සිසුවා නිවසේ තියන් බරපතල අතවර කරපු ගුරුවරියට අධිකරණය ඉගැන්වූ පාඩම..
කොරෝනාව අස්සේ ඇහෙන අමුතු විදිහේ කතාවක් මෙන්න...
ඇමරිකාව කියන්නේ මේ මොහොතේ කොරෝනාවෙන් වැඩිපුරම බැට කන රට. හැබැයි මේ කියන්න හදන්නේ කොරෝනා ගැන නම් නෙවෙයි..........
එක්සත් ජනපදයේ කෙන්ටකිහි උසස් පාසලක ගුරුවරියකට අත් වෙච්ච කණගාටුදායක ඉරණමක් ගැනයි..
මේ ගුරුවරිය සිදු කරලා තියෙන්නේ නම් එසේ මෙසේ හපන්කමක් නෙවෙයි. ඇයට එල්ල වන ප්‍රධානතම චෝදනාව තමයි, අවුරුදු 17ක කොලු ගැටයෙක් එක්ක ලිංගිකව හැසිරුනා කියන චෝදනාව.
ඊට අමතරව ඇය විසින් මෙම සිසුවාට වෙනත් අයෙකු සමඟ ලිංගිකව හැසිරෙන වීඩියෝ දර්ශණ ද යවා ඇති බවත්, ඒවා මඟින් එම දරුවාව පොළඹවා ගෙන ඇති බවටත්.. චෝදනා එල්ල වනවා.
කෙසේ වෙතත් නඩු පැවරූ අවසානයේ ඇය තමන් එම වරද කළ බව උසාවියේදී පිළිගත්තා.
27 හැවිරිදි මෙම ගුරුවරිය නමින් Mollie Verkamp. ඇය විසින් අදාළ සිසුවා තම නිවසට ගෙන්වාගෙන මෙසේ ලිංගිකව එකතු වී තිබෙනවා.
බන්ධනාගාර ගත කළ ඇයව පසුව දඩ මුදලකට යටත් කොට නිදොස් කළ බවයි ඩේලිමේල් සඳහන් කරන්නේ.
Dailymail ඇසුරිනි.