කොවිඩ් 19 වෛරස ව්‍යාප්ත වීමත් සමඟ තාවකාලිකව අත්හිටවූ රාජංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තැපැල් ඡන්ද විමසීම අද සිදුකෙරෙනවා.
ඒ අනුව පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා තැපැල් ඡන්ද විමසීම සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
රාජාංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ කලාප අධ්‍යාපන කාර්යාලයේදී මෙම ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.
එමෙන්ම, මෙවර මහ මැතිවරණය සදහා 84,000 කට ආසන්න ආරක්ෂක නිලධාරින් පිරිසක්ද යෙදවීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.