Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
15
"දුව එක්ක කාලය ගත කරන්න අවශ්‍ය හින්දා මම වැඩිය ගෙදරින් පිට ඉන්න කැමති නැහැ.." - මීනා කුමාරී

- "දුව එක්ක කාලය ගත කරන්න අවශ්‍ය හින්දා මම වැඩිය ගෙදරින් පිට ඉන්න කැමති නැහැ.." - මීනා කුමාරීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14 Views
මම කොළඹ විශාඛා විද්‍යාලයේ තමයි අධ්‍යාපනය ලැබුවේ. විශාඛා විද්‍යාලයේ කලා උළෙලකදී තමයි මම මුලින්ම වේදිකාවට පිවිසුණේ. ඒත් ඒ වෙද්දී විෂය බාහිර ක්‍රියාකාරකම් ගොඩක මම නිරත වෙලා හිටියා. එහෙම ඉඳිද්දී අහම්බෙන් වගේ තමයි ඒ වේදිකා නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණේ. හෙන්රි ජයසේන මහත්තයා, මානෙල් ජයසේන මහත්මිය සහ හයසින්ත් විජේරත්න මහත්මිය තමයි ඒ අවස්ථාවේ විනිසුරු විදියට කටයුතු කළේ. ඇත්තටම ඒ ප්‍රවීණ විනිසුරු මඩුල්ල ඉදිරියේ රඟපෑව පළමු නාට්‍යයෙන් සම්මානයක් හිමි කර ගන්න මට පුළුවන් වුණා.

එතැනින් පස්සේ ඔබ ප්‍රසිද්ධ වේදිකාවට පිවිසුණු විදිය ගැන කතා කළොත්?
ඒ 1989 වසරේ පැවැති යෞවන සම්මාන උළෙලෙදී. “අපරාජිතයෝ” කියන වේදිකා නාට්‍යයේ තමයි මම මුලින්ම රඟපෑවේ. ඊට පස්සේ “මහාමාරිය” කියන වේදිකා නාට්‍යයෙත් රඟපෑවා. ඒ අවස්ථාවෙත් මම ඇගයීමට ලක් වුණා. ඊළඟට සුගතපාල ද සිල්වා මහත්තයාගේ “ශාන්තුවර සෙබලානෝ” කියන නාට්‍යයේ රඟපාන්න මට අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ තමයි ලූෂන් බුලත්සිංහල මහත්මයාගේ “ට්‍රෝජන් කාන්තාවෝ” කියන දැවැන්ත නිර්මාණයේ රඟපාන්න මට අවස්ථාව හිමි වුණේ.

ට්‍රෝජන් කාන්තාවෝ වේදිකා නාට්‍යය ඒ දිනවල විශාල වශයෙන් කතා බහට ලක් වුණා. ඒ ගැන අද ඔබට දැනෙන හැඟීම මොන විදයද?
ඇත්තටම ට්‍රෝජන් කාන්තාවෝ කියන්නේ මගේ ජීවිතයේ එක් සන්ධිස්ථානයක්. මම ඒ නාට්‍යයේ උප ප්‍රධාන චරිතයක් රඟපෑවේ. ප්‍රධාන චරිතය රඟපෑවේ අනෝජා වීරසිංහ මහත්මිය. ප්‍රධාන චරිතය සහ තවත් උප ප්‍රධාන චරිත කිහිපයක් වටා තමයි ඒ කතාව නිර්මාණය වෙලා තිබුණේ. ඒ දවස්වල ඒ නාට්‍යයට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වුණා. ඒ වගේම ට්‍රෝජන් කාන්තාවෝ අරගෙන ඉන්දියාවට පවා යන්න අපිට පුළුවන් වුණා. එහිදිත් ඒ නාට්‍යයට විශාල ප්‍රසාදයක් හිමි වුණා. ඒ වගේම ට්‍රෝජන් කාන්තාවෝ ඉන්දියාවෙදි ඇගයීමටත් ලක් වුණා. දැනුත් ඒ මතක හරිම සුන්දරයි. වේදිකාවේ රඟපෑව ඒ චරිතය ගැන මම එදා වගේම අදත් උපරිම තෘප්තිමත්.

