එහෙත් අවසානාවක මහත... හිත්පිත් නැති පිළිකාවක් ඈව අඩපණ කරනවා හිටි හැටියෙම.. ඇය ඒ නරුම පිළිකාව එක්ක සටන් වදිනවා වසර ගණනක් තිස්සේ.. පසුව ඇය ප්රකාශ කරනවා, මුළු ලෝකෙටම ඇය ඒ සටන ජයගත්තු බව. ඇය උපකාර කරනවා, තවත් අයවුන්ට ඒ හා සටන් වදින...
නිරන්තරයෙන්ම මේ සටන පිටුපස ඇගේ ප්රේක්ෂකයින් හිටියා. ඈව තදින් වැළඳගත්තූ සමීපතමයින් හිටියා.........
දැන් දැන් මනීෂා ඉන්ස්ටග්රෑම් තුළ සිත් ඇඳගන්නා සුළු දේ පළ කරන කෙනෙක් හැටියට ඇගේ ප්රේක්ෂකයින් අතර ප්රසිද්ධයි..
දැනට 49 හැවිරිදි වියේ පසුවන මේ සුන්දරිය, රූපයෙන් කොතරම් වෙනස් ස්වරූපයක් ගත්තත් ජීවිතේ ගැන ඇය අපට උගන්වන පාඩම නම් අගනා එකක්..
"වනාන්තරය සුන්දරයි සේම ගැඹුරුයි.. එහෙත් මට තබා ගැනීමට පොරොන්දු ඇත. මම නිදාගැනීමට පෙර සැතපුම් ගණනක් ඇවිද යා යුතුයි.."
මනීෂා වනාන්තරයක් හරහා ඇවිද යන ඡායාරූප පෙළක් ගැන එසේ සඳහනක් කර තිබුණා.
ඇය එහි කැප්ෂනය ලෙස යොදා තිබුනේ, "ශක්තිය නැවත ලබා ගැනීම" ලෙසයි. (නැවත උප්පත්තිය වගේ අර්ථයක් වෙන්න පුළුවන්.)