Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
15
"නිශාන්තගේ වයිෆ් මේ අයට දෙවැනි නැහැ, අවස්ථා ගණනකදී කට්ටියම එකට ඉඳලා.." - විකෘති කාමආශාව නිසා වසර 19ක් පැරණි මිතුරා සමඟ, බිරිඳව නිදියහනේ බෙදාගත් නිශාන්තව, ටයර් 28ක් මත මරු තුරුළට යැවූ අමානුෂික ඝාතනයේ සුළ මුළ එළියට එයි - Video

- "නිශාන්තගේ වයිෆ් මේ අයට දෙවැනි නැහැ, අවස්ථා ගණනකදී කට්ටියම එකට ඉඳලා.." - විකෘති කාමආශාව නිසා වසර 19ක් පැරණි මිතුරා සමඟ, බිරිඳව නිදියහනේ බෙදාගත් නිශාන්තව, ටයර් 28ක් මත මරු තුරුළට යැවූ අමානුෂික ඝාතනයේ සුළ මුළ එළියට එයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

50,403 Views
විකෘති කාමාශාවල යෙදෙන ලෙස නිශාන්ත කළ යෝජනාව ප්‍රතික්ෂේප වුනු හේතුව...
 
"බිරිඳව ගෙනත් දෙන්න කියලා වැන්ඳේ නැති එක විතරයි, ඒත් ඒ දේ වුනේ නැහැ.."
 
නිශාන්තව පරලොව යවන්න සිදේශ්, මිතුරන් එක්ක ගහපු සුපිරි ප්ලෑන් එක
 
ටයර් මත මළසිරුරු පිළිස්සීමේ යුගයක් මීට දශක කිහිපයකට පෙර තිබුණා. එම අතීතය මිනිසුන් අතරින් අමතක වී යද්දි නැවතත් 2020 ජූනි මස 18 වැනි දින දඹුල්ල පොලිස් බල ප්‍රදේශයෙන් මෙවැනි පුවතක් වාර්තා වුනා. ඒ වළකට ටයර් දමා මිනිසකු පුළුස්සා දමා ඇති බවට යි.
 
විවිධ දේශපාලන කෝණ මත සමාජ ජාලා වෙබ් අඩවි හරහා හා විවිධ දේශපාඥයන්ගේ මැතිවරණ වේදිකාවල ද මෙම ටයර් මත පිළිස්සුණු මළසිරුරු ගැන, කතාබහට ලක් වූයේ මේ සිද්ධියට ද දේශපාලන වාසියකට හරවා ගැනීමට උත්සහා කරමිනුයි.
 
පසුගිය 18 වැනිදා දඹුල්ල පොලිසියට ලැබුණු තොරතුරකින් කියැවී තිබුණේ දඹුල්ල ඉහළ ආවුල ගෝනවැව ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක ටයර් මත පිළිස්සුනු මළ සිරුරක අස්ථි කොටස් ඇති බවයි.

මේ බව පොලිසියට දැනුම් දී තිබුණේ ඉහළ ආවුල ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරිනිය විසිනුයි. ඒ අනුව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්. පී. එදිරිසිංහ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශාමේන්ද්‍ර ලක්ෂ්මන් ඇතුළු පිරිසක් විමර්ශන ආරම්භ කළා.
 
මෙම ටයර් සෑය මත පිලිස්සෙන්නේ කවුද ? මිනිසකු තනිවම වළකට බැස ටයර් දමාගෙන පුච්චන්නේ නැත. ඒ නිසා අනිවාර්යෙන්ම මෙය ඝාතනයක් විය යුතුයි. එසේ නම් මොහු ඝාතනය කළේ කවුද ? කොතැනදී ද? මෙම ස්ථානයට ගෙනාවේ කෙසේ ද? ටයර් ගෙනැවිත් වළට දමා පිළිස්සුවේ කෙළෙසද?
 
