Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
15
කටුවාපිටියේ පාස්කු ප්‍රහාරකයාගේ බිරිඳ සාරා, සයින්දමරුදු ප්‍රහාරයෙන් මියගොස් නෑ ? ඇත්ත කතාව එළියට... - Video

- කටුවාපිටියේ පාස්කු ප්‍රහාරකයාගේ බිරිඳ සාරා, සයින්දමරුදු ප්‍රහාරයෙන් මියගොස් නෑ ? ඇත්ත කතාව එළියට... - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,447 Views
සයින්දමරුදු පිපිරීමෙන් අනතුරුව සාරා එම ප්‍රදේශයේ සැරිසැරූවා ද?
 
පරීක්ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති වෙත කියූ දේ...
 
පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක සිදුවු බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අම්පාර පොලිස් ගරාජයේ ස්ථානාධිපතිවරයා සහ තවත් පුද්ගලයෙකු තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.
 
සයින්දමරුදු ප්‍රහාරය අතරතුර එම ස්ථානයෙන් පළාගිය බවට සැකකෙරෙන සහරාන් කල්ලියේ සාමාජිකාවක පිළිබදව ඔවුන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතයි.

පසුගිය වසරේ පාස්කු දින කතෝලික, ක්‍රිස්තියානි පල්ලි දෙකක් හා ප්‍රමුඛ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර සිදුවු බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව එම වසරේ අප්‍රේල් 26 වනදා අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක ප්‍රහාර මාලාවක් සිදුවුණා.
 
ඒ මෙම බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරෙන කණ්ඩායමක් එම නිවසේ රැදී සිටි බවට ලද තොරතුරක් මත යුද හමුදාව එම නිවස සෝදිසිකිරීමට උත්සාහ කළ අවස්ථාවේදී.
 
එහිදී දෙපාර්ශවය අතර දරුණු වෙඩි හුවමාරුවකින් පසුව පිපිරීම් කිහිපයක් සිදුවුණා.
 
මෙම සිද්ධියෙන් එම නිවසේ සැගව සිටි සහරාන් හෂීම්ගේ පවුලේ සාමාජිකයන් පිරිසක් ඇතුළු 14 දෙනෙකු මිය ගිය අතර සිදුවීමෙන් සහරාන් හෂීම්ගේ බිරිද සහ කුඩා දරුවා දිවි ගලවා ගෙන තිබුනා.
 
මියගිය පිරිස අතර කටුවාපිටිය දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් හස්දුන් නැමැත්තාගේ බිරිද ද සිටි බවට කලින් පරීක්ෂණ කණ්ඩායම්වලට තොරතුරු වාර්තා වී තිබුනා.
 
නමුත් සිද්ධියෙන් අනතුරුව මියගිය අයවලුන්ගේ අනන්‍යතාව සහතික කර ගැනීම සදහා සිදුකළ ඩී.එන්.ඒ.පරීක්ෂණවලදී මොහොමඩ් හස්දුන්ගේ බිරිද ලෙස සැලකූ පුලස්තිනී රාජේන්ද්‍රන් හෙවත් සාරාගේ දෙමව්පියන්ගේ ඩී.එන්.ඒ.සාම්පල මියගිය කිසිවෙකුගේ ඩී.එන්.ඒ.සාම්පල සැසදුනේ නැහැ.
 
සිද්ධිය අතරතුර ඇය යම් ආකාරයකින් බෝම්බ පිපුරුණු ස්ථානයෙන් පළා ගිය බවට පරීක්ෂණ කණ්ඩායම්වලට සැක මතු වූයේ ඒ අනුවයි.
 
ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කළ අතර සයින්දමරුදු පිපිරීමෙන් අනතුරුව සාරා එම ප්‍රදේශයේ සැරිසරනු දුටු කිහිපදෙනෙකුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ද එම පරීක්ෂණ කණ්ඩායම්වල අවධානය යොමුව තිබුනා.
 
කොළඹ අපාරධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශෂණ වලින් පසුව පුලස්තිනී රාජේන්ද්‍රන් හෙවත් සාරා පළායාමට සහය දුන් බවට සැකපිට අම්පාර පොලිස් ගරාජයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහොමඩ් අබුබකර් සහ අදාළ කාන්තාවගේ ඥාතියෙකු වන සෙල්වකුමාර් දේවකුමාර් යන දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා.
 
එම ඥාති පුද්ගලයා පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් සාරා නැමැති සැකකාරියට රටින් පළා යාමට ආධාර අනුබල ලබාදුන් බවට සැක කෙරෙනවා.
 
මේ වනවිට ඇය ඉන්දියාවේ සිටින බවට යම් තොරතුරු වාර්තා වී ඇති නමුත් ඒවා තවදුරටත් තහවුරු කළ යුතු බව පරීක්ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති වෙත ප්‍රකාශ කළා.
 
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන කණ්ඩායම් දෙකක් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top