Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
14
"කකුල මොකෙක්දෝ කෑවා.." - විෂඝෝර සර්පයින් දෙදෙනාම රුපියල් 20,000යි - සැමියා සුරජ් විසින්, සිය බිරිඳ වන උත්තරාව නිදි යහනේදීම සර්පයෙකු ලවා දෂ්ඨ කරවමින් අවසන් ගමන් යැවූ ඇඟ ලොමු දැහැගැන්වෙන කතාව - Photos

- "කකුල මොකෙක්දෝ කෑවා.." - විෂඝෝර සර්පයින් දෙදෙනාම රුපියල් 20,000යි - සැමියා සුරජ් විසින්, සිය බිරිඳ වන උත්තරාව නිදි යහනේදීම සර්පයෙකු ලවා දෂ්ඨ කරවමින් අවසන් ගමන් යැවූ ඇඟ ලොමු දැහැගැන්වෙන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,125 Views
ඇයට දෂ්ඨ කර තිබුණේ "ඇනීමේ" නමින් හඳුන්වන විෂ ඝෝර සර්පයෙක්!
 
හිත්පිත් නොමැතිව ඈව ඝාතනය කරන්නට හේතු වූයේ දෑවැද්ද ද?
 
උත්තරාගේ ඥාතීන් පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සටහන් වූ දේ..?
 
බස්නාහිර පළාතේ ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් නයි නටවන්නෙක් ලවා සිය බිරියගේ ඇඟට පොළඟෙක් දමා දෂ්ඨ කරවා මරා දැමීමට ගත් උත්සහය රටේ විශාල ආන්දෝලනයට ලක්වුණා.
 
අද ඒ හා සමාන සිදුවීම් ගණනාවක් දකුණු ඉන්දියාවේ සිදුවන බව පසුගිය කාලය පුරා වාර්තා වුනා. මෑතකදී එවැනිම සිද්ධියක් වාර්තා වූයේ කේරළ ප්‍රාන්තයේ කොල්ලම් දිස්ත්‍රික්කයේ අන්ජල් නම් වූ ප්‍රදේශයෙන්.
 
එම සිදුවීම වාර්තා වූයේ දකුණු ඉන්දියාවේ දැවැදී ඉල්ලා සැමියන් භාර්යාවන්ට සිදු කරන හිංසනයන් හි තවත් පියවරක් ලෙසයි.

අන්ජල් ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි උත්තරා නැමැත්තිය පුද්ගලික ආයතනයක ලිපිකාරිනියක් ලෙස සේවය කළා. 2018 දී සුරාජ් නැමැත්තා සමඟ විවාහ වී සිටි ඇය මිය යන විට එක්දරු මවක්. ඇය පදිංචිව සිටියේ කේරළ ප්‍රාන්තයේ පරක්කෝඩු නම් ප්‍රදේශයේ පිහිටි නිවසේ යි.
 
මසකට පමණ පෙර දිනක සිය සැමියා සමඟ ඇඳේ නිදා සිටි උත්තරා "කකුල මොකෙක්දෝ කෑවා.." යැයි විලාප නඟමින් නැගිට්ටා. ඇගේ ඥාතීන් කාමරයට ඇතුළු වී කඩිනමින් ඇයව රෝහලට රැගෙන ගියා. එහිදී වෛද්‍යවරු පරීක්ෂා කර ඉන්දියාවේ "ඇනීමේ" නමින් හඳුන්වන විෂ ඝෝර සර්පයෙක් දෂ්ඨ කර ඇති බව නිගමනය කළා.
 
සර්පයෙන් දෂ්ඨ කර ඇති බව අනාවරණය වීමෙන් පසු ඇයව තිරුවල්ලා ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ශීක්ෂණ රෝහලකට ඇතුළත් කර දින 16ක් ප්‍රතිකාර කිරීමෙන් පසු රෝහලෙන් නිදහස් වූ උත්තරා තවදුරටත් බාහිරව ප්‍රතිකාර ලබා ගැනීමට තිබූ නිසා ඇගේ දෙමව්පියන්ගේ නිවසේ නවාතැන් ගත්තා.
 
