Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
14
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු තහවුරු වෙයි - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2665 දක්වා ඉහළට - UPDATE

- තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු තහවුරු වෙයි - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2665 දක්වා ඉහළට - UPDATEHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,891 Views
කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2665 දක්වා ඉහළගොස් තිබෙනවා.

තවත් කොරෝනා ආසාදිතයෙකු තහවුරු වෙයි - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2663 දක්වා ඉහළට - UPDATE
2020-07-14 20:32:58
තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2663 දක්වා ඉහලගොස් ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

-------------

තවත් කොරෝනා ආසාදිතයෙකු තහවුරු වෙයි - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2662 දක්වා ඉහළට - UPDATE

2020-07-14 20:20:58
තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2662 දක්වා ඉහලගොස් තිබෙනවා.
------------------
තවත් කොරෝනා ආසාදිතයන් 4 දෙනෙකු තහවුරු වෙයි - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2661 දක්වා ඉහළට - UPDATE

2020-07-14 19:45:58
තවත් කොරෝනා ආසාදිතයන් 4 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2661 දක්වා ඉහළගොස් තිබෙනවා.
--------------------------------
තවත් කොරෝනා ආසාදිතයන් 4 දෙනෙකු තහවුරු වෙයි - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2657 දක්වා ඉහළට

2020-07-14 19:28:58
තවත් කොරෝනා ආසාදිතයන් 4 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2657 දක්වා ඉහළගොස් තිබෙනවා.

මෙම ආසාදිතයන් සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තාවන ආසාදිතයන් බවටයි සඳහන් වන්නේ.

ඒ අනුව මේ වනවිට අද දිනයේ වාර්තාවී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 11ක්.

මෙම ආසාදිතයින් අතර ඕමානයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි තුන්දෙනෙකු සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තාවූ ආසාදිතයින්ගේ රාජාංගණය, ලංකාපුර සහ කුණ්ඩසාලේ ප්‍රදේශවල පදිංචි ආශ්‍රිතයන් සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තාවූ කොරෝනා පොකුරට අදාළව පුද්ගලයන් 800 දෙනෙකු පමණ මේ වනවිට නිරෝධායනයට ලක් කර තිබෙනවා.

එසේම එහි ආශ්‍රිතයින් හේතුවෙන් සංචරණ සීමා පනවනු ලැබූ අනුරාධපුර - රාජාංගනය - යාය එක, තුන සහ පහ ප්‍රදේශවලින් පමණක් මේ වනවිට තහවුරු කරගෙන ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 16 ක්.

මේ අතර බොරැල්ල - මැගසින් පාරේ පදිංචිකරුවන් 50 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ අද කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් සිදුකරනු ලැබුවා.

එසේම රාගම පෞද්ගලික රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇති බවත්, ඔහු රජයේ රෝහලක ප්‍රතිකාර ලබන බවත් එම රෝහල නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

එහි දැක්වෙන්නේ අදාළ පුද්ගලයා පසුගිය දිනවල කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආරාධිත දේශකයෙකු ලෙස සහභාගිවී ඇති බවයි.

එසේම කොළඹ 2 ඩබ්ලිව්.ඒ.ඩී. රාමනායක මාවතේ පිහිටි මොබිටෙල් පෞද්ගලික ජංගම දුරකථන ජාල ශාඛාව තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව එම සමාගම නිවේදනය කළ අතර, ඊට හේතුවී තිබුණේ ආසාදිතයෙකු බවට සැකකරන පුද්ගලයෙකු සමඟ සබඳතා පැවැත්වූ තුන්වන පාර්ශවයේ පුද්ගලයෙකු එහි පැමිණ තිබීමයි.

මේ අතර ගම්පහ පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකුට සහ ඔහුගේ රියදුරෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති අතර, ඉන් ටිකිරිරාජ මාවතේ පදිංචි රියදුරා පසුගිය හත්වනදා ගම්පහ අධිකරණයේ පැවති නඩු කටයුත්තකටද සහභාගි වී ඇති බවටයි අනාවරණ වන්නේ.