වේදිකාවේ දක්ෂ නිළියක් ලෙසින් ඇගයීමට ලක් වුණත්, මීනා කුමාරි කියන චරිතය වැඩි වශයෙන් ජනප්‍රියත්වට පත් වුණේ ටෙලි නාට්‍ය හරහා. කොහොමද ඔබ පුංචි තිරයට පිවිසෙන්නේ?
1996 වසරෙදි තමයි මම මුලින්ම ටෙලි නාට්‍යයක රඟපෑවේ. ඒ ආරියරත්න ඇතුගල මහත්මයාගේ “තුන්බිය” කියන ටෙලි නාට්‍යය. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ ජෝ අබේවික්‍රම මහත්මයා. ඒ වගේම අපේ රටේ ප්‍රවීණ රංගන ශිල්පීන් කිහිප දෙනෙක්ම එහි රඟපෑවා. ඇත්තමට පළමු ටෙලි නාට්‍යයේදීම ඒ වගේ ප්‍රවීණයන් එක්ක රඟපාන්න ලැබුණු එක මගේ වාසනාවක් කියලා මම හිතනවා. ඊට පස්සේ මම රඟපෑව පරාක්‍රම නිරිඇල්ල මහත්මයාගේ “මිහිමඩල ගිනි වදී” කියන නාට්‍යයත් විශාල වශයෙන් කතාබහට ලක් වුණා. ඒ වෙලාවේ තමයි මට චාන්දනී සෙනවිරත්න මහත්මිය මුණගැහුණේ. ඊට පස්සේ බෝගල සවුන්දිරිස්, ජීවිතයට ඉඩ දෙන්න වගේ අතිශයින් ජනප්‍රිය වුණු ටෙලි නාට්‍ය රැසක රඟපාන්න මට අවස්ථාව ලැබුණා.

වේදිකාව සහ ටෙලි නාට්‍ය හරහා ජනප්‍රිය වුණු මීනා කුමාරි ඊළඟට සිනමාවට යොමු වෙනවා. අපි ඒ ගැන කතා කරමු.
වසන්ත ඔබේසේකර මහත්මයාගේ “අසනි වර්ෂා” තමයි මගේ පළමුවැනි චිත්‍රපටය. ඇත්තටම වසන්ත ඔබේසේකර මහත්මයා වගේ අධ්‍යක්ෂවරයෙක් එක්ක රඟපානවා කියන්නේ කලාව පිළිබඳ විශ්වවිද්‍යාලයකට ගියා හා සමානයි. මොකද අපි ඉගෙන ගනිමින් තමයි ඒ චිත්‍රපටයේ රඟපෑවේ. අපේ රටේ ප්‍රවීණ කලාකරුවකු වන කමල් අද්දරආරච්චි මට මුණගැහුණේ එතැනදි. අසනි වර්ෂා සඳහා මට කුසලතා සම්මානයකුත් හිමි වුණා. ඊට පස්සේ මම වඩාත් කතාබහට ලක් වුණේ “කන්‍යාවි” චිත්‍රපටය හරහා. සනත් ගුණතිලක මහත්මයත් එක්ක තමයි මම එහි රඟපෑවේ. එතැනින් පස්සෙ ආරාධිත රංගන ශිල්පිනියක් විදියට තමයි මම ගොඩක් සිනමා නිර්මාණ සඳහා සම්බන්ධ වුණේ.

වසූදා ටෙලි නාට්‍යයෙන් පස්සේ ඔබට ජාත්‍යන්තර සිනමාව කරා ප්‍රවිෂ්ට වීමේ අවස්ථාව උදා වෙනවා. මං හිතන්නේ ඒක අපේ රටේ කලාකාරිනියකට ලැබුණු දුර්වල අවස්ථාවක්. අපි ඒ ගැන කතා කරමු?
ඇත්තටම ඒක මගේ ජීවිතයේ ලැබුණු විශාල භාග්‍යයක්. ඉතාම ජනප්‍රිය මලයාලම් අධ්‍යක්ෂවරයෙක් වෙන ශාදි නාරායන් කරූන් මහත්මයා තමයි ඒ චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ. ළඟකදී සම්බන්ධ වුණු නිර්මාණයක වීඩියෝ කොටසක් එවන්න කියලා තමයි ඒ අය මුලින්ම කිව්වේ. මට ඒ වෙලාවේ පහසුවෙන් හොයා ගන්න පුළුවන් වුණේ වසූදා. ඒ හින්දා මම එහි කොටස් කිහිපයක් තමයි ඒ අයට යැව්වේ. ඒ චරිතයට අපේ රටේ පස් හය දෙනෙක්ම ඉල්ලුම් කරලා තිබුණත් ඒ අය මාව තෝර ගත්තා. මගේ රංගනය සහ පෙනුම ඒ සඳහා හේතු වුණු බව තමයි පස්සේ මට දැන ගන්න ලැබුණේ.

