Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
15
රටේම අවධානය යොමු වූ කන්දකාඩු කොරෝනා පොකුර 532කට නගී, බාහිරින් වාර්තා වන රෝගීන් ගැනත් තොරතුරු එයි - මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින් ගැන, අලුත්ම විස්තරේ මෙන්න - Video

- රටේම අවධානය යොමු වූ කන්දකාඩු කොරෝනා පොකුර 532කට නගී, බාහිරින් වාර්තා වන රෝගීන් ගැනත් තොරතුරු එයි - මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින් ගැන, අලුත්ම විස්තරේ මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,409 Views
"සෞඛ්‍ය පුරුදු කඩන්න බැහැ" - හෙට ඉඳන් නීතියත් තද වෙයි !!
 
කුණ්ඩසාලේ ප්‍රදේශයෙන් දෙන්නයි ! රාජාංගනය සහ ලංකාපුර ප්‍රදේශවලින් දෙන්නයි...
 
සමාජයේ කොරෝනා පැතිර යාම ගැන අසත්‍ය ප්‍රචාරය කරන අයට වැඩ වරදින හැටි..!!
 
කන්දකාඩු පොකුරෙන් හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 532දක්වා ඉහළගොස් තිබෙනවා.
 
ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2671ක්. මේ අතර මෙරටදී සුවය ලැබූ කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද 2000 ඉක්මවා ගියා.

ඊයේ දිනයේදී කොවිඩ් 19 ආසාදිතයන් 19 දෙනෙකු හඳුනාගනු ලැබුවා.
 
ඒ, ඕමානයේ සිට පැමිණි 4ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් සිට පැමිණි 2ක්, සේනපුර රැඳවියන් සිව් දෙනෙක් කටුකැලියාව සහ නොරොච්චෝලේ නිරෝධායන මධ්‍යස්ථානවලින් ආසාදිතයන් 5 දෙනෙකු වශයෙන්.
 
ඊට අමතරව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ඇසුරෙන් වෛරසය ආසාදනය වූ බවට හඳුනාගත් පුද්ගලයන් ලෙස කුණ්ඩසාලේ ප්‍රදේශයෙන් දෙදෙනෙකු හා රාජාංගනය සහ ලංකාපුර ප්‍රදේශවලින් දෙදෙනෙකු වාර්තා වුණා.
 
ඒ අනුව අද පෙරවරු 10ට වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළ දත්ත අනුව කන්දකාඩු පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 532ක්.
 
ඒ අතරින් 64 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් බාහිරව වාර්තා වූ අයයි.
 
සංචරණ සීමා පනවා ඇති රාජාංගනය ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය ආහාරපාන ඇතුලු පහසුකම් සැපයීම සෞඛ්‍ය අංශවල මැදිහත්වීමෙන් තවදුරටත් සිදුවනවා.
 
මේ අතර කොවිඩ් 19 ආසාදිත කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු පසුගියදා සීදුව - කොටුගොඩ ශුද්ධ වූ කෛතානු මුනිදුන්ගේ දේවස්ථානයට ගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා.
 
ඒ අනුව එදින දිව්‍ය පූජාවට සහභාගි වූ පියතුමෙකු, කන්‍යා සොහොයුරියන් සිව් දෙනෙකු සහ තවත් ආශ්‍රිතයන් 80 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සිදුකළා.
 
මේ අතර පිලියන්දල - දැල්තර ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන හමුදා නිලධාරියෙකුට කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වී ඇති අතර ඔහු පසුගිය 5 වැනිදා නිවාඩු පැමිණ පිලියන්දල නගරයේ රාජ්‍ය බැංකුවක ස්වයංක්‍රීය මුදල් යන්ත්‍රයක්, වෙලදසැල් ඇතුළු ස්ථාන කිහිපයකට ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.
 
ඒ අනුව ඔහුගේ පවුලේ සාමාජිකයන්, වෙළදසැල් හිමියන් ඇතුළු ආශ්‍රිතයන් 39 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති අතර හෙට ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.
 
මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන තල්පොත ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා සෙබලෙකු හා ඔහුගේ බිරිදට හා බිරිදගේ මස්සිනාට කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වී ඇති අතර කොවිඩ් 19 ආසාදනය වූ තවත් පුනරුත්ථාපන නිලධාරියෙක් පසුගියදා පටුනගම ප්‍රදේශයේ දානමය කටයුත්තක් සිදුකර ඇත.
 
ඒ අනුව ඔවුන් හා ඍජු සබඳතා පැවැත්වූ ප්‍රදේශයේ ආශ්‍රිතයන් PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබෙනවා.
 
මේ අතර ලංකාපුර ප්‍රදේශයේ ගලි බවුසර් රියදුරෙක් සහ සහයකයන් දෙදෙනෙක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වැඩ කටයුතුවලට සහය වී තිබීම හේතුවෙන් ඔවුන්ද PCR පරීක්ෂණවලට යොමුකරමින් ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.
 