මේ අනුව ගම්පහ දිසා අධිකරණයේ කටයුතු තාවකාලිකව නතර කිරීමට සෞඛ්‍ය අංශ අද පෙරවරුවේ පියවර ගත් අතර, ඔවුන් සමඟ සමීප සබඳතා පැවැත්වූ පවුල් 13 කට අයත් 50 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමටද පියවර ගැනුනා.

එසේම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හමුදා නිලධාරියෙකුට වෛරසය ආසාදිත බව තහවුරුවීමත් සමඟ කැකිරාව කිතුල්හිටියාව ප්‍රදේශයේ පවුල් 7 කට අයත් පුද්ගලයින් 30 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

අදාළ හමුදා නිලධාරියාගේ බිරිඳ ඇතුලූ තවත් පවුලේ සාමාජිකයින් 14 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

කොරෝනා ආසාදිත කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිවිල් සේවකයෙකු පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සේවය ලබාගැනීමට පැමිණ ඇති බව අනාවරණ වීමත් සමඟ එම කාර්යාලයේ සේවකයින් 10 දෙනෙකු ඇතුලු 15 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

කන්දකාඩු යුද හමුදා කඳවුරේ සේවය කළ යුද හමුදා සෙබලෙකු පසුගිය 12 වනදා තංගල්ල - පට්ටියපොල ප්‍රදේශයේ පිහිටි නිවසට පැමිණ ඇති අතර, ඔහු ආසාදිතයෙකු ලෙස වාර්තාවීම හේතුවෙන් තංගල්ල නගරයේ ඔහු ආගිය වෙළඳසැල් ඇතුලු ස්ථානවල සේවකයන් නිරෝධායනය කිරීමට සෞඛ්‍ය නිලධාරීන් පියවර ගත්තා.

මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවයේ නියුතු හෝමාගම - කැන්දලන්ද සහ ගොඩගම ප්‍රදේශවල පදිංචි යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ ඔවුන් සමීපව ඇසුරු කළ පවුල් 7 ක පුද්ගලයන් 30 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

එසේම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට නිවාඩු ලබා පැල්මඩුල්ල - නාරංගොඩ පිහිටි සිය නිවසට පැමිිණි හමුදා නිලධාරියෙකු ඇසුරු කළ කහවත්ත - ඇන්දාන ප්‍රදේශයේ පවුල් හතක පුද්ගලයන් 22 කු නිරෝධායනයට යොමුකර ඇති බව සඳහන්.

එසේම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රාජකාරි කරන පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර, පසුගියදා ඔහු කලවාන - හරංගල පිහිටි සිය බිරිඳගේ නිවසට ගොස් ඇති බැවින් එම නිවසේ සාමාජිකයන් ඇතුලු 11 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබෙනවා.

මීට අමතරව කොරෝනා ආසාදිතයෙකු පැමිණි බවට වාර්තාවීම හේතුවෙන් කලවාන නගරයේ වෙළඳසැල් බොහොමයක් වසා දැමීමට කටයුතු කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

මේ අතර නිලධාරිනියක, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශන කටයුතු සඳහා සහභාගිවීම හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිණුම් අංශය තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගත්තා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ 3,000 කට ආසන්න පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණයක් සිදුකර ඇති බවයි.

එසේම මෙම කාලසීමාව තුළදී ජනතාව අත්‍යාවශ්‍ය නොවන ගමන්වලින් වැළකී සිටිය යුතු බවද ඔහු පෙන්වා දෙනවා.

මේ අතර කොරෝනා දෙවන රැල්ලක් වළක්වාගැනීම පිළිබඳව ඊයේ රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ විධායක සභාවේ විශේෂ අවධානය යොමුව තිබූ අතර, ඔවුන් ඊට අදාළ යෝජනා මාධ්‍ය වෙත නිකුත් කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top