විමර්ශන ආරම්භ කළ පොලිසියට මෙම ගැටලු වලට පිළිතුරු සෙවීම අපහසු වුනා. එපමණක් නොව මෙම අස්ථි කොටස් මිනිසෙකුගේද යන්න පවා මූලික විමර්ශනයේදී තහවුරු කර ගැනීමට හැකි වූයේ නැහැ. දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු දඹුල්ල රෝහලේ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරිනි ලක්මාලි ගමගේ මහත්මිය මෙම අස්ථි කොටස් පරීක්ෂා කොට මිනිස් අස්ථි බව දැනුම් දුන්නා.
 
ප්‍රදේශයේ දැඩි ආන්දෝලනයකට තුඩු තුන් මෙම අබිරහස් මිනිස් ඝාතනය සිදු වූයේ කෙසේ ද යන්න සොයා පොලිසිය කණ්ඩායම් කිහිපයක් දිගින් දිගටම මෙහෙයුම් වල නිරත වුනා.
 
ඒ අනුව ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙකුගේ දඹුල්ල පොලිසිය ප්‍රශ්න කරද්දි තවත් පිරිසක් විවිධ අංශ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළා.
 
කණ්ඩායම් කිහිපයක්ම සිවිල් ඇඳුමින් සැරසී සැකකරුවන් සිටිතැයි සැක සහිත ප්‍රදේශවල සැරිසරන්නට වුනා.
 
එලෙස විමර්ශන-වල යෙදෙද්දී දඹුල්ල ගෝනවැව ප්‍රතිසංස්කරණය කිරීමේ කම්කරු වැඩවල යෙදී සිටින මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයකු සොයා ගැනීමට හැකි වුනා.
 
එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ටයර් සෑය මත පිළිස්සුනු පුද්ගලයා කවුද, ඔහුට එම ඉරණම අත්වූයේ කුමන හේතුවක් නිසාද? ඊට වග කිව යුත්තන් කවුද යන්නත් හෙළි වන්නට පටන් ගත්තා. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකුත්, යතුරු පැදියක්, ටිපර් රථයක් ඇතුළු භාණ්ඩ කිහිපයකුත් අත්අඩංගුවට ගැනීමට හැකිවුනා.
 
මෙසේ අත්අඩංගුවට ගත්තේ මල්වාන පහළ මාපිටිගම, කහවත්ත අටකලම්පන යන ප්‍රදේශවල පදිංචි ගෝන ආරච්චිගේ සිදේශ් රංගන ගෝකරැල්ල කන්දේගෙදර පදිංචි දසනායක මුදියන්සේලාගේ නලින් දිමුතු කුමාර දිසානායක හා ඕපනායක, නවජාගොඩගම පදිංචි එගොඩ හත්තල්ලගේ අමිල දිල්ශාන් කුමාර යන තිදෙනායි..
 
මොවුන් එක් ව ඝාතනය කර ඇත්තේ මොරගහහේන මිල්ලාව ගණානන්ද මාවතේ පදිංචි කන්කානමිලාගේ ප්‍රදීප් නිශාන්ත කුමාර පෙරේරා නැමැති හතළිස් තුන් හැවිරිදි තිදරු පියා බව සැකකරුවන්ගේ ප්‍රශ්න කිරීමේදී හෙළි වුනා.
 
මුලින්ම අත්අඩංගුවට ගත් ටිපර් රථ රියදුරෙකු නලින් දිමුතු කුමාරගෙන් ප්‍රශ්න කිරීමේදී ඝාතනයේ ප්‍රධාන සැකකරු ගැන තොරතුරු අනාවරණය වුනා. ඔහු සිදේශ්....ඔහුගෙන් ලද තොරතුරු සමඟ ප්‍රශ්න කිරීමේදී ඒ සඳහා උදව් කළ ගලේවෙල ප්‍රදේශයේ පුද්ගලයා ගැන හෙළිදරව් වීමත් සමඟ පොලිසිය ඔහුව ද අත්අඩංගුවට ගත්තා.
 