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන කොවිඩ් ආසාදිත උපදේශකවරයෙකු සංචරණය කළ තෙල්දෙනිය නගරයේ ව්‍යාපාරික ස්ථාන 5ක සහ සිරිදිගන ප්‍රදේශයේ නිවාස 6ක පුද්ගලයන් 25 දෙනෙක් ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.
 
මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ සේවය කරන බදුල්ල - කැන්දගොල්ල ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා සෙබලෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර ඔහු සංචරණය කළ දියතලාව නගරයේ ඇදුම් මසන ස්ථානයක පුද්ගලයන් 7 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා අද යොමු කෙරුණා.
 
මේ අතර අම්බලන්ගොඩ ගෝනපීනුවල සාරාලංකාර විද්‍යාලය සහ මාජුවාන ප්‍රදේශයේ පාසල් ළමුන් 11 දෙනෙක්, ගුරුවරු 7 දෙනෙක් ඇතුළු පුද්ගලයන් 51 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සිදුකෙරුණා.
 
ඒ කොවිඩ් 19 ආසාදිත කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ උපදේශකවරයෙකුගේ බිරිඳ එම විද්‍යාලයේ ගුරුවරියක්වීම හේතුවෙන්.
 
කොවිඩ් 19 ආසාදිතව පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 899 දක්වා ඉහළ යෑමත් සමග තවදුරටත් රෝහල්ගතව ප්‍රතතිකාර ලබන්නේ 7දෙනෙකු පමණයි
 
මේ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ වෛරසයේ වත්මන් භූගෝලීය ව්‍යාප්තිය දෙස බැලීමේදී එය සමාජ ව්‍යාප්තියක් දක්වා වර්ධනය වී ඇති ආකාරයක් පෙන්නුම් කරන බවයි.
 
මෙම තත්ත්වය දැඩි සත්කාර මට්ටමට වර්ධනය වුවහොත් එය මෙරට සෞඛ්‍ය පහසුකම් සමඟ සැසඳීමේදී කිසිසේත් ඔරොත්තු නොදෙන තත්ත්වයක් බවයි මෙම සංගමය පෙන්වා දෙන්නේ.
 
එම නිසා තවදුරටත් ප්‍රමාද නොවී මෙම තත්ත්වය වැළැක්වීමට අවශ්‍ය දැඩි සීමා පැනවීමට කිසිසේත් පසුබට නොවන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.
 
උද්ගතව ඇති තත්ත්වය හමුවේ දේශපාලන රැස්වීම්, උපකාරක පංති පැවැත්වීම් සහ මහජන ඒකරාශීවීම් තහනම් කළ යුතු බවත්, පාසල් නැවත ආරම්භ කිරීමේ කාලසටහන් සංශෝධනය කළ යුතු බවත් ඔවුන් අවධාරණය කරනවා.

එසේ නොවුණහොත් ඉදිරියේදී බරපතළ තත්ත්වයක් උද්ගත විය හැකි බවයි මෙම නිවේදනය හරහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.
 
මේ අතර කොවිඩ් 19 වෛරසය යළි හිස එසවීමේ පසුබිමක මුඛ ආවරණ පැළදීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගැනීම වැනි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා පොලිසිය ආරම්භ කර තිබෙනවා.
 
එලෙස ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පිටකොටුව බෝගහ අසලදී ක්‍රියාත්මක වූයේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්.
 
එවැනිම තවත් වැඩසටහන් කිහිපයක් කොළඹ නගරයේ ස්ථාන කිහිපයකදීම පැවැත්වුණා.
 
මේ අතර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ එක්දින හා සාමාන්‍ය සේවා කවුළු සෞඛ්‍ය ආරක්ෂිත හේතූන් මත අද සිට තාවකාලිකව වසා තබන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
 
එම දෙපාර්තමේන්තුව පවසන්නේ සහතික පත්‍ර ලබාගැනීමට අවශ්‍ය අයදුම්කරුවන්ට අන්තර්ජාලය ඔස්සේ හෝ විද්‍යුත් තැපෑල මඟින් අයදුම්කර පැය 48ක් තුළ සහතික පත්‍ර නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම් සලසා ඇති බවයි.
 
මේ අතර ඇඳිරිනීතිය පැනවීමට හෝ නිවාඩුදින ප්‍රකාශයට පත්කිරීමට රජය කිසිඳු තීරණයක් ගෙන නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
 
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඇතැම් පාර්ශ්වයන් සමාජය තුළ අනවශ්‍ය කැළඹීම් ඇතිකිරීමේ අරමුණින් අසත්‍ය තොරතුරු සමාජගත කරමින් සිටින බවට නිරීක්ෂණය වී ඇති බවයි.
 
එවැනි අසත්‍ය ප්‍රචාර සමාජගතකරන පිරිස් පිළිබඳ විධිමත් පරීක්ෂණ පවත්වන ලෙසට රජය අදාළ අංශ වෙත උපදෙස් දී ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
 
මේ සම්බන්ධයෙන් අද පොලිස් මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද අදහස් පළ වුණා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top