Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
14
PCR පරීක්ෂණ-වලට ගෙන ආ රැඳවියා රෝහලේ 8 වන මහළින් ඇද වැටී ජිවිතක්ෂයට පත් වුනු හැටි - කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ 800ක් ගැන යුද හමුදාපතිවරයා කළ දැනුම් දීම - මෙරටින් හමුවූ අලුත්ම කොවිඩ් පොකුර ගැන සම්පූර්ණ විස්තරේ මෙන්න - Video

- PCR පරීක්ෂණ-වලට ගෙන ආ රැඳවියා රෝහලේ 8 වන මහළින් ඇද වැටී ජිවිතක්ෂයට පත් වුනු හැටි - කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ 800ක් ගැන යුද හමුදාපතිවරයා කළ දැනුම් දීම - මෙරටින් හමුවූ අලුත්ම කොවිඩ් පොකුර ගැන සම්පූර්ණ විස්තරේ මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,981 Views
සමස්ථ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 2646 ක් දක්වා ඉහළට..
 
කිතුල්හිටියාව ප්‍රදේශයේ පවුල් 7කට අයත් පුද්ගලයින් 30 දෙනකු ස්වයං නිරෝධායනයට..
 
ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම තාවකාලික අත්හිටුවීමට රජය තීරණය කරයි..
 
කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්තායෙන් වාර්තා වූ කොවිඩි 19 පොකුරට අදාලව පුද්ගලයින් 800කට ආසන්න පිරිසක් මේ වන විට නිරෝධායනයට ලක් කර තිබෙන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
 
මේ අතර ඊයේ වාර්තා වූ නව ආසාදිතයින් 29 දෙනාද සමගින් සමස්ථ කොවිඩ් 19 අසාදිතයින් සංඛ්‍යාව 2646ක් දක්වා ඉහළ ගියා.

මේ අතර, පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර ගත රැඳවියන් අධිකරණ ක්‍රියාමාර්ග සඳහා රැගෙන යාම තාවකාලිකව අත්හිටුවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
 
ඒ අනුව අධිකරණ කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදුවනු ඇති.
 
නව කොවිඩ් 19 ආසාදිතයින් 29 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගැනීමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 2646 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
ඉන් 14 දෙනෙකු කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් සහ හමුවූ අතර , තවත් 11 දෙනෙකු තහවුරු කර ගැනුණේ සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන්.
 
මීට අමතරව රාජාංගනය ප්‍රදේශයෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වුණා.
 
මාලදිවයිනේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වන පුද්ගලයින් දෙදෙනෙක් අනෙක් ආසාදිතයින් ලෙස වාර්තා වුණා.
 
දැනට කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් සහ එහි ආශ්‍රීතයින් අතරින් 519 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදිත බවට හදුනාගෙන තිබෙනවා.
 
එම පිරිසෙන් 440 දෙනෙකුම රැදවියන් වන අතර තවත් 60ක් එහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්.
 
මීට අමතරව පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආශ්‍රීතයින් ලෙස වාර්තා වූ පුද්ගලයින් 19 දෙනෙකුටද වෛරසය ආසදන වී තිබෙන බවට තහවුරු වුණා.
 
සෞඛ්‍ය අංශ පවසන්නේ කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආශ්‍රීතයින් හේතුවෙන් සංචරණ සීමා පැනවූ අනුරාධපුර - රාජාංගනය යාය 1,3 සහ 5 යන ප්‍රදේශවලින් පමණක් කොවිඩි 19 රෝගීන් 16 දෙනෙකු තහවුරු කරගෙන ඇති බවයි.
 
මේ අතර, කැකිරාව කිතුල්හිටියාව ප්‍රදේශයේ පවුල් 7කට අයත් පුද්ගලයින් 30 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිළදාරීන් කටයුතු කළා.
 
ඒ කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ හමුදා නිළධාරියෙකුට වෛරසය ආසාදිත බවට තහවුරු වීමත් සමගයි.
 
අදාල හමුදා නිළධාරියාගේ බිරිඳ ඇතුලු තවත් පවුලේ සාමාජිකයින් 14 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානට යොමු කර තිබෙනවා.
 
කන්දකාඩු යුද හමුදා කඳවුරේ සේවය කල යුද හමුදා සෙබලෙකු පසුගිය 12 වැනිදා තංගල්ල පට්ටියපොළ ප්‍රෙද්ශයේ පිහිටි නිවසට පැමණ තිබෙනවා. 
 
ඔහුට කොවිඩි 19 ආසාදිත බවට වාර්තා වීම හේතුවෙන් ඔහු තංගල්ල නගරයේ සංචාරය කළ වෙළදසැල්, බැංකුවක් සහ කොන්ඩා කපන ස්ථානයක් හදුනාගෙන එම ස්ථාන වල සේවය සදහා පැමිණ පිරිස් නිරෝධායනය කිරීමට සෞඛ්‍ය නිළධාරීන් පියවර ගත්තා.
 
මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොවිඩි 19 ආසාදිතව සිටි තවත් සාමාජිකයින් තිදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් විලින් පිටව යාමත් සමග වෛරසයෙන් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 898ක් දක්වා ඉහළ ගියා.
 
ඒ අනුව තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ වෛරසය ආසාදිත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 9 දෙනෙකු පමණයි.
 
මේ අතර මීගමුව බන්ධනාගාරයේ සිට මීගමුව රෝහලට රැගෙන ආ රැදවියෙකු රෝහලෙන් පැන යාමට තැත් කිරීමේදී එහි 8 වන මහලෙන් ඇඳ වැටී ජීවීතක්ෂයට පත්ව තිබෙනවා.
 
පොලිසිය සඳහන් කළේ අදාළ රැඳවියා PCR පරික්ෂාවක් සඳහා රෝහලට රැගෙන පැමිණි අවස්ථාවේ මෙලෙස පැන යාමට තැත් කර ඇති බවයි.
 
අදාල රැදවියා බන්ධනාගාර ගත කර ඇත්තේ මත්කුඩු දෙචාදනාවක් සම්බන්ධයෙන් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
 
මේ අතර ගෝලීය වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ජෝර්දානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 285 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ යානයක් අද අලුයම දිවයිනට පැමිණියා.
 
එම පිරිස නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරුණේ ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීම PCR පරික්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුවයි.
 
මේ අතර අද සිට නැවත දැනුම් දෙන තුරු විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම තාවකාලික අත්හිටුවීමටද රජය තීරණය කර තිබෙනවා.
 
මේ වන විට මෙරටින් වාර්තාවන කොවිඩ් 19 තත්ත්වයයි මේ.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top