Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
28
"ඒ නිසා ආදරයෙන් බැඳෙන්න තරමක් අකමැති කෙනෙක් මම. ඒත් හෙට දවසෙ කොහොම වේවිද දන්නේ නැහැ..." - ගංගු රොෂානා

- "ඒ නිසා ආදරයෙන් බැඳෙන්න තරමක් අකමැති කෙනෙක් මම. ඒත් හෙට දවසෙ කොහොම වේවිද දන්නේ නැහැ..." - ගංගු රොෂානාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

92 Views
‘මම මේ ක්ෂේත්‍රයට ආවෙ අවුරුදු 14 දි වගේ එතකොට පාසල් යනවා. මෝස්තර නිරූපණයෙන් පටන්ගත්තා. ඒත් එක්කම රූපවාහිනි දැන්වීම් ගොන්නකට දායකවීමේ අවස්ථාව ලැබුණා. ඒ දිනවල මට තිබුණේ, මෝස්තර නිරූපණයත් එක්ක දිගමට රැඳී සිටිමින් ඉන්දියාව වගේ රටකට ගිහින් ඒ අංශයෙන් වැඩිදුර යමක් කිරීමේ අදහසක්. ඒ දිනවල අද වගේ නෙවෙයි. නිරූපණ ක්ෂේත්‍රයේ කර්මාන්තයක් නැත්නම් ඉන්ඩස්ට්‍රි එකක් රටේ තිබුණා. ඒ නිසා නිරූපණයට බොහෝ දෙනාට අවස්ථා බෙහෙවින් දැනුණා. හැබැයි මම එදා මේ ක්ෂේත්‍රයට ආවේ රඟපාන්න බලාගෙන නම් නෙවෙයි. නිලියක් වෙන්න හිතාගෙන ආ ගමනක් නෙවෙයි. ඒත් සමන්තා ෆිල්ම් එක නිසා මම නිළියක් වුණා.’’

සුමිත්‍රා පීරිස් මහත්මියගේ යහළුවෝ චිත්‍රපටයට දායකවුණා. එහි රඟපෑ චරිතයට සිග්නීස් උළෙලේදී කුසලතා සම්මානයක් ලැබුණා. මම හිතන්නේ ඒ චිත්‍රපට දෙක නිසා ඒ කාලයේදී මා ගැන මිනිස්සු දැන ගන්න ඇති. හැබැයි මම ඒ කරන වැඩට උපරිමයෙන් දායකත්වය ලබාදීම හැර වැඩකරන ප්‍රමාණය ගැන ගණන් කර කර රඟපාන්න ගියේ නැහැ. කීයකට දායක වුණාද කියලා මට මතකත් නැහැ.

ඒ විදියට ආ ගමනේදී ජනප්‍රිය කියන තැන ගැන දැනගත්තේ කවදද?
ඇත්තම කිව්වොත් ක්ෂේත්‍රයට ඇවිත් සෑහෙන කාලයක් යන කල් මම ජනප්‍රියයි කියලා දැන ගෙන හිටියෙ නැහැ. පසු කාලීනව ක්ෂේත්‍රයට ප්‍රවීණයින් වගේම අධ්‍යක්ෂවරු එහෙම කතා බහ කරද්දි සහ මගේ ගැන කියැවෙද්දි තමයි මමත් ජනප්‍රියයි කියලා තේරුම්ගත්තෙ. මගේ හැටි එහෙමයි. මාර ජනප්‍රියයි කියලා. හිතාගෙන කටයුතු කරන කෙනෙක් නෙවෙයි මම. මම ඇත්තටම මගේ ගැන එච්චර හොයලා බලන්නේ නැති කෙනෙක්. ඔයා ඔයිට වඩා ඔයා ගැන උනන්දු වෙන්න කියලා මගේ හිතවත් ජ්‍යෙෂ්‍ඨයින් කිව්වාමත් මම උනන්දු වෙලා නැහැ.

ඒ කියන්නේ අමුතු චරිතයක් ?
අමුතු ද මොකද්ද කියලා මම දන්නේ නැහැ. මගේ විදිය තමයි ඒ.

ඇයි ගංගු නිතර රංගනයෙන් දකින්නට නැත්තේ?
ඇත්තටම ඒ ප්‍රශ්නය මගෙන් බොහෝ දෙනා අහන එකක්. මට වැඩ එන විදියට එපායැ මම වැඩ බාරගන්න. අපි වගේ අයට තව තවත් චරිත ලැබෙන්න ඕනෑ. ඒ වගේම අලුත් අයත් එන්න ඕනැ. හැබැයි අපේ ක්ෂේත්‍රය ඒ විදියට හැදිලා නැහැ. මේ 2020 දි වත් ක්ෂේත්‍රය නිවැරැදි මාවතකට යොමු වුණොත් හොඳයි.

කොහොමද පුද්ගලික විස්තර?
විශේෂයෙන්ම කිව හැකි දේ නම් පුද්ගලිකව ශ්‍රී ලංකාවේ ඉපදීම ගැන මම ඉතාම සතුටු වෙනවා. අපේ රටට කලාවට ආදරය කරන ලස්සන දේ ලස්සනට දකින්න කැමැති කෙනෙක්.

ගංගුගේ ලස්සන ආදරය ගැන කිව්වොත් ?
ඒ මාතෘකාව වැඩිය කතාකරන්න බැරි එකක්. මොන විදියට කතාකළත් ආදරය කියන්නේ. හරි සරල දෙයක්. ඒත් අපේ සමාජයේ බොහෝ දෙනා ඒ සරල දේ සංකීර්ණ කරගන්න හදනවා. ඒ නිසා ආදරයෙහි ඇති සරල බව සහ ලස්සන බව විඳින්නේ නැහැ වගෙයි. ඒ නිසා ආදරයෙන් බැඳෙන්න තරමක් අකමැති කෙනෙක් මම. ඒත් හෙට දවසෙ කොහොම වේවිද දන්නේ නැහැ. මගේ අද තියෙන අදහස්වලට අනුව, දිගටම මේ විදියට ඉන්නත් පුළුවනි. කොයි හැටි වුණත් ඊළඟ මිනිත්තුවේ සිදු වන දේ කුමක් ද කියලා මට කියන්න බැහැ.

එතකොට කොහොමද ජිවිතේ?
මම මගේ විදියට ජීවිතය හැඩගස්වා ගත් විදිය අනුව, නිර්මාණය කරගත් විදිය අනුව, ජිවිතය හොඳයි. ඉස්කෝලෙ යන කාලයේදීම මේ ක්ෂේත්‍රයට ඇවිත් නිතර වූ නිසා, වෙන ක්ෂේත්‍රයක් ගැන හිතන්න කාලයක් තිබුණෙ නැහැ. මේ ක්ෂේත්‍රයට අවංක වෙමින් ගමනක් ආවා.

සඳුන් ගමගේ
ලංකාදීප - සදැල්ල





Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top