මෙම සැකකරුවනුත් ටිපර් රථය හා යතුරු පැදියකුත් මාතලේ පොලිසියේ පොලිස් පරීක්ෂක තිලකවර්ධන මහතා විසින් දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එදිරිසිංහ මහතා වෙත බාර දුන් අතර වැඩිදුර විමර්ශන ආරම්භ වූයේ ඉන් අනතුරුවයි.
 
දඹුල්ල මහේස්ත්‍රාත් අධීකරණයෙන් ලබාගත් රඳවා ගැනීමේ නියෝගය මත මෙම පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කොට ඝාතනයේ සුළමුල සොයා ගැනීමට පොලිසියට හැකි වුනා.
 
මිය ගිය නිශාන්ත කුමාරත් ප්‍රධාන සැකකරු වන සිදේශ් රංගනත් යන දෙන්නාම ටිපර් රථ රියදුරන්. මොවුන් දෙදෙනා මුලින්ම හඳුනා ගන්නේ 2001 වසරේදී. එදා සිට දිනෙන් දින මොවුන්ගේ මිතුදම ලියලා වැඩෙන්නට වූ අතර ඉන් එහා ගිය අසම්මත ඇසුරක්ද මේ දෙදෙනා අතර ඇති වුනා.
 
ඊට අමතරව මේ දෙදෙනාම කාමාශාවලින් ද පෙළුණා. මේ සමීප හිතවත්කම හේතුවෙන් රටේ නොයෙකුත් පළාත්වල පදිංචිකරුවන් වුවත් මොවුන් එකානෙකාගේ ගෙවල්වලට යාම් එම් ද සිදු ක‍්ළා.
 
මේ යාම් ඒම් වල ප්‍රතිඵලය වූයේ 2007 වසරේදී සිදේශ් හා නිශාන්තගේ බිරිඳ අනියම් ඇසුරක පැටලීමයි.
 
එනම් නිශාන්තගේ බිරිය ද මොවුන්ට දෙවැනි වුයේ නැහැ. නිශාන්ත, බිරිය හා සිදේශ් වන තිදෙනාම අවස්ථා ගණනාවකදී විකෘති ලිංගික ක්‍රියාවල නිරත වූ බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූවා.
 
වසර ගණනාවක් මේ ආකාරයෙන් ඇසුරු කරමින් සිටියදී නිශාන්තගේ බිරිඳ සැමියාට හොරෙන් සිදේශ් සමඟ ලිංගික සම්බන්ධතා පවත්වා තිබෙනවා.
 
කාලය ගත වීමත් සමඟ ඔහු මෙම කාන්තාව රැගෙන විත් සඟවා ගෙන මිතුරෙකුගේ නිවසේ සිටි බවත් පසුව නිශාන්ත, සිදේශ්ගේ නිවසට ගිනි තබා ඇති බවද හෙළි වුනා. මෙම ගිනි තැබීමේ සිද්ධිය පොලිස් පැමිණිල්ලක් ලෙස ද ගොනු කොට තිබුණා.
 
කෙසේ වෙතත් තොරතුරු අනාවරණය වෙද්දි මිය ගිය පුද්ගලයා ද නම ගිය අපරාධකරුවෙකු බවට හෙළි වී තිබෙනවා. පසුව මෙම දෙදෙනා අතර ආරවුල් හටගෙන ඇති අතර නැවතත් ඔවුන් කතා බහ කොට පැරණි මිතුදම අලුත් කරගෙන තිබෙනවා.
 
කාලයක් ගත වෙද්දි විකෘති කාමාශන්වලට එක් වන ලෙස නිශාන්ත සිදේශ්ට යෝජනා කර තිබෙනවා.
 
එම යෝජනාව ප්‍රතික්ෂේප වීමත් බිරියගේ අකැමැත්තත් නිසා මේ දෙදෙනා අතර නැවතත් ආරවුල් හට ගත්තා.
 
තම බිරිඳ ගෙනැවිත් දෙන්නැයි නිශාන්ත නිරන්තරයෙන් මිතුරාට ආයාචනා කළත් එය සිදුවී නැහැ. පසුව නිශාන්ත සිදේශ්ගේ දරුවන්ට ඇසිඩ් ගහන බවට තර්ජනය කළ බවත්, නොයෙක් අවස්ථාවල තමා ඝාතනය කිරීමට උත්සහා කළ බවත් සිදේශ් පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.
 