ජාත්‍යන්තර වශයෙන් කලාත්මක චිත්‍රපටයක් සඳහා සම්බන්ධ වුණු පළමු ශ්‍රී ලාංකික නිළිය ලෙස ඉතිහාස ගත වෙන්න ඒ හරහා මීනා කුමාරිට අවස්ථාව හිමි වෙනවා?
ඒ දවස්වල විචාරකයෝ ඔය ගැන කතා කළා. මීට පෙර මෙවැනි චිත්‍රපටයක් සඳහා ලංකාවෙන් නිළියක් සම්බන්ධ වෙලා නොතිබුණු බව ඒ අය තමයි කිව්වේ. මම ඒ ගැන හරියටම දන්නේ නැහැ. කොහොම වුණත් ශාදි නාරායන් වැනි ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවීණයකුගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබුණු එක මගේ ජීවිතයේ භාග්‍යයක්. මොකද මම ප්‍රසිද්ධ වේදිකාවට එන්න කලින් ඔහුගේ චිත්‍රපට නරඹලා තිබුණා. ඒ හින්දා ඔහු යටතේ චිත්‍රපටය රඟපාන්න ලැබුණු එක මගේ හීනයක් සැබෑ වීමක් කියලයි මම හිතන්නේ.

නොදන්න භාෂාවක් කතා කරන නොදන්න පිරිසක් එක්ක චිත්‍රපටයක රඟපාද්දි ලැබුණු අත්දැකීම මොන වගේද?
ඒ චිත්‍රපටයේ මම රඟපෑවේ කාලි කියන ගොළු චරිතයක්. නමුත් එක්තරා අවස්ථාවක මට වචන කිහිපයක් කතා කරන්න තිබුණා. දෙබස් පාඩම් කර ගෙන මම ඒ කොටස රඟපෑවා. චිත්‍රපටය රඟපාන අතරෙදි නම් මට විදේශ රටක කියලා කිසිම වෙනසක් දැනුණේ නැහැ. ඒ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කළේ කාන්තාවක්. ඇයගෙනුත් අපිට ඉතාම ලොකු සහයෝගයක් ලැබුණා. ඇයට ඒ චිත්‍රපටය සඳහා සම්මානයකුත් හිමි වුණා. නමුත් ලංකාවෙන් කෙනෙක් ගිහින් රඟපෑව එක ගැන පොඩි කැපිල්ලක් වගේ දෙයකුත් තිබුණා. ඒ චිත්‍රපටයේ කතා කළේ බුහු දහම ගැන. ඒ හින්දත් ඒකට පොඩි කැපිලිලක් වගේ තිබුණා. ඒ හින්දා චිත්‍රපටයට නිසි ඇගයීම ලැබුණේ නැහැ කියලා මට හිතෙනවා. ඒ වුණත් ඒ චිත්‍රපටයේ රූගත කිරීම් කරපු කාලය නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. කමලිනී කියන දක්ෂ ජනප්‍රිය දකුණු ඉන්දීය නිළියත් ඒ චිත්‍රපටයේ රඟපෑවා. ඒ හින්දා මේ චිත්‍රපටයේ බොහෝ රූගත කිරීම් නරඹන්න අති විශාල ජන ගංගාවක් ඇවිත් හිටියා. ඒ අය අපේ නම් කිය කිය කෑ ගැහුවා. මම ලංකාවේ කෙනෙක් කියලා වෙනසක් නැහැ. මටත් ඒ ප්‍රතිචාර ඒ විදියටම ලැබුණා. එහෙ ජනතාව තුළ රංගන ශිල්පීන් කෙරෙහි තියෙන ගෞරවය මට හොඳටම තේරුණා. ඇත්තටම ලංකාවෙදි කවදාවත් අත් විඳින්න බැරි අත්දැකීමක් තමයි ඒක. ඒ කාලය හරිම සුන්දරයි. ඒ වගේම ඒ නිෂ්පාදන කණ්ඩායමෙන් ලැබුණු වෘත්තිමය සේවයත් ඒ වගේමයි. ඒ අය මුළු හදවතින්ම සේවයට කැපවෙලා ඉන්නේ.

වර්තමානය වෙද්දී මීනා කුමාරිව වැඩිය දකින්න නැහැ කියලා කවුරුහරි කිව්වොත්?
දකින්න නැතිවම නෙවෙයි. දැන් ක්ෂේත්‍රයේ අලුත් අය ඉන්නවා. ඉතිං ඒ හින්දා ඒ අය පේන්න ඉන්නවා වැඩියි. මම රඟපෑව ටෙලි නාට්‍ය කිහිපයක් පසුගිය කාලයෙදි විකාශනය වුණා. ඒ වගේම මට ලැබුණු ආරාධනා රාශියක් ප්‍රතික්ෂේප කරන්නත් සිද්ධ වුණා. මොකද දුව එක්ක කාලය ගත කරන්න අවශ්‍ය හින්දා මම වැඩිය ගෙදරින් පිට ඉන්න කැමති නැහැ. ඒ හින්දා දුර ප්‍රදේශවල රූගත කිරීම් අඩංගු නිර්මාණ කිහිපයක්ම මම බාර ගත්තේ නැහැ.

චන්දන පොන්නම්පෙරුම
මව්රට
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top