කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ නාවික හමුදා කඳවුරු තටාකාංගණයේ තිබූ ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් යුද නෞකාවක ඉරිදා ඇතිවූ විශාල පිපිරීමකින් එහි සේවයේ යෙදෙමින් සිටි නැවියන් 18 දෙනකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා. . එම තුවාල ජීවිත තර්ජනාත්මක නොවන බව හමුදා ආරංචි මාර්ග පවසයි.
USS Bonhomie Richard නමැති එම නැවේ ගින්නක් ඇතැයි පෙරවරු 9ට පමණ වාර්තා වූ බවත් පසුව පිපිරීමක් සිදුව ඇති බවත් එක්සත් ජනපද ශාන්තිකර නාවික බළඇණියේ ප්‍රකාශකයකු වන මයික් රානේ පවසන්නේ. විශාල අදුරු දුමාරයක් මැදින් ගිනි නිවන භටයන් ගින්න මැඬපවත්වන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය තුළට මුදා හරිනු ලැබ තිබෙනවා.
මෙම ගින්න හටගන්නා අවස්ථාවේ නැවේ සාමාන්‍ය නඩත්තු කටයුතු සිදු කෙරෙමින් පැවැති නමුත්, ගින්න ඇතිවීමට හේතුව කුමක්දැයි තවමත් නිශ්චිතව කිව නොහැකි බව තටාකාංගණයේ නිලධාරීහු ප්‍රකාශ කර තිබෙනවා. සිද්ධිය ඇති වන අවස්ථාවේ නැවෙහි නැවියන් සහ නිලධාරීන් සිට ඇත්තේ 160ක පමණ පිරිසක්.