දිගින් දිගටම පවතින මේ ආරවුල විසඳා ගැනීමට නොහැකි වූ තැන මේ පුද්ගලයා ඝාතනය කිරීමට ඉතා සූක්ෂම ලෙස කළ මේ සැලසුමට සිදේශ්ගේ මිතුරෙකු වන තවත් ටිපර් රථ රියදුරෙකු එක්කරගෙන තිබුනා.
 
ඝාතනය සිදුවීමට දින කිහිපයකට පෙර ටිපර් රථ රියදුරු මිතුරා ගොකරැල්ල ප්‍රදේශයේ ටයර් කඩයකින් පැරණි ටයර් 28ක් පමණ ලබාගෙන ටිපර් රථයේ පුරවා දඹුල්ල ගෝනවැව ප්‍රදේශයේ පාළු වගා ළඳකට දමා තිබුණා. ඝාතනයේ ප්‍රධාන සැකකරු වන සිදේශ් දඹුල්ල නගරයේ වෙළඳසැලකින් අලුතින් උදැල්ලක් මිලදීගෙන එයට මිටක්ද ගසා රුපියල් 200ක ඩීසල් මිලදී ගෙන ප්ලාස්ටික් බඳුනකට ගෙනැවිත් එම කැලෑවේම සඟවා තිබෙනවා.
 
රැකියාවක් ලබා දීමට බව පවසමින් පසුව තම මිතුරා සමඟ එක්ව නිශාන්තට ඇමතුමක් ලබා දී දඹුල්ල නගරයට ගෙන්වාගෙන මොහු ඝාතනය කිරීමට උත්සහ කර තිබෙනවා. එදින ඔහුට නිශාන්ත ඝාතනය කිරීමට නොහැකි වී ඇත්තේ මිතුරු ටිපර් රථ රියදුරුගේ අකැමැත්ත නිසායි.
 
දින දෙකක් ගත වෙද්දි සිදේශ් දුරකථන ඇමතුම් දී දිනේශ් දඹුල්ලට ගෙන්වා ගෙන තිබෙනවා. පසුව ගලේවල ප්‍රදේශයේ සේවය කරන ඥාති පුතෙකු හරහා යතුරුපැදියක් ගෙන්වාගෙන දඹුල්ල නගරයෙන් මත්පැන් බෝතල් මිලදි ගෙන යතුරුපැදියෙන් ගෝනවැව ප්‍රදේශයේ කැලෑවකට ගොස් තිබෙනවා. මත්පැන් පානය කරන අතරතුර නිශාන්තට උදැල්ලෙන් පහරදුන් බව සිදේශ් පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.
 
හිසට උදැල්ලෙන් පහර දී සිරුර ඇදගෙන ගොස් ටයර් මත දමා ඩීසල් වත් කොට ගිනි තබා පිටව ගිය බවයි ඔහු පවසා තිබුනේ.
 
මොහු නිශාන්ත ඝාතනය කොට බිරිඳගේ නිවසට ගොස් ඇය සමඟ හෝටලයක නැවතී දින එකහමාරක් පමණ ගත කළ බවද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබෙනවා.
 
ඔහු තම බිරිඳටත් නිශාන්තිගේ බිරිඳටත් නිශාන්ත ඝාතනය කළ බව කියා තිබුනා.
 
අවසානයේදී ඝාතකයාත්, ඝාතනය සඳහා උදව් කළ පුද්ගලයනුත් අත්අඩංගුවට පත් වූයේ ටයර් සෑයවල් මත ගිනි තැබීමේ යුගයක් නැවතත් රටේ ආරම්භ වී ඇති බවට වූ කතාබහේ සත්‍යාසත්‍යය විවර කරමිනුයි.
 
මෙම ලිපිය "කාංචන කුමාර ආරියදාස" විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරින් සකස් කරන ලද්දකි.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top