මෙසේ සිය මවගේ නිවසේ සිටියදී යළිත් සර්පයෙක් දෂ්ඨ කිරීමෙන් ඇය පසුගියදා මිය ගියා. ඇගේ මිය යාම ඉන්දියාව පුරා ආන්දෝලනයක් ඇති කරන්නට සමත් වුණා.
 
මේ මරණය ගැන සැක පහළ කළ උත්තරාගේ ඥාතීන් අන්ජල් පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් උත්තරාගේ සැමියා වන සුරාජ් නිවසට පැමිණ ගිය දවසේම දෙවන වතාවට ඇයට සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් සිදු වූ ඇගේ මරණය ගැන උත්තරාගේ සැමියා වන සුරජ් ගැන සැකයක් ඇති වන බව සඳහන් කර තිබුණා.
 
ඇගේ ඥාතීන් කියා සිටියේ එදින උත්තරා නතර වී සිටියේ සිය දෙමව්පියන් ගේ නිවසේ දෙවන මහළේ පිහිටි වායු සමනය කරන ලද කාමරයක යි. එම කාමරයේ සියලු දොර ජනේල අගුළු දමා තිබුණා. කිසි දිනෙක එම කාමරවල ජනේල විවෘත කරන්නේ ද නැහැ. උත්තරා මිය යන්නට පෙර දිනයේදී ඇගේ සැමියා වූ සුරජ් ද පැමිණ තිබෙනවා.
 
එදින රාත්‍රීයේ ඒ දෙදෙනා එකම කාමරයේ නිදා සිටි අතර සුරජ් පසුදින පාන්දර පහයි තිහට පමණ නිවසින් පිටව ගොස් තිබුණා. උත්තරාගේ මව උත්තරාව නැගිට්ටවන විට ඇය නැගිට්ටේ නැති නිසා බියට පත් නිවැසියන් ඇයව ඒ ගමන්ම රෝහලට රැගෙන ගිය අතර ඒ වන විටත් ඇය මියගොස් සිටි බව වෛද්‍යවරු සඳහන් කළා.
 
වෛද්‍ය පරීක්ෂණයේදී ඇගේ කකුල සර්පයෙක් දෂ්ඨ කර තිබෙනු දක්නට ලැබුණා. නිවසට ගොස් බලන විට ඇගේ කාමරයේ විෂ ඝෝර සර්පයෙක් සිටිනු දැක උත්තරා කෑ ගසන විට එම ස්ථානයට පැමිණි සුරජ් සර්පයාව කිසිදු බියකින් සැකයකින් තොරව අතින් අල්ලා ගෝනියක දමාගෙන එළියට ගෙන ගිය පුවත කල් තියාම උත්තරා දෙමව්පියන්ට කියා තිබුණා.
 
උත්තරා සුරජ් හා විවාහ වන විට ඇය වෙනුවෙන් ඇගේ දෙමාපියන් දැවැදි ලෙස රත්‍රං පවුමේ සියයක්, රුපියල් ලක්ෂ පහක්, ඉඩකඩම්, කාර් රථයක් ඇතුළු සම්පත් ලබා දී තිබුණා.
 
එසේ තිබියදීත් ඒ දැවැද්ද මදි කියමින් සුරජ් උත්තරාට දව වධ දෙමින් හිරිහැර කර තිබුණා. මෙසේ හිරිහැර කරන ලද සුරජ් විසින් සර්පයෙකු යොදාගෙන මේ ඝාතනය සිදු කරන්නට ඇති බව ඥාතීන් කළ පැමිණිල්ලේ සඳහන්.
 
එම පැමිණිල්ල අනුව පොලිසිය දින දෙකක් තුළ සුරජ්ව අත්අඩංගුවට ගනු ලැබුවා. එහිදී අනාවරණය වූයේ තම බිරිය සර්පයෙක් ලවා දෂ්ඨ කරවා මරා දැමීමට දෙවතාවක් උත්සහ කළ බවත්, ඒ සඳහා රුපියල් 10, 000 බැගින් ගෙවා සර්පයින් දෙදෙනෙකු මිලදී ගත් බවයි.
 
ටී. චන්ද්‍රසේකර විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක්...


 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top