තවත් ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2653 දක්වා ඉහලගොස් තිබෙනවා.
ඔවුන් කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් හා සම්බන්ධ වූ කුණ්ඩසාලේ ප්‍රදේශයේ දෙදෙනෙකු බවයි වාර්තාවන්නේ.
UPDATE: මෙරටින් හමුවූ COVID-19 ආසාදිතයින් ගණන තවත් ඉහළට
2020-07-14 15:42:03
තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2651 දක්වා ඉහළගොස් තිබෙනවා.
එම ආසාදිතයන් රාජාංගනය සහ ලංකාපුර ප්‍රදේශවලින් වාර්තාවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.
UPDATE:
මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2649 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, තවත් නව ආසාදිතයින් තිදෙනෙක් හමුවීමත් සමඟයි.
මොවුන් තිදෙනා ඕමානයේ සිට පැමිණි අය බවයි වාර්තා වන්නේ.