම මුදල් ත්‍යාගය වන රුපියල් ලක්ෂ 220 ක් ඔබට තිළිණ කෙරෙන හිරුට 22 යි දවස් 22 න් දස ලක්ෂපතියන් 22 යි දැන් ක්‍රියාත්මකයි...
මෙමඟින් දිනපතා දස ලක්ෂපතියෙකු බිහි කරන්නට හිරු කටයුතු කළා.
ඒ අනුව ඊයේ (27) දිනයේ දස ලක්ෂපතියා බවට පත්වුණේ රංගල, තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචි ඒ. එම්. තමාරා දිල්රුක්ෂියි.
සෑම දිනකම දස ලක්ෂය බැගින් දවස් 22න් ලක්ෂ 220ක් දිනා ගැනීමට ඔබ කළයුත්තේ, සතියේ දින පහේම රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.55 දක්වා හිරු ටෙලි පෙරහැරේ විකාශය වන 'මහවිරු පණ්ඩු', 'ගැමුණු මහරජ', 'අහස්මාළිගා'සහ 'ආදරෙයි මං ආදරෙයි' නාට්‍ය අතරතුර එක් එක් ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු අංක අනුපිළිවෙලින් සටහන් කරගැනීමයි.
ඉන්පසු, 'ආදරෙයි මං ආදරෙයි' නාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර විකාශය වූ සැණින් HTP[හිස්තැනක්][නිවැරදි පිළිතුරු අංක පිළිවෙල][හිස්තැනක්] ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය සමඟින් ඔබේ ප්‍රදේශයද ඇතුළත් කර 7766 ට SMS කරන්න.
දවසේ තෝරාගත් වාසනාවන්ත දසලක්ෂපතියා ඔබ නම්, ඔබේ නම 'සිහිනයක සේයා' නාට්‍ය අතරතුර තිරයේ දිස්වෙද්දි විනාඩි 03ක් ඇතුලත එදිනට අප දැනුම්දෙන දුරකථන අංකය ඔස්සේ හිරුට කතා කර ඔබේ අනන්‍යතාවය තහවුරු කළ යුතුයි.
දිනපතා ලක්ෂ 10 බැගින් ඔබේම කරගැනීමට සතියේ දින පහේම රාත්‍රී 7.30 ත් 9.55 ත් අතර එක දිගට හිරු ටෙලි පෙරහැර බලන්න.