Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
15
දිස්ත්‍රික් 16ක කොරෝනා ආසාදිතයින් - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි

- දිස්ත්‍රික් 16ක කොරෝනා ආසාදිතයින් - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,090 Views
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන ආශ්‍රිතව වාර්තා වූ ආසාදිතයින් සමඟ මේ වනවිට දිස්ත්‍රික්ක 16කින් කොරෝනා ආසාදිතයන් හමු වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

කොළඹ, ගම්පහ, කළුතර, අනුරාධපුර, පොලොන්නරුව, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, මහනුවර, මාතලේ, කෑගල්ල, පුත්තලම, යාපනය, කුරුණෑගල සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ගම්මාන 116 කින් මෙලෙස ආසාදිතයින් වාර්තා වන බවයි එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කළේ.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව පීසීආර් පරීක්ෂණ 3000ක් පමණ සිදු කිරීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළා.

රාජංගනය ප්‍රදේශයේ සිටින ආසාදිතයන් සොයා තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

අනුරාධපුර, රාජංගනය ප්‍රදේශයේ යාය 01, 03, 05 සහ 06 යන ප්‍රදේශ සඳහා තවදුරටත් සංචරණය සීමා කර ඇති අතර, ඒ හේතුවෙන් එහි සිටින ජනතාවට අවශ්‍ය ආහාරපාන ඇතුළු පහසුකම් සැපයීම සිදු කරන බවයි දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය තේජාන් සෝමතිලක සඳහන් කළේ.

යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව මේ වනවිට පුද්ගලයින් 532ක් කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බවයි.

මහනුවර ශ්‍රී දළදා මාළිඟාවේ වාර්ෂිත ඇසල මංගල්‍යට සමගාමීව යුධ හමුදාව සිදු කරන කොප්පරා පූජාවට අද උදෑසන එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි යුධ හමුදාපතිවරයා මේ බව කියා සිටියේ.

දැනට මෙරටින් කොරෝනා ආසාදිතයින් 2665ක් වාර්තා වනවා. ඊයේ දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 19 දෙනෙකු හදුනා ගැණුනු අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 666ක්.

එමෙන්ම පුද්ගලයින් 1988ක් පූර්ණ සුවය ලබා නිවෙස් වෙත ගොස් තිබෙනවා.

මේ අතර අද දිනයේත් එක් නාවික හමුදා සාමාජිකයෙකු සුවය ලැබීමත් සමඟ සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 899ක් දක්වා ඉහල ගියා.

තවදුරටත් 07 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ අතර කොරෝනා වෛරසය යලි හිස එසවීමේ අවධානමක් පැවතීම නිසා මුඛ ආවරණ පැලදීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම වැනි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට මහජනතාව දැනුම්වත් කිරීම සඳහා පොලිසිය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top