මාස අටක බිළිඳෙකුගේ ඇඟට නටමින් තිබූ උණුවතුර විසි කළ බිලිඳාගේ පුංචි අම්මා අත්අඩංගුවට ගෙන ඇති බව පෝද්දල පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බිළිදාගේ පුංචි අම්මා යැයි පැවසෙන 17 හැවිරිදි තැනැත්තියක්.
බිළිදා බරපතල පිළිස්සුම් තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය ප්‍රකාශ කළා.
පෝද්දල පොලිස් බල ප්‍රදේශයට අයත් මැහිමුල්ල ප්‍රදේශයේ නිවසක බිළිඳාගේ මව, පියා, පුංචි අම්මා සහ මව්පියවරු පදිංචිව සිට තිබෙනවා.
පුංචි අම්මා තේ සාදමින් සිටියදි ඇතිවු සිද්ධියක් හේතුවෙන් ඇය නටමින් තිබූ උණුවතුර බිලිඳාගේ ඇඟට විසිකොට ඇති අතර ඒ සමග මව බිළිඳා බදාගෙන තිබෙනවා.
මේ හේතුවෙන් මවද පිළිස්සුම් තුවාල ලබා ඇති බවත් සැකකාර පුංචි අම්මා අද (15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසනවා.