Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
14
"කෞශල්‍යාව නොදැක මම මැරුණොත් මගේ ඇස් දෙක විතරක් වහන්න එපා, අන්තීම මොහොතේ හරි එයා මාව බලන්න එයි..." - කිසිදා දැක නැති තරුණියකගේ කට හඬට, ජීවිතයම පිදූ ජීවාගේ ආදරයේ අවසානය කුමක්ද..? - Video

- "කෞශල්‍යාව නොදැක මම මැරුණොත් මගේ ඇස් දෙක විතරක් වහන්න එපා, අන්තීම මොහොතේ හරි එයා මාව බලන්න එයි..." - කිසිදා දැක නැති තරුණියකගේ කට හඬට, ජීවිතයම පිදූ ජීවාගේ ආදරයේ අවසානය කුමක්ද..? - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,740 Views
කළුපාට සල්වාර් ඇඳපු කෙල්ලෙක්ලු හොයන්න...
 
නම්බුවක් තියෙන කෙල්ලෙක් නම් ආයෙත් මේ අංකයට කතා කරන්න එපා...
 
ලෝකය තැටියකි, ඉර ඇතුළු අනෙකුත් ග්‍රහලෝක පෘථිවිය වට භ්‍රමණය වනවා යැයි කියු කාලයේ සිට ලෝකය ගෝලාකාරයි, සූර්යයා වටායි අනෙකුත් ග්‍රහලෝක භ්‍රමණය වන්නේ යන්න සොයාගෙන වසර ගණනාවක් ගතවී ඇති අතරම මේ වනවිට අප නැනෝ තාක්ෂණික ලොවකට පිවිස ඇත්තෙමු.

එසේ වූවද අදටත් මිනිසා ඉතාම කැමත්තෙන්ම කතා කරන මාතෘකාවකි ප්‍රේමය. එම මාතෘකාව කෙසේ ආරම්භ කළ කෙසේ අවසන් කළ ද එහි රසයෙහි වෙනසක් සිදු වන්නේ නැත. සිනමාව බිහි වූ කාලයේ සිට අද දක්වා බොහෝ ප්‍රේම වෘත්තාන්ත සහිත චිත්‍රපටි බිහිව තිබේ. කෙසේ නමුත් ඉන් අපගේ මතකයේ රැඳෙන්නේ ඉතා අතලොස්සක් වන නිර්මාණ පමණය. එලෙස දමිළ සිනමා ප්‍රේක්ෂකයින්ගේ මනසෙහි රැඳුණ තවත් සිනමා කෘතියක් ලෙස Kaalamellam Kadhal Vaazhga [ කාලම් එල්ලාම් කාදල් වාල්ග] (චිරත්කාලයක් ප්‍රේමය වැජඹේවා) චිත්‍රපටිය හඳුන්වා දිය හැක.
 
යම් කිසි පුද්ගලයෙකුගේ සිතෙහි ප්‍රේමයක් හට ගන්නේ සියලු සීමා මායිම් බිඳදමමින්ය. ඊට ලිංග, ආගම්, ජාති, කුල, දේශසීමා වැනි විශාල බාධක ඉතා දූවිල්ලක් ලෙස පෙනෙයි. එම නිසාම ආදරවන්තයින් එවැනි බාධක සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක තැකීමක් කරන්නේ නැත. ඊට පොදු ව්‍යවහාරයේදී ආදරය අන්ධයි යනු කියනු ලැබේ. එය සාක්ෂාත් කළ තවත් නිර්මාණයකි මෙය.
 
ජීවා යනු මධ්‍යම පංතියක නියෝජනය කරන විශ්වවිද්‍යාලයෙහි ඉගෙනුම ලබන සිසුවෙකි. අන්තර් විශ්වවිද්‍යාලීය තරඟවලියකදී ජීවා සිය ගායන හැකියාව ප්‍රදර්ශනය කිරීමත් සමඟ එහි සිටින කෞශල්‍යා නමැති තරුණියක විසින් දුරකථනය හරහා ඔහුට සුබ පැතුම් එක් කළාය. ඇයගේ මිහිරි කටහඬට වශි වූ ජීවාගේ සිත තුළ ඇය සම්බන්ධයෙන් ඒකපාර්ශවීය ආදරයක් ලෙස වර්ධනය විය. ඊට ඔහු සමඟ සිටි මිත්‍රයන් ද අවස්ථා කිහිපයකදී පිදුරු දැමීමත් සමඟ එම ආදර ගින්න තව තවත් ඇවිලුණි.
 
1997 වසරේදී තිරගත වූ මෙම චිත්‍රපටිය හා බැඳුණු රහසක් ද පවතියි. 1996 වසරේදී අගතියන්ගේ අධ්‍යක්ෂණයෙන් අජිත් කුමාර්ගේ රංගනයෙන් තිරගත වු කාදල් කෝට්ටෛ ඉහමත් ප්‍රසිද්ධියකට ලක් විය. කෙසේ වෙතත් තමන් විසින් උන් නිනෛවාග - [ Un ninaivaga ] (නුඹේ මතකයන් වෙනුවෙන්) යන නාමකරණය යටතේ අඩක් නිම කර ඇති පිටපත සොරකම් කර කාදල් කෝට්ටෛ චිත්‍රපටිය නිර්මාණය කළ බවට කාලම් එල්ලාම් කාදල් වාල්ග (Kaalamellam Kadhal Vaazhga) චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා වන බාලු විසින් චෝදනා කරමින් නීති මාර්ගයට පිවිසීමට තීරණය කරන ලදි. නමුත් එම චිත්‍රපටියේ නිෂ්පාදක සමාගම වන ශිවශක්ති පාණ්ඩියන් ආයතනය තීරණය කරනු ලැබුවේ, ඔවුන්ගේ සමාගම යටතේ බාලුට වෙනත් චිත්‍රපටියකට අවස්ථාවක් ලබා දීමටයි. එම නිසාම බාලු නීතිමය පියවර නොගෙන නිහඬ විය. කාදල් කෝට්ටෛ චිත්‍රපටියේ ගීතයක කොටසක් වන කාලම් එල්ලාම් කාදල් වාල්ග යන නමින් බාලුගේ පිටපත තිරගත විය.
 
ජීවාගේ චරිතය ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂකවරයා විසින් මුරලිව තෝරාගන්නා ලදි. ඊට හේතුව මීට පෙර චිත්‍රපටි කිහිපයක ඔහු විසින් ඉදිරිපත් කළ රංගනයන්ය. ඒක පාර්ශවීය ප්‍රේමවන්තයෙකුගේ චරිතය තාත්වික නිරූපණය කිරීමට ඔහුට වඩාත් සුදුස්සෙකු දමිළ සිනමා ක්ෂේත්‍රයේ නොමැති බැවින්ය. මලයාලම් චිත්‍රපට නිළියක ලෙස කටයුතු කරමින් සිටි කවිතාගේ නම කෞශල්‍යා ලෙස වෙනස් කර දමිළ සිනමාවට හඳුන්වා දෙනු ලැබුවේ ද මෙම චිත්‍රපටිය හරහාය.
 
චිත්‍රපටිය පුරාවට මුරලිගේ ප්‍රේමාන්විත රංගනය වඩ වඩාත් ඉස්මතු වූ අවස්ථා කිහිපයක්ම දැකගත හැකිව තිබුණි. ඊට හේතුව කවදත් දමිළ සිනමාවේ අනංගයා ලෙස හඳුන්වා දෙන ජෙමිණි ගනේෂ්න්ගේ ගුරුහරුකම් නිසාමය. කෞශල්‍යාගේ සීයාගේ චරිතයට පණ පොවනු ලැබුවේ ඔහු විසිනි.
 
ජීවා කිසිදු දිනක කෞශල්‍යා යනු කවරෙක් ද යන්න දැන සිටියේ නැත. නමුත් ඇය හොඳින් ඔහුව හඳුනාගෙන සිටියාය. දහසක් තරුණියන් මධ්‍යයෙහි වූව ද ඇයගේ කට හඬ හඳුනාගැනීමේ හැකිව ජීවා සතුව තිබුණි. අවස්ථා කිහිපයකදී ඇයට ජීවාව හමුවී කතා කිරීමට අවස්ථාවක් ලැබුණ ද, ඇය ඔහුගේ ඈත්ව ගියේ මන්ද යන්න සම්බන්ධයෙන් හේතුව දන්නේ අධ්‍යක්ෂ බාලු පමණය. චිත්‍රපටියේ ප්‍රේක්ෂකයා ඉවත්ව යන සෑම අවස්ථාවකදීම ජීවා අසලින් කෞශල්‍යා ගමන් කරයි. නමුත් ඔවුන් එකිනෙකා හමුවන්නේ නැත. ඒ අවස්ථාවට සංගීත අධ්‍යක්ෂක දේවාගෙන් ලැබුණේ ඉතා වටිනා සහයකි. අපි තුළ සිටින ආදරවන්තයා අවදි කිරීමට තරම් එය ප්‍රබල විය. මෙම චිත්‍රපටිය සම්බන්ධයෙන් කතා කිරීමේදී දේවා සම්බන්ධයෙන් නොකියාම බැරි තරම්ය. දෙබස නොමැති අවස්ථාවලදී පවා ඔහුගේ සංගීතය එතරම් තදින් හදවත දැනුණ අවස්ථා ද තිබුණි.
 
කෞශල්‍යාගේ හඬ ඇසුණු විට ජීවාගේ හදවතෙහි හටගත් ආදරය, ඇයගේ සිතෙහි ඇති වූයේ කුමන අවස්ථාවකදැයි අධ්‍යක්ෂකවරයා සෘජුවම ප්‍රකාශ කළේ නැත. ඉන් කාන්තාවකගේ සිතෙහි ඇති ගුප්ත ස්වභාවය බාලු නිවැරදිව තේරුම් ගෙන සිටියා යැයි කීමට තවත් අටුවාටීකා අවශ්‍ය නැතැයි සිතමි.
 
දමිළ චිත්‍රපටියක සාම්ප්‍රදායික සන්දර්භය මෙහි ද ගැබ්ව තිබුණි. විහිළු, සටන් ජවනිකා, ගීත, ශෝකය සියලු කරුණු චිත්‍රපටියේ ධන ලකුණු බවට පත්ව තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙසම මෙය දින 275කට අධික කාලයක් ජයග්‍රාහි ලෙස තිරගත විය. මින් සතුටට පත් නිෂ්පාදක සමාගම බාලු සමඟ තවත් චිත්‍රපටියක් කිරීමට තරම් එකඟ විය.
 
චිත්‍රපටියේ සියලු කරුණු ධනාත්මක යැයි කීව ද, එහි තිබු එක් සටන් ජවනිකාව ද ඉවත් කර තිබුණේ නම් වඩාත් යහපත් යැයි සිතමි. මන්දයත් එය චිත්‍රපටියේ කතාවට කිසිදු සම්බන්ධයක් නොතිබීම හේතුවෙන්ය. කෙසේ නමුත් සිනමා කෘතිය තිරගතවී මේ වනවිට වසර 23ක් ගතවී අවසන් නමුත් අදට වුව ද කිසිදු බාධාවකින් තොරව එය රසවිඳිය හැකි නිර්මාණයකි. අනතුරුව මෙය කර්ණාටක භාෂාවෙන් ද ප්‍රතිනිර්මාණය වීම විශේෂත්වයකි.
 
සටහන ජෙගන් ගනේෂන